අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය ආසන්නයේ වෙඩි තැබීමක්
- News Room
- 7 hours ago
- 1 min read

අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය ආසන්නයේ අද (04) උදෑසන වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
අද උදෑසන 10.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු වී ඇති අතර, වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා මේ වන විට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ.
අදාළ පුද්ගලයා අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 'කරන්දෙණිය සුද්දා' නැමැත්තාගේ ඥාතියෙකු බවට ද අනාවරණය වී ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් 04 ක් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.






Comments