“දෙව්නිමෝරි” ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට අද සිට අවස්ථාව
- News Room
- 4 minutes ago
- 1 min read

78 වැනි නිදහස් සැමරුමට සමගාමීව ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කෙරුණු ඓතිහාසික “දෙව්නිමෝරි” ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේදී අද (05) සිට සැදැහැවතුන්ට සියැසින් දැක වන්දනාමාන කර ගැනීමට හැකියාව පවතිනවා.
ඉන්දීය විශේෂ ගුවන් යානයකින් ඊයේ මෙරටට රැගෙන ආ මෙම සර්වඥ ධාතූන් වහන්සේ කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රය වෙතයි පළමුව වැඩම කරවනු ලැබුවේ. අනතුරුව, එහිදී සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව සර්වඥ ධාතූන් වහන්සේ විශේෂ රිය පෙරහරකින් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානය වෙත වැඩම කරවනු ලැබුවා.
මෙලෙස වැඩම කරනු ලැබූ “දෙව්නිමෝරි” ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේට ප්‍රථම පුෂ්පෝපහාරය දක්වනු ලැබුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්. එමෙන්ම ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මේ මස 11 වැනිදා දක්වා සැදැහැවතුන්ට වන්දනාමාන කර ගැනීමේ අවස්ථාව පවතිනවා.
මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් කියා සිටියේ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සහ රථ වාහන ගාල් කිරීමේ ස්ථාන ද මේ වනවිට සකස් කර ඇති බවයි.






Comments