top of page

පන්නිපිටියේ හොර කච්චේරියක් වටලයි : 5ක් අත්අඩංගුවට



කොට්ටාව පන්නිපිටිය ප්‍රදේශයට කළ සෝදිසි මෙහෙයුමක දී ව්‍යාජ සහතික, හැදුනුම්පත් සහ රියදුරු බලපත්‍ර සකසන හොර කච්චේරියක් වටලා පුද්ගලයින් පස් දෙනෙකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ  විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම කර තිබිණි.

මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ දී ව්‍යාජ රියදුරු බලපත්‍රයක් සමග සැක පිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවකුගෙන් හෙලි වු තොරතුරු මත පොලිස් නිලධාරීන් කණ්ඩායම මෙම වැටලීම සිදු කර තිබේ.

එහිදී ව්‍යාජ ලෙස සකස් කල රියදුරු බලපත්‍ර 168 ක්,උපාධි සහතික,ආදායම් බලපත්‍ර,උප්පැන්න,විවාහ,මරණ සහතික,තාවකාලික රියදුරු බලපත්‍ර,බදු ගිවිසුම්,ඔප්පු,සාමාන්‍ය පෙල,උසස් පෙළ වීභාග සහතික,රියදුරු බලපත්‍ර වල අලවන ස්ටිකර්,එන්.වී.කිව් සහතික  ආදී හොර ලිපි ලේඛන හා ව්‍යාජ රබර් මුද්‍රා තොගයක් පොලීසිය සොයා ගෙන ඇත.

コメント


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page