ලෙබනනයේ නිවාස සංකීර්ණයක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට
- News Room
- 19 hours ago
- 1 min read

ලෙබනනයේ මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 9 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. උතුරු ලෙබනනයේ ට්‍රිපෝලි නගරයේ සිදුවූ මෙම අනතුරින් තවත් පුද්ගලයින් 8දෙනෙකු අතුරුදන්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි තවත් පුද්ගලයින් 6 දෙනෙකු බේරාගෙන ඇති අතර සුන්බුන්වලට සිරවී ඇති තවත් පිරිස් බේරාගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මක බව ද සඳහන් වේ.






Comments