ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට සෙනෙට් සභාව අසමත් වෙයි
- News Room
- 7 minutes ago
- 1 min read

ඉරානය සමග යුද්ධ කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතු බලය සීමා කිරීම අරමුණු කරගත් ද්විපාර්ශ්වික යෝජනාවක් අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්ව තිබෙනවා.
මේ වන විටත් දෙරට අතර ප්‍රහාරයන් අඛණ්ඩව සිදුවෙමින් පවතිනවා. යුද බලතල සම්බන්ධ මෙම පියවර ඡන්ද 53-47ක් ලෙස පරාජයට පත් වූයේ ප්‍රධාන වශයෙන් පක්ෂ දේශපාලන පදනම මතයි.
මෙම යෝජනාව සම්මත වූයේ නම්, කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඉරානය තුළ සිදුකරන අමෙරිකානු හමුදා ක්‍රියාමාර්ග නතර කිරීමට ඉඩ ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී පාර්ශවය (Democrats) තර්ක කරන්නේ ට්‍රම්ප් කොන්ග්‍රස් මණ්ඩලය නොසලකා හැර ඇති බවත්, යුද්ධය සඳහා විවිධ අවස්ථාවල පරස්පර හේතු ඉදිරිපත් කර ඇති බවත්.
බොහෝ රිපබ්ලිකන් පාක්ෂිකයන් මෙම යෝජනාව අවහිර කළ නමුත්, ඉදිරි සතිවලදී යුද්ධය ව්‍යාප්ත වුවහොත් තමන් සිය ස්ථාවරය වෙනස් කරන බව ඔවුන්ගෙන් ඇතැමෙක් පවසා තිබෙනවා.




Comments