top of page

ට්‍රම්ප් පාලනයට වසරයි

අමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දී අදට වසරක් සපිරෙනවා. ඒ අනුව ට්‍රම්ප්ගේ ධුර කාලය පිළිබදව ඇති සියලු‍ ප්‍රශ්නවලට විසදුම් ලබා දී ඇති බව ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ට්‍රම්ප් අමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ 2025 වසරේ ජනවාරි මස 20 වන අතර, ඔහු අමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා ලෙසයි ඉතිහාසගත වන්නේ.

එසේම ඔහුගේ ධුර කාලය තුළ ගාසා තීරයේ සටන් විරාමයක් සාකච්ඡා කිරීම, වෙළෙඳ හවුල්කරුවන් මත දැඩි තීරුබදු ක්‍රියාත්මක කිරීම, වෙනිසියුලාවේ නායකයා අල්ලා ගැනීම සහ ග්‍රීන්ලන්තය පාලනය කිරීමට එක්සත් ජනපදයට බල කිරීම ඇතුළු ගෝලීය වශයෙන් විශාල බලපෑමක් ඇති කර තිබෙනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page