අර්ජුන රණතුංගට හා ධම්මික රණතුංගට අධිචෝදනා
- News Room
- Mar 23
- 1 min read

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ඇමැති අර්ජුන රණතුංගට හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංගට කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා භාරදී තිබෙනවා.
ඉන් අනතුරුව එම විත්තිකරුවන් රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළ අතර, පසුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මැයි මස 15 වැනිදා කැඳවන ලෙසටද නියෝග කර තිබෙනවා.
2017 - 2018 අතර මාස හයක කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් මෙරටට අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීමට නියමිතව තිබුණු දිගුකාලීන ටෙන්ඩර් 03 ක් අවලංගු කර, ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් 27 ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලැස්වීම තුළින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800 කට ආසන්න පාඩුවක් සිදු කිරීම සහ ඊට ආධාර අනුබල ලබාදී ඇතැයි යන චෝදනා විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙනවා.




Comments