ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක්
- News Room
- 1 day ago
- 1 min read

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් පනවා තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති දෙවැනි එක්දින තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා නොතිබීම හේතුවෙන් මෙම දඩය පනවා ඇති බවයි සඳහන් වන්නේ.
ක්‍රීඩකයන් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව තරග ගාස්තුවෙන් 5%ක දඩයක් මෙලෙස පනවා තිබෙනවා. නායක චරිත් අසලංක වරද පිළිගෙන ඇති අතර, යෝජිත දඬුවම ද පිළිගෙන ඇති බැවින් චෝදනා විභාගයක් සිදු නොවන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Comments