top of page


සජින් වාස් ගුණවර්ධන අධිකරණය වෙත
අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අද (31) අධිකරණය වෙත රැගෙන විත් තිබේ. මේ වන විට අදාළ නඩු කටයුත්ත සිදු වෙමින් පවතී.
News Room
Mar 311 min read


කුවේට් බොර තෙල් නෞකාවකට ඉරාන ප්‍රහාර
ඩුබායි වෙරළට ඔබ්බෙන් වූ බොර තෙල් අඩංගු විශාල නෞකාවකට ඉරානය ප්‍රහාර එල්ල කර තිබෙනවා. පර්සියානු බොක්ක සහ හෝමුස් සමුද්‍ර සන්ධියේදී මිසයිල හෝ පුපුරණ ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන යානා මගින් වෙළෙඳ නැව් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර මාලාවේ නවතම සිදුවීම වන්නේ කුවේට් ධජය යටතේ යාත්‍රා කළ මෙම 'අල්-සල්මි' (Al Salmi) නෞකාවට එල්ල වූ ප්‍රහාරයයි. වත්මන් මිල අනුව ඩොලර් මිලියන 200කට වඩා වටිනා, තෙල් බැරල් මිලියන 2ක් පමණ රැගෙන යා හැකි මෙම නෞකාවට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ කුවේට් පුවත් සේවය වාර්තා කිරීමත් සමග බ
News Room
Mar 311 min read


අද මධ්‍යම රාත්‍රියේ සිට ආපනශාලාවල ආහාර මිල ඉහළට
දිවයිනේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණයත් සමඟ අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ආපනශාලා ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව බත් පැකට්ටුවක සහ කොත්තුවක මිල රු.30 කින්, කෙටි ආහාර රු.10 කින්, කිරි තේ සහ ප්ලේන්ටියක මිල රු.5 කින් ඉහළ යන බවයි එම සංගමය පවසන්නේ.
News Room
Mar 311 min read


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සංකේත වැඩ වර්ජනයක
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (31) දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් දියත් කර තිබෙනවා. වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් නීතිවිරෝධී ලෙස සිදු කිරීම ඇතුළු කාරණා කිහිපයක් මුල් කර ගනිමින්, අද (31) පෙරවරු 8.00 සිට දිවයින පුරා පිහිටි සියලු රෝහල්වල මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ. කෙසේ වෙතත්, මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, විශේෂ වකුගඩු ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතනවල මෙම වෘත්තීය සමිත
News Room
Mar 311 min read


පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු සේවා අප්‍රේල් 06 සිට සාමාන්‍ය පරිදි
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්වයට පත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව මේ මස 23, 24, 26 යන දිනවල පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි එම දෙප
News Room
Mar 301 min read


'මිදිගම චූටි' ඕමානයේ සිට දිවයිනට රැගෙන එයි
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි ඕමානයේ සිට විශේෂ පොලිස් නිලධාරීවරුන් කණ්ඩායමක් විසින් අද (30) අලුයම දිවයිනට වෙත රැගෙන විත් තිබේ. ඔහු මිනීමැරුම්, මංකොල්ලකෑම්, ගිනිඅවි සන්තකයෙහි තබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු චෝදනා රැසකට ශ්‍රී ලංකාවේ අධිකරණ කිහිපයකම චෝදනාවට ලක් වී සිටින්නෙකි. මිදිගම චූටි අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් ජාත
News Room
Mar 301 min read


ඕස්ට්‍රේයාවේ ඉන්ධන බද්ද අඩකින් අඩුකරයි
පාරිභෝගිකයින්ගේ වියදම් බර ලිහිල් කිරීමට සහය වීම සඳහා ඔස්ට්‍රේලියානු රජය ජූනි මස අවසානය දක්වා ඉන්ධන මත අය කරන නිෂ්පාදන බද්ද අඩකින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. එමෙන්ම ඉහළ ඉන්ධන පිරිවැය හේතුවෙන් පුද්ගලික වාහන භාවිතය අධෛර්යමත් කිරීම සඳහා වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්තවල පොදු ප්‍රවාහනය තාවකාලිකව නොමිලේ ලබා දීමට ද ඔස්ට්‍රේලියාව රජය පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
News Room
Mar 301 min read


ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විරෝධතා
අමෙරිකා එක්සත් ජනපදය පුරා ප්‍රධාන නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වී තිබේ. මෙය මීට පෙර මිලියන සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූ "රජවරුන් එපා" (No Kings) විරෝධතාවල තෙවන අදියර සනිටුහන් කර ඇත. ඉරානය සමඟ ඇති යුද්ධය, ෆෙඩරල් ආගමන නීති බලාත්මක කිරීම සහ ඉහළ යන ජීවන වියදම ඇතුළු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද ප්‍රතිපත්තිවලට එරෙහිව තමන් විරෝධය පළ කරන බව විරෝධතාකරුවන් සඳහන් කර සිටී. නිව්යෝර්ක්, වොෂින්ටන් සහ ලොස් ඇන්ජලීස් ඇතුළු අමෙරිකාවේ සෑම ප්‍රධාන නග
News Room
Mar 291 min read


දිවයිනේ ප්‍රදේශ රැසක අද උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක
දිවයිනේ ප්‍රදේශ රැසක අද (29) දිනයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුර සහ උතුරුමැද පළාත්වල, සහ මොනරාගල දිස්ත්‍රික්කයේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 සහ 45 අතර පැවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. ජනතාවට පවතින උණුසුම් තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යයට ඇති අහිතකර බලපෑම් අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනතාවට දැනුම් දෙයි
News Room
Mar 291 min read


ඊශ්‍රායල සහ අමෙරිකානු විශ්වවිද්‍යාලවලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් නිවේදනයක්
ටෙහෙරාන් විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මැදපෙරදිග කලාපයේ පිහිටි ඊශ්‍රායල සහ අමෙරිකානු විශ්වවිද්‍යාල ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) නිවේදනය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉරානය අවධාරණය කර ඇත්තේ අදාල බෝම්බ ප්‍රහාරය අමෙරිකාව විසින් වහාම හෙළා දැකිය යුතු බවයි. එසේ නොවන්නේ නම්, ඉරානයේ දැඩි පළිගැනීමේ මෙහෙයුම්වලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. මෙම
News Room
Mar 291 min read


යේමනයෙන් ප්‍රථම වතාවට ඊශ්‍රායලය ඉලක්ක කර මිසයිල ප්‍රහාරයක්
යුද්ධය ආරම්භ වූ දා සිට ප්‍රථම වතාවට යේමනයේ සිට ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඊශ්‍රායල හමුදාව තහවුරු කරයි. පසුගිය දිනයන්හි දී ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය ද දිගින් දිගටම ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කර ඇත. ඊශ්‍රායලයේ ප්‍රධාන න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටි ප්‍රදේශය සහ බීර් ෂෙබා නගරය අවට සිකුරාදා රාත්‍රියේ තෙවරක්ම ප්‍රහාරක අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර තිබේ. යේමනයේ හූති කැරලිකරුවන් මෙතෙක් මෙම යුද්ධයට සෘජුව සම්බන්ධ නොවී ඇත්තේ සෞදි අරාබිය සමඟ පවතින සට
News Room
Mar 281 min read


ඉරානයේ බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරයට නැවතත් ප්‍රහාරයක්
ඉරානයේ බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරයට තෙවන වරටත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය සඳහන් කරනවා. එම සංවිධානය පවසන්නේ, මේ මොහොත වන විට මධ්‍යස්ථානයට කිසිදු හානියක් හෝ පුද්ගල හානියක් වාර්තා වී නොමැති බවයි. එසේම බලාගාරයේ තත්ත්වය සාමාන්‍ය පරිදි පවතින බව සඳහන්. බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරය විශාල න්‍යෂ්ටික ද්‍රව්‍ය ප්‍රමාණයක් සහිතව ක්‍රියාකාරී මට්ටමේ පවතින අතර, මෙම මධ්‍යස්ථානයට සිදුවන හානියක් න්‍යෂ්ටික ව්‍යසනයකට මග පෑදිය හැකි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
News Room
Mar 281 min read


මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, කැබ් රථයක චැසි අංකය සංශෝධනය කර එය ව්‍යාජ ලියාපදිංචියක් සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත් බවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් කමල් අමරසිංහ මහතාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
News Room
Mar 281 min read


පවතින උණුසුම් කාලගුණය මැයි මාසය දක්වා
පවතින උණුසුම් කාලගුණික තත්ත්වය මැයි මාසය දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න පවසනවා. පවතින උණුසුම් කාලගුණික තත්ත්වය තුළ, දහවල් 11.00 සිට සවස 4.00 දක්වා එළිමහන් කටයුතුවලින් වැළකී සිටින ලෙසයි ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එසේම ‘එල්නිනෝ’ තත්ත්වයක් හටගත හොත්, ජූලි - අගෝස්තු වන විට වැස්ස අඩුවී නියං කාලගුණ තත්ත්වයක් පවා ඇතිවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
News Room
Mar 271 min read


ඕස්ට්‍රේලියාවේ ඉන්ධනහල් සිය ගණනක් වසා දමයි
ගෝලීය වශයෙන් මතුව ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ඉන්ධනහල් සිය ගණනක් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. උද්ගත වූ තත්ත්වයත් සමඟ ඉන්ධන සඳහා වන ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් එරට ඉන්ධනහල් රැසක තොග අවසන් වී ඇති බව වාර්තා වේ. යුද ගැටුම් ආරම්භයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර ඉන්ධන මිලදී ගැනීම සඳහා අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙස බලධාරීන් විසින් එරට වැසියන්ට දැනුම්දීමක් ද සිදුකර තිබුණි. මෙම තත්ත්වය තුළ ඇතැම් ඉන්ධන හල් වෙති
News Room
Mar 271 min read


මෙම වසරේ මේ දක්වා සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 7 සීමාව වෙත ළඟාවෙයි
වසරේ මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 7 ලක්ෂයේ සීමාව වෙත ළඟා වී තිබෙනවා. වසර ආරම්භයේ සිට පසුගිය 22 වැනිදා වනවිට සංචාරකයින් 692, 744ක් දිවයිනට පැමිණ තිබූ බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මෙම මාසයේ මේ දක්වා සංචාරකයින් 136,089 දෙනෙකු මෙරටට පැමිණ තිබුණා. පසුගිය වසරේ මාර්තු මාසය තුළදී පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 229,298ක්. කෙසේ වෙතත්, මැදපෙරදිග පවතින යුදමය තත්වය හේතුවෙන් මෙම මාසය තුළ සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් අපේක්ෂා කරනවා.
News Room
Mar 271 min read


සේවාවන් අත්හිටුවා ඇති පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අදත් පෝලිං
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් එහි එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් අත්හිටුවා ඇති පසුබිමක අදත් (27) පිරිස් එහි පැමිණ තිබේ. එම දෙපාර්තමේන්තුව ඊයේ (26) දැනුම්දී සිටියේ, පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් එහි සියලුම මහජන සේවාවන් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බවය. එවන් පසුබිමක අද උදෑසන සිට පුද්ගලයින් ලියපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට ජනතාව පැමිණ ඇත. ඇතැම් පිරිස් පසුගිය අඟහරුවාදා පැමිණ සිය කටයු
News Room
Mar 271 min read


බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා කොළඹ මහාධිකරණය වෙත
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා කොළඹ මහාධිකරණය වෙත පැමිණ තිබේ. නඩු කටයුත්තක් වෙනුවෙන් ඒ මහතා අධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි. 2015 වසරේ ලංකා පොහොර සමාගමේ සේවය කරමින් සිටියදී, පෞද්ගලික සමාගමක් වෙත නීතිවිරෝධී ලෙස ලාභයක් හෝ වාසියක් සිදුකිරීමෙන් අල්ලස් පනතේ දූෂණය නැමැති වරද සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වත්මන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණි. එවක ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන
News Room
Mar 271 min read


ට්‍රම්ප් ගත් තීරණයත් සමඟ තෙල් මිල පහත වැටෙයි
ඉරාන බලාගාර වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ කාලසීමාව යළිත් දින 10කින් කල් දැමීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයත් සමඟ, අද උදෑසන ආසියානු වෙළඳපොළේ ගෝලීය බොරතෙල් මිල සුළු වශයෙන් පහත වැටී තිබෙනවා. Brent බොරතෙල් මිල 0.84%කින් පහත වැටී ඩොලර් 107.10 ක් ලෙස සටහන් වූ අතර, West Texas Intermediate (WTI) වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.09%කින් පහත වැටී ඩොලර් 93.71 ක් ලෙස සටහන් වී තිබුණා. මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තවදුරටත් ගැ
News Room
Mar 271 min read


හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සම්බන්ධව වගකීම දැරූ නාවික හමුදාපති ජීවිතක්ෂයට
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාපති අලිරේසා තංසීරි (Alireza Tangsiri), බන්ඩර් අබ්බාස් (Bandar Abbas) හිදී එල්ල වූ ප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තා වෙනවා. ගෝලීය බලශක්ති සැපයුමට තීරණාත්මක වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සම්බන්ධයෙන් වගකීම දැරුවේ තංසීරි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය ඊශ්‍රායලය හෝ අමෙරිකා එක්සත් ජනපදය විසින් සිදු කරන ලද්දක්ද යන්න තවමත් පැහැදිලි අදහස් දැක්වීමක් සිදු කර නොමැත.
News Room
Mar 261 min read
bottom of page
