අමරකීර්ති අතුකෝරළ ඝාතන සිද්ධියේ සැකකරුවන් 12කට මරණ දඬුවම
- News Room
- Feb 11
- 1 min read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 12 දෙනකුට ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා.
ඒ අනුව, අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය බෙදුනු තීන්දුවක් ලෙස මෙම නියෝගය ප්‍රකාශයට පත්කර තිබෙනවා. එසේම තවත් සැකකරුවන් සිව් දෙනෙක්ට නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් වීමේ චෝදනාව යටතේ මාස 06 ක සිර දඬුවමක් නියම කරමින් එය වසර 05 කට අත්හිටුවීමට ද නියෝග කර තිබෙනවා.
ඊට අමතරව, සැකකරුවන් 23 දෙනෙක් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
පසුගිය අරගලය සමයේ, 2022 මැයි මස 09 වැනි දින නිට්ටඹුව ප්‍රදේශයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ අයට පහර දී ඝාතනය කළ බවට චෝදනා කරමින් 42 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණා.




Comments