ආනයනය කළ පළමු සහල් තොගය වෙළෙඳපොළට
- News Room
- Dec 12, 2024
- 1 min read

පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. ඊයේ (11) දිනයේ මෙරටට ආනයනය කරන ලද පළමු සහල් තොගය රේගුවෙන් මුදාහැරීමට කටයුතු කර ඇති බවයි සඳහන් වෙන්නේ. රට තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයනය කිරීම සඳහා රජය විසින් පසුගියදා අවසර ලබාදී තිබුණා. ඒ අනුව ආනයනකරුවන් විසින් සහල් ආනයනය කිරීමට පියවර ගත් අතර ඊයේ දිනයේදී සහල් කිලෝ 75,000 ක් රේගුවෙන් මුදාහැර ඇති බවයි සඳහන් වෙන්නේ.
Comments