අමෙරිකානු තානාපතිනිය හා අග්‍රාමාත්‍යතුමිය අතර හමුවක්
- News Room
- 14 hours ago
- 1 min read

ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි Julie Chung සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පවත්වා තිබෙනවා.
ඒ අනුව, මෙම හමුවේ දී තානාපතිනිය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කරනු ලබන සාම බලකා (Peace Corps) අධ්‍යාපන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන පිළිබඳවත්, අනෙකුත් සහයෝගීතා වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳවත් සඳහන් කර ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.
ජාත්‍යන්තර අධ්‍යාපනික හා සංස්කෘතික හුවමාරුව මුල් කර ගනිමින් එක්සත් ජනපද රජය විසින් ගෙන යන ප්‍රමුඛ ශිෂ්‍යත්ව වැඩසටහනක් වන ‘ෆුල්බ්‍රයිට්’ ශිෂ්‍යත්ව වැඩසටහන, රටවල් 160 කට වැඩි ගණනක සිසුන් සහ විද්වතුන් සඳහා අධ්‍යයන කටයුතු, ඉගැන්වීම්, පර්යේෂණ, අදහස් හුවමාරු කර ගැනීම සහ අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය කර ගැනීමට අවස්ථාවක් ලබා දෙන අතර, ඒ සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සූදානම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව සහ ජාතික අධ්‍යාපන ආයතනය යන ක්ෂේත්‍රයන් හි තාක්ෂණික විශේෂඥතා සහාය වැඩි කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් අවධාරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.






Comments