ඉස්තාන්බුල් ඊශ්‍රායල කොන්සල් කාර්යාලය අසල වෙඩි තැබීමක්; තිදෙනෙක් ජීවිතක්ෂයට
- News Room
- Apr 7
- 1 min read

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි ඊශ්‍රායල කොන්සල් කාර්යාලය අසල වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වෙනවා. බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ, මෙම සිදුවීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත්. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදු කර නොමැත. එසේම මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි තුර්කි අධිකරණ අමාත්‍යාංශය තහවුරු කර තිබෙන්නේ.




Comments