top of page

හෝමුස් හරහා සති දෙකක කාලයක් නෞකාවලට ආරක්ෂිතව ගමන් කිරීමට අවස්ථාව

ඉදිරි සති දෙකක කාලය සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා නෞකාවලට ආරක්ෂිතව ගමන් කිරීමට අවස්ථාව ලබා දෙන බව ඉරාන විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, ඉරානය විසින් මෙම කාලසීමාව තුළ සියලුම නෞකා ගමනාගමන කටයුතු ඉරාන සන්නද්ධ හමුදාවන්ගේ සෘජු සම්බන්ධීකරණය යටතේ සිදු විය යුතු බවට කොන්දේසි පනවා තිබෙන බවයි එම වාර්තාවේ සඳහන්.

එමෙන්ම, පවතින තාක්ෂණික සීමාවන් සහ ආරක්ෂක තත්ත්වයන් කෙරෙහි නිසි අවධානය යොමු කරමින් මෙම ගමන් මාර්ගය විවෘතව තැබෙන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page