ජපානයේ භූ කම්පනයෙන් 33කට තුවාල
- News Room
- Dec 9
- 1 min read

ජපානයේ ඇතිවූ භූ කම්පනයෙන් මේ වන විට පුද්ගලයින් 33 ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජපානයේ උතුරු කෙළවරේ පිහිටි අමෝරි නගරයට නැගෙනහිරින් සහ හොක්කයිඩෝ දූපතට දකුණින් රික්ටර් මාපකයේ 7.6 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හට ගෙන තිබුණා. භූමිකම්පාව සිදු වූ අවස්ථාවේ දී සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර, පසුව අද උදෑසන 6.30 ට එය ඉවත් කිරීමට කටයුතු කර තිබුණා. අමෝරි නගරයට දකුණින් පිහිටි ඉවාට් ප්‍රාන්තයේ කුජි වරායට සෙන්ටිමීටර 70 ක පමණ උසින් යුත් සුනාමි රළ පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.






Comments