අමෙරිකාව පුරා විරෝධතා සහ වැඩවර්ජන
- News Room
- 3 days ago
- 1 min read

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්ති සහ එරට සංක්‍රමණ හා රේගු බලාත්මක කිරීමේ නියෝජිතායතනයේ ක්‍රියාකලාපයට එරෙහිව අමෙරිකාව පුරා විරෝධතා සහ ජාතික වැඩවර්ජනයක් ආරම්භ වී තිබෙනවා.
මේ යටතේ රැකියා සඳහා වාර්තා කිරීමෙන්, පාසල් යාමෙන් සහ වෙළෙඳ කටයුතුවලින් වැළකී ජනතාව සිය විරෝධය පළ කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෑතකදී මිනියාපොලිස් නගරයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය වීම මෙම දැවැන්ත විරෝධතා රැල්ලට ආසන්නතම හේතුව වී තිබෙනවා.
ඒ අනුව, මේ වනවිට අමෙරිකාවේ ප්‍රාන්ත 50 පුරා නගර 300 කට අධික සංඛ්‍යාවක විරෝධතා සංවිධාන කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.






Comments