top of page

ඊජිප්තු රතු මුහුදේ සබ්මැරීනයක් අනතුරට පත්වෙයි; 6ක් ජීවිතක්ෂයට



ඊජිප්තු රතු මුහුදේ සබ්මැරීනයක් අනතුරට ලක්වීමෙන් සංචාරකයින් 6 දෙනෙකු මියගොස් ඇති බව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ නමුත් අනතුරෙන් 39 දෙනෙකුම බේරාගැනීමට ගලවාගැනීමේ මෙහෙයුම්හි නිරතව සිටි නිලධාරින්ට හැකි වූ බව ඊජිප්තුව තහවුරු කර ඇත.

ඊජිප්තුවේ හුර්ගාඩා වෙරළට කිලෝමීටරයක් ​​පමණ දුරින් වූ මුහුදේ දී මෙම අනතුර සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී එම සබ්මැරීනයේ රුසියානු, නෝර්වේ, ස්වීඩන් සහ ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් රැසක් සිට ඇත.

කෙසේ නමුත් මියගිය 6 දෙනාම රුසියානුවන් බවට මේ වනවිට හදුනාගෙන තිබේ.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සී ස්ටෝරි නම් සංචාරක බෝට්ටුවක් හුර්ගාඩාහි දියේ ගිලී ගිය අතර, ඉන් බ්‍රිතාන්‍ය යුවළක් ඇතුළුව 11 දෙනෙකු මියගොස් ගියහ.  එම අනතුරෙන්ද 35 දෙනෙකුගේ දිවි ගලවාගැනීමට හැකිව ඇත.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page