යේමනයෙන් ප්‍රථම වතාවට ඊශ්‍රායලය ඉලක්ක කර මිසයිල ප්‍රහාරයක්
- News Room
- Mar 28
- 1 min read

යුද්ධය ආරම්භ වූ දා සිට ප්‍රථම වතාවට යේමනයේ සිට ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඊශ්‍රායල හමුදාව තහවුරු කරයි. පසුගිය දිනයන්හි දී ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය ද දිගින් දිගටම ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කර ඇත.
ඊශ්‍රායලයේ ප්‍රධාන න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටි ප්‍රදේශය සහ බීර් ෂෙබා නගරය අවට සිකුරාදා රාත්‍රියේ තෙවරක්ම ප්‍රහාරක අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර තිබේ. යේමනයේ හූති කැරලිකරුවන් මෙතෙක් මෙම යුද්ධයට සෘජුව සම්බන්ධ නොවී ඇත්තේ සෞදි අරාබිය සමඟ පවතින සටන් විරාමය හේතුවෙනි. නමුත් මෙම ප්‍රහාරයත් සමඟ තත්ත්වය වෙනස් වී ඇති බව සඳහන් වෙයි.




Comments