top of page

ජුලී චන්ග් ආපසු යයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සිය සිව් වසරක සේවා කාලය අවසන් කරමින් එළැඹෙන 16 වැනිදා මෙරටින් පිටත්ව යාමට නියමිත බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි. 2022 වසරේදී රාජකාරී ආරම්භ කළ ඇයගේ ධුර කාලය ශ්‍රී ලංකා - ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය, ෆුල්බ්‍රයිට් වැඩසටහනේ 80 වන සංවත්සරය සහ පීස් කෝප් ස්වේච්ඡා සේවකයන් යළි මෙරටට පැමිණීම වැනි සුවිශේෂී සන්ධිස්ථාන රැසකින් සමන්විත විය. එමෙන්ම මෙරට ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීමට සහාය වීම, ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීමට කටයුතු කිරීම සහ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වැනි ක්‍රියාවලීන්හිදී ඇයගේ නායකත්වය යටතේ තානාපති කාර්යාලය සක්‍රීය දායකත්වයක් ලබා දුන් බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page