ඊශ්‍රායලයෙන් උතුරු ගාසා තීරයට ප්‍රහාරයක්
- News Room
- Oct 20, 2024
- 1 min read

උතුරු ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 73 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්ව ඇත්තේ කාන්තාවන් සහ දරුවන් ද ඒ අතර වන බවය.
ඊශ්‍රායල ආරක්ෂක අංශ වෙත එල්ල වූ බර අවි ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වී තිබේ. එම ප්‍රහාරයෙන් නිවාස සංකීර්ණයක් විනාශ වී තිබේ. ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ ප්‍රහාරය එල්ලවූ ස්ථානය හමාස් ත්‍රස්තවාදී ඉලක්කයක් බවය.
Comments