top of page

ඇමෙරිකාව චීනයට එරෙහි බද්ද 245% දක්වා වැඩි කරයි



අමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා පැන වූ සමස්ත තීරුබදු ප්‍රතිශතය 245% ක් දක්වා ඉහළ දමා ඇති බවට ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා. අමෙරිකාව පැනවූ තීරුබදු සඳහා චීනය දක්වන දැඩි විරෝධී ක්‍රියාකලාපය හේතුවෙන් මෙම බදු ඉහළ දැමීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අමෙරිකාව මීට පෙර චීන භාණ්ඩ සඳහා 145% ක සම්පූර්ණ තීරුබදු පැනවීමට කටයුතු කළ අතර ඊට ප්‍රතිචාර ලෙස චීන රජය විසින් එරට ගුවන් සමාගම් සඳහා ඇමරිකාවේ බොයිං ගුවන්යානා ඇණවුම් කිරීම අත්හිටුවීමට උපදෙස් ලබා දී තිබුණා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page