top of page

රාජ්‍ය ආයතනවල ඇති අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් අද සිට

ree

රාජ්‍ය ආයතනවල ගොඩ ගැසී ඇති අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් අද (01) සිට ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ‘සෙයිරි සතිය’ ලෙස නම් කර ඇති මෙම වැඩපිළිවෙළ අද සිට දින 04 ක් ක්‍රියාත්මක කරන බවයි චක්‍රලේඛයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ.

රාජ්‍ය ආයතන තුළ සිටින නිලධාරීන්ට තම රාජකාරී කටයුතු නිසි පරිදි සහ නිදහසේ සිදු කිරීමට සුදුසු, පිරිසිදු හා සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර, මෙය Clean Sri Lanka වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page