Online ක්‍රමවේදයට ඉඩම් සිතියම් නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව
- News Room
- 15 hours ago
- 1 min read

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 225 වැනි සංවත්සරය වෙනුවෙන් හෙට (01) සිට Online ක්‍රමවේදය ඔස්සේ ඉඩම් සිතියම් නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, Online ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් කර, අවශ්‍ය සිතියම් තමන්ගේ නිවසටම ලබා ගැනීමට හැකියාව පවතින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මැනුම්පති වයි.ජී. ඥාණතිලක සඳහන් කළේ.
එසේම, මහජනතාවට ඉඩම් තොරතුරු පද්ධතියේ තිබෙන තොරතුරු Online ක්‍රමවේදය ඔස්සේ ලබා ගැනීමට අවස්ථාව ලබා දීමටද මේ වන විට කටයුතු සිදු කරමින් ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.