top of page

ඩයනාට එරෙහිව අද තිබූ නඩු විභාගය ලබන වසර දක්වා කල් යයි


ree

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සහ වලංගු වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඩයනා ගමගේට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර ඇති නඩුවේ විභාගය කල් දැමීමට අධිකරණය අද (24) නියෝග කළා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ එම නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

මෙම නඩුව අද දින විභාගයට ගැනීමට නියමිතව තිබූ හෙයින් සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මීට පෙර සිතාසී ද නිකුත් කර තිබුණා. එහෙත් විත්තියේ නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බවට කළ දැනුම් දීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය ලබන වසරේ පෙබරවාරි මස 06වනදා දක්වා කල් තැබීමට නියෝග කළා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page