top of page


භෞත චිකිත්සකවරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වෙස්වලාගෙන පලායද්දී කොටු වෙයි
තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති, මියගිය කාන්තාවගේ පෙම්වතා සහ ඔහුගේ විවාහක බිරිඳ සහ කුඩා දරුවෙකු යාපනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (23) අදාළ සැකකරුවන් වැල්ලවත්තේ සිට යාපනයේ, චාවකච්චේරිය දක්වා බසයෙන් ගමන් කරමින් සිටියදී ලද තොරතුරක් මත යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සහ වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් ඔවුන්ව අද (24) අලුයම මෙලෙස
News Room
Jun 242 min read


ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට
ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරී රත්නායක මුදියන්සේලාගේ ගුණරත්න මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ප්‍රති ඇණවුමක් හරහා හම්බන්තොට ලුණු සමාගම වෙත ලක් ලුණු ඇසුරුම් ලබාගෙන රජයට රුපියල් එක්කෝටි හතළිස් තුන් ලක්ෂයකට ආසන්න මුදලක් පාඩු සිදුකිරීමෙන් සහ සැපයුම්කාර සමාගමට අයුතු වාසියක් සැලසීමේ චෝදනාව මතය. රත්නායක මුදියන්සේලාගේ ගුණරත්න මහතා අද (19) පෙරවරුවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේද
News Room
Jun 191 min read


FOTON මෙට්‍රො බස් රථ 104 ක් ලංකාවට
FOTON මෙට්‍රො බස් රථ 104 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත භාරදීම පසුගියදා ෆෝටෝන් ජාත්‍යන්තර සමාගමේ ප්‍රධාන කර්මාන්ත ශාලාවේදී සිදු ව තිබෙනවා. එම අවස්ථාව සඳහා Lanka Metro Transit නියෝජිතයින් පිරිසක් සහභාගී වූ බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසන්නේ. මෙම බස් රථ මගින් ශ්‍රී ලංකාවේ නවීන, ආරක්ෂිත හා සුවපහසු පොදු ප්‍රවාහන සේවාවන් සංවර්ධනය කිරීම සඳහා වැදගත් දායකත්වයක් ලබා දෙනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මෙය, ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්රයේ තවත් වැදගත්
News Room
Jun 191 min read


මෙරට රන් මිල රුපියල් 9,000කින් පහළට
ලෝක වෙළෙඳපොළ තුළ රන් මිල සැලකියයුතු පහළයාමත් සමඟ මෙරට රන් මිල රුපියල් 9,000කින් පහළ ගොස් තිබේ. ඒ අනුව, ඊයේ (18) රුපියල් 391,000ක් ලෙස සඳහන් වූ කැරට් 24ක රන් පවුමක මිල අද (19) රුපියල් 382,000ක් ලෙස සඳහන් වෙයි. මේ අතර, ඊයේ දින රුපියල් 359,700ක් වූ කැරට් 22 රන් පවුමක අද දින රුපියල් 351,500 ක් ලෙස සඳහන් වෙයි. ලෝක වෙළෙඳපොෆළ් රන් අවුන්සයක මිල අද දිනයේ සටහන් වුණේ අමෙරිකානු ඩොලර් 4,138ක් ලෙස දැක්වුණි.
News Room
Jun 191 min read


UAEයේ අවු.15න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම අද සිට ක්‍රියාත්මකයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) තුළ සමාජ මාධ්‍ය භාවිතය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 15ක් ලෙස නියම කිරීමේ යෝජනාවක් අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි සම්මත කර ඇති බව එරට මාධ්‍ය කාර්යාලය පවසයි. ඒ අනුව, සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මෙවැනි දැඩි පියවරක් හඳුන්වා දුන් පළමු අරාබි රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉතිහාසයට එක්වෙයි. මෙම නව නීතියට අනුව, මින් ඉදිරියට එරට තුළ වයස අවුරුදු 15ට අඩු දරුවන්ට පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය කිරීම සහ ඒවා භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් ව
News Room
Jun 181 min read


ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම 24 වැනිදා දක්වා කල් තැබෙයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 24 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. අද දින ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේ
News Room
Jun 181 min read


ඇමරිකා - ඉරාන ඓතිහාසික සාකච්ඡා හෙට ස්විට්සර්ලන්තයේදී
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුමකින් පසුව, දෙරට අතර මූලික සාකච්ඡා හෙට (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක් (Buergenstock)හි පැවැත්වීමට සැලසුම් කර ඇති බව ස්විට්සර්ලන්ත පවසයි. අමෙරිකාව සහ ඉරානය අතර අත්සන් කරන ලද සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මූලික සාකච්ඡා පැවැත්වීම මෙහි අරමුණයි. මෙම සාකච්ඡා සඳහා මෙම රටවල් දෙකට අමතරව මැදිහත්කරුවන් ලෙස කටාර් රාජ්‍යය සහ පකිස්ථානය ඇතුළු තවත් සම්බන්ධිත රටවල් කිහිපයක් සහභාගී වීමට නියමිතය. මේ අතර, මෙම රැස්
News Room
Jun 181 min read


සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ විමර්ශන කාර්යාංශය මඟින්. ඔහු ලේකම්ධුරය හෙඹවූ කාලයේදී රාජ්‍ය ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරු අද (18) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි
News Room
Jun 181 min read


අමෙරිකා - ඉරාන සාම ගිවිසුමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවත් පහතට
අමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ යුද තත්ත්වය නිමා කරමින් අත්සන් තැබූ සාම ගිවිසුම හේතුවෙන්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (18) උදෑසන වන විට තවදුරටත් පහත වැටී තිබේ. මෙම නව එකඟතාවයත් සමඟ ඉරාන යුද්ධය නිල වශයෙන් අවසන් වන අතර, ලොව ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන 'හෝමුස් සමුද්‍ර සන්ධිය' නැවත විවෘත කිරීමටත්, ඉරාන තෙල් අපනයනය සඳහා පනවා තිබූ අමෙරිකානු සම්බාධක ඉවත් කිරීමටත් නියමිතය. මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ විශාලතම බලශක්ති සැපයුම් අර්බුදය විසඳීමට මෙමඟින් මඟ පෑදී ඇත. ඒ අනුව, බ්‍රෙන්ට් බො
News Room
Jun 182 min read


ගෝඨාභය රාජපක්ෂගේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ පෙත්සම අද සලකා බැලේ
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (18) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබේ. අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලීමට නියමිතයි. පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද ස
News Room
Jun 181 min read


ඉදිරියේදී ලංකාවට එන ගංවතුර තත්ත්වයක් ගැන පුරෝකතනයක්
එල් නිනෝ කාලගුණ තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවල ලංකාවට ගංවතුරක් ඇතිවිය හැකි බවට පුරෝකතනය කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (අනාවැකි) අජිත් විජේමාන්න පවසනවා. මේ වන විට දුර්වල එල් නිනෝ තත්ත්වයක් පැවතුනද එය ක්‍රමයෙන් වර්ධනය වී නොවැම්බර් මාසයෙන් පසු ප්‍රබල හෝ අති ප්‍රබල එල් නිනෝ තත්ත්වයකට පත්වනු ඇතැයි පුරෝකතන කරන බවද අධ්යක්ෂවරයා සඳහන් කළා. දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි කාලයේදී එල් නිනෝ තත්ත්වය අති ප්‍රබල තත්ත්වයකට යාමේ සම්භාවිතාව 60%කට වඩා වැඩ
News Room
Jun 151 min read


ජයග්‍රහණය වෙනුවෙන් කොදෙව්වන්ට ලකුණු 170ක ඉලක්කයක්
ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තීරණාත්මක තෙවන සහ අවසන් විස්සයි20 තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 169ක් ලබා ගැනීමට සමත් විය. කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක Shamar Joseph දැඩි පීඩනයක් එල්ල කළේය. ඔහු සිය පන්දුවා
News Room
Jun 151 min read


ඉරාන - අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා අත්සන් තැබේ
ඓතිහාසික ඉරාන - අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා, එනම් ජුනි 19 වැනිදා ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී අත්සන් තැබීමට නියමිත බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසා ඇත. ඔහු එම ගිවිසුම හඳුන්වා ඇත්තේ ඉස්ලාමාබාද් එකඟතාව ලෙසය. සිකුරාදා ගිවිසුම අත්සන් කෙරෙන බව ජනාධිපති ට්‍රම්ප් ද පවසා ඇත. ඔහු සඳහන් කරන්නේ ඒ සමග හෝමූස් සමුද්‍ර සන්ධිය සාගර බෝම්බ ඉවත් කිරීම සඳහා වහාම විවෘත වන බවය. ඉරානය සහ අමෙරිකාවත් ඊශ්‍රායලයත් මෑත කාලීන යුද්ධයක පැටලුණේ මේ වසරේ පෙබරවාරි 28වැනිදා අමෙරිකාව, ඉරානයට එල්ල කළ ප්
News Room
Jun 151 min read


වසර 4ක් කෝමා තත්ත්වයේ සිටි තායිලන්තයේ ‘පා කුමරිය’ දිවියෙන් සමුගනී
තායිලන්තයේ මහා වජිරලොන්කෝන් රජුගේ වැඩිමහල් දියණිය වූ බජ්රකිටියාබා නරේන්දිරා දෙබ්යාවතී කුමරිය අභාවප්‍රාප්ත වූ බව රාජකීය මාළිගාව අද (12) නිවේදනය කළේය. වසර 4කට ආසන්න කාලයක් කෝමා තත්ත්වයෙන් පසුවූ ඇය මිය යනවිට 47වැනි වියේ පසුවූවාය. 2022 දෙසැම්බර් මාසයේදී එරට සංචාරයක යෙදී සිටියදී හෘදයේ ඇතිවූ රෝගී තත්ත්වයකින් ඇගේ සිහිය නැතිවී ඇති අතර, එතැන් සිට මියයන තෙක්ම ඇය කෝමා තත්ත්වයෙන් පසුවූවාය. ඇය උදරයේ අභ්‍යන්තර ආසාදනයකින්, අඩු රුධිර පීඩනය, අරිතිමියාව, රුධිර කැටි ගැසීම වැනි රෝගාබාධ රැසකින් ප
News Room
Jun 121 min read


අද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 341.36යි
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, අද දිනයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු ප්‍රමාණයකින් අවප්‍රමාණය වී තිබෙනවා. එම සටහනට අනුව, අද (12) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 341.36 ක් ලෙසයි වාර්තා වී ඇත්තේ. එසේම, ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.42 ක් ලෙස සටහන්ව තිබෙනවා. ඊයේ (11) දිනයේ ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 327.67 ක් හා රු. 337.82 ක් ලෙසින් වාර්තා වී තිබුණා.
News Room
Jun 121 min read


ශාන් විජයලාල් ද සිල්වා ට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන, රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අල්ලස් කොමිසම සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියම කර ඇති අතර, සැකකරුගේ ව
News Room
Jun 121 min read


දිස්ත්‍රික්ක 4කට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක 4ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (12) පෙ.ව. 4.00 සිට හෙට (13) පෙ.ව. 4.00 වූ ඉදිරි පැය 24 සඳහා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවය. ඒ අනුව, විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්, කලුතර දිස්ත්‍රික්කය: පාලින්දනුවර මහනුවර දිස්ත්‍රික්කය: දොළුව නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව රත්නපුර දිස්ත්ර
News Room
Jun 121 min read


ප්‍රහාරක සැලසුම් අවලංගු වීමත් සමග බොරතෙල් තෙල් මිල පහළට
ඉරානය වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ හමුදා ප්‍රහාර අවලංගු කිරීමට අමෙරිකාව තීරණය කිරීමත් සමග, ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (12) දිනයේ යළි පහළ ගොස් තිබේ. ඊයේ (11) දිනයේදී අමෙරිකානු ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් තිබූ බොරතෙල් බැරලයක මිල, මෙම නව තත්ත්වයත් සමග අද දිනයේ යළිත් ඩොලර් 90 සීමාවෙන් පහළට පැමිණීම විශේෂත්වයක්ය. අද උදෑසන පැවති නවතම මිල ගණන් අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 89.33ක් ලෙසද, මර්බන් බොරතෙල් බැරලයක් ඩොලර් 87.25ක් ලෙසද සටහහන්ව තිබූ අතර, අමෙරිකානු WTI බොරතෙල් බැර
News Room
Jun 121 min read


ඉරාන ප්‍රහාර හමුවේ කුවේටය තම ගුවන් කලාපය තාවකාලිකව වසා දමයි
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටය තම ගුවන් කලාපය තාවකාලිකව වසා දමා ඇති බව අද (11) විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් කුවේට් වෙත පැමිණීමට තිබූ ගුවන්යානා වෙනත් ගුවන්තොටුපළවල් වෙත හරවා යැවීමට කටයුතු කර ඇති බව සඳහන් වෙයි. මේ අතර අද අලුයම කුවේට් සහ බහරේනයේ අමෙරිකානු ගුවන් කඳවුරු ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් දියත් කළ බව ඉරානයේ විප්ලවවාදී ආරක්ෂකයින් පවසා තිබුණි.
News Room
Jun 111 min read


ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 14ක් ඉදිරියට: දකුණු ආසියාවේ දෙවන තැනට
2026 ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර, නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ස්ථාන 14ක් ඉදිරියට පැමිණ ගෝලීය වශයෙන් 67 වන ස්ථානය ලබා ගෙන තිබේ. ආර්ථික විද්‍යාව සහ සාමය සඳහා වූ ආයතනය විසින් රටවල් තුළ පවතින ආරක්ෂාව, සමාජ ස්ථාවරත්වය, අභ්‍යන්තර හා බාහිර ගැටුම් මට්ටම් ඇතුළු සාධක රැසක් සැලකිල්ලට ගනිමින් මෙම දර්ශකය සකස් කරනු ලබයි. 2026 වර්ෂය ගෝලීය සාමකාමීත්වය අඛණ්ඩව පිරිහුණු 12 වන වර්ෂය ලෙස අදාළ වාර්තාව මඟින් පෙන්වා දී තිබේ. ලෝකයේ සාමකාමීත්වය පසුගිය වර්ෂයට වඩා
News Room
Jun 111 min read
bottom of page
