top of page

කාලය අවසන්; ඉරාන විදුලි බලාගාර - පාලම් විනාශ කරනවා

තමන් සමග ගිවිසුමක් ඇති කර නොගතහොත් අද රාත්‍රි 08 වන විට ඉරානයේ සියලු‍ විදුලි බලාගාර සහ මගී පාලම් විනාශ කිරීමට තමන් නියෝග නිකුත් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඊයේ රාත්‍රියේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ජාවකදී ට්‍රම්ප් මේ බව කියා සිටියා.

ඉරානය විසින් දින 07 ක කාලයක් කල් ඉල්ලු‍ නමුත් තමන් ඔවුන්ට පළමුව දින 10 ක් කල් ලබා දුන් බවත්, ගිවිසුමක් සඳහා එළඹීමට අද වන විට තවත් අමතර දින දෙකක් ඉරානයට කාලය ලබාදී ඇති බවත් ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර ඇමරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ ඉදිරිපත් වූ සටන් විරාම යෝජනාව ඉරානය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page