ඉරාකයේ බැග්ඩෑඩ් නුවර අමෙරිකානු තානාපති කාර්යාලයට දැවැන්ත ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර
- News Room
- 6 days ago
- 1 min read

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් දැවැන්ත ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති බව රොයිටර් පුවත් සේවය සහ ඒඑෆ්පී (AFP) පුවත් සේවය වාර්තා කරනවා.
ඉරාක ආරක්ෂක අංශ AFP පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ, මෙය මෑත කාලීනව එල්ල වූ "දරුණුතම ප්‍රහාරය" බවයි. ප්‍රහාරයට පැය හයකට පමණ පෙර, අමෙරිකානු තානාපති කාර්යාලය ඉරාකයේ වෙසෙන අමෙරිකානු පුරවැසියන් වෙත ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව සඳහන්.
එහිදී ඔවුන් පවසා තිබුණේ, "ඉරානයට හිතවාදී ත්‍රස්තවාදී කණ්ඩායම්" විසින් බැග්ඩෑඩ් මධ්‍යයේ පිහිටි අන්තර්ජාතික කලාපයට (Inteational Zone) දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවයි.




Comments