top of page

ඕස්ට්‍රේලියානු ළමුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් 550,000ක් වසා දමයි

ලොව ප්‍රථම වතාවට හඳුන්වා දුන් නීතියට අවනතන වෙමින් මෙටා සමාගම විසින් ඕස්ට්‍රේලියාවේ ළමුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් 550,000ක් පමණ වසා දමා තිබෙනවා. පසුගිය දෙසැම්බර් 10 වැනිදා සිට රජය විසින් වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් නීතියක් පැනවූවා.

මෙම තීරණය යටතේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට අයත් යැයි විශ්වාස කෙරෙන ඉන්ස්ටග්‍රෑම් ගිණුම් 330,000ක්, ෆේස්බුක් ගිණුම් 173,000ක් සහ ත්‍රෙඩ්ස් ගිණුම් 40,000කට ආසන්න ප්‍රමාණයක් වසා දමා ඇති බව මෙටා සමාගම සිය බ්ලොග් සටහනක දක්වා තිබෙනවා.

නව නීතියට අනුව, ටික්ටොක් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සේවාවන් විසින් වයස අවුරුදු 16ට අඩු දරුවන් සිය සමාජ මාධ්‍ය වේදිකාවලින් බැහැරව තබාගත යුතුයි. එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 49.5ක් (ඇමරිකානු ඩොලර් මිලියන 33ක්) දක්වා විශාල දඩයකට මුහුණ දීමට එම සමාගම්වලට සිදුවනවා.

සමාජ මාධ්‍ය මගින් සිදුවන හානි පිළිබඳව වර්ධනය පැමිණිලිවලට ප්‍රතිචාර වශයෙන් මෙවැනි දැඩි මර්දනයක් දියත් කළ ලොව ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී රට බවට ඕස්ට්‍රේලියාව පත්ව තිබෙනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page