top of page

ආරුක්කු නවය පාලමේ ජල කාන්දුවක්



උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල, ආරුක්කු 9 පාලමේ ජල කාන්දුවක් පවතින බව වාර්තා වෙයි. අධික වර්ෂාව පවතින දිනවල දී එම ජල කාන්දුව දැක ගැනීමට හැකි වන බව සඳහන්ය.

ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර 1921 වසරේ දී මෙම ආරුක්කු 9 පාලම ඉදිකර ඇති අතර එය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනයට ලක්වූ ස්ථානයක් ලෙස සැලකේ. අධික වර්ෂාව පැවති පසුගිය දින කිහිපය තුළ පාලමේ එක් ස්ථානයකින් ජල කාන්දුවක් නිරීක්ෂණය වූ බව එහි ස්වේච්ඡා ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරන ඩබ්ලිව්. එම් සුමනසේන මහතා සඳහන් කළේය.

මේ අතර ඇල්ල, ආරුක්කු 9 පාලම ආසන්නයේ පවතින ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයාබලා එහි අනවසර ඉදිකිරීම් ඇත්නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page