top of page

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට අමෙරිකා - ඉරාන සාකච්ඡා සාර්ථක මගක

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා වන ගිවිසුමකට එළඹීමට අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් (Scott Bessent) සඳහන් කර ඇත්තේ, අද (04) හෝ හෙට (05) දිනය ඇතුළත දෙපාර්ශවය අතර එකඟතාවයකට පැමිණීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවයි.

මෙම ගිවිසුම හරහා අදාළ මුහුදු මාර්ගයේ නාවික ගමනාගමන නිදහස නැවත තහවුරු කිරීමට නියමිත අතර, එමඟින් ලෝක බලශක්ති වෙළඳපොළේ පවතින නොසන්සුන්තාවය සහ තෙල් මිල ඉහළ යාම අවම කර ගැනීමට හැකිවනු ඇතැයි ද බලාපොරොත්තු වනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page