top of page

ශෙහාන් සේමසිංහගේ හා පොලිස් නිලධාරියෙකුගේ රථ එකිනෙක ගැටීමෙන් අනතුරක්



පුත්තලම, පාලවිය ප්‍රදේශයේ දී ඊයේ (14) රාත්‍රියේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ගමන් ගත් රථයේ පොලිස් නිලධාරියෙකු ගමන් ගත් නිල රථයක් හා එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස නිල රථයෙන් පැමිණ ගැටී ඇත්තේ පුත්තලම සහකාර පොලිස් අධිකාරීවරයා (රථවාහන) වන අතර, ඔහුව අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මෙම අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවත්,අනතුර සිදුවන අවස්ථාවේදී සහකාර පොලිස් අධිකාරීවරයා බීමත්ව සිටියේද, නැද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතින බවයි.

Comentários


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page