top of page


ඉන්ධන පරිභෝජනය අවම කරන්න; ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ උද්ගතව ඇති බලශක්ති අර්බුදයට මුහුණදීම සඳහා හැකි පමණින් ඉන්ධන අරපිරිමැස්මකින් යුතුව පරිභෝජනය කරන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ තමන්ට හැකි පමණික් ඉන්ධන පරිභෝජනය අවම කිරීම සඳහා කටයුතු කරන ලෙසටය. ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ පසුගිය දින කිහිපයේ තෙල් හිඟයක් පවතින බවට බියෙන් ජනතාව විසින් ඉන්ධන වැඩි වශයෙන් මිලදී ගැනීම, මෙම
News Room
Mar 101 min read


ඉන්ධන මිල සංශෝධනයෙන් පාසල් ප්‍රවාහන ගාස්තු 5%කින් ඉහළට; බස් ගාස්තු වෙනස් නොවේ
ඩීසල් මිල ඉහළ ගිය ද, බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල ඉහළ ගිය ද, ඉන් බස් ගාස්තු සංශෝධනය සඳහා බලපෑමක් සිදු නොවන බවයි එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කළේ. ඒ අනුව, දැනට පවතින ගාස්තු ඒ අයුරින් පවත්වාගෙන යන බව සඳහන්. එසේම, පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු 5% කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා. ඒ අනුව, මාසික ගාස්තුව රුපියල් 5,000 ට අඩුවෙන් ලබා ගන්නා අයට රුපි
News Room
Mar 101 min read


ලංකා විදුලිබල මණ්ඩලය 'Electricity Distribution Lanka' ලෙස වෙනස් වෙයි
2024 අංක 36 දරන විදුලිබල පනත මඟින් හඳුන්වා දෙන ලද විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ යටතේ, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් මෙතෙක් ඉටු කරන ලද විදුලි බෙදාහැරීමේ කාර්යයන් හි වගකීම Electricity Distribution Lanka (Pvt) Ltd (EDL) වෙත පවරා තිබෙනවා. විදුලි බෙදා හැරීමේ අංශය තුළ කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය සහ සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ සහ මෙහෙයුම් වැඩිදියුණු කිරීම් ක්‍රියාත්මක කිරීමට එම සමාගමට බලය පවරා ඇති බවයි ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත
News Room
Mar 101 min read


ඉන්ධන මිල ඉහළට
අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන වර්ගවල මිල ඉහළ දැමීම සඳහා තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව, රු. 293ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 24කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 317ක්. රු. 340ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු. 25කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 365ක්. රු. 281ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල රු. 22කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 303ක්. රු. 329ක්ව පැවති සුපිරි ඩීසල් මිල රු. 24කින් ඉහළ දමා ඇති අතර,
News Room
Mar 101 min read


තෙල් මිල ඉහළ යාම තාවකාලිකයි; ඩොනල්ඩ් ට්‍රම්ප්
යුද්ධය හේතුවෙන් තෙල් මිල ඉහළ යාම තාවකාලික තත්ත්වයක් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. "තෙල් මිල ඉහළ යාම කෙටි කාලීනයි. ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය අවසන් වූ වහාම තෙල් මිල නැවතත් ශීඝ්‍රයෙන් පහත වැටෙනු ඇති" යැයි සිය Truth ගිණුමේ සටහනක් තබමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. සාමය සහ සුරක්ෂිතතාව වෙනුවෙන් ඇමෙරිකාවට සහ ලෝකයට සිදු කිරීමට ඇත්තේ සුළු මූල්‍යමය කැපකිරීමක් පමණක් බවත්, ඒ ගැන වෙනස් ආකාරයෙන් සිතන්නේ අඥානයන් පමණක් බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැ
News Room
Mar 91 min read


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් රිමාන්ඩ්
අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා මාර්තු 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවය. ලබාදීම සඳහා ඔහු අද (09) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට පත්වූ අතර ඉන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය. එහිදී කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්
News Room
Mar 91 min read


ලංකාවේ තේ කර්මාන්තයට මැදපෙරදිග යුද්ධයෙන් බලපෑම්
ඉරානය සම්බන්ධ කරගනිමින් මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ අපනයන ක්ෂේත්රයට සතියකට අමෙරිකානු ඩොලර් මිලියන 10 ත් 15 ත් අතර පාඩුවක් සිදුවෙමින් පවතින බව තේ අපනයනකරුවන්ගේ සංගමය පවසනවා. මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී වටපිටාව හමුවේ නාවික ප්‍රවාහන කටයුතු අඩාල වීම සහ ඉහළ ගොස් ඇති යුද අවදානම හේතුවෙන් මැදපෙරදිග රටවල් කිහිපයකට තේ සැපයීමට ඇති හැකියාව බරපතළ ලෙස සීමා වී ඇති බවයි සඳහන් වෙන්නේ.
News Room
Mar 91 min read


ලංවිම අහෝසියි; අද සිට නව සමාගම් 6ක්
ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කරමින් පිහිටවූ නව සමාගම් 06 අද (09) සිට බලාත්මක වේ. ඒ එම මණ්ඩලය ප්‍රතිව්‍යහුගතකරණය ක්‍රියාවලිය යටතේ මෙතෙක් කල් පැවැතුණු ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (08) මැදියම් රැයෙන් අවසන් විමත් සමගය. ඒ අනුව 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත අවලංගු වූ අතර ලංකා විදුලිබල මණ්ඩලය ආයතිනක ඒකකයක් ලෙස නීත්‍යානුකූලවම මේ සමග අහෝසි විය. විදුලිබල මණ්ඩලය අහෝසි වීමත් සමග විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් 6කට පැවරෙන අතර ඒ ස
News Room
Mar 91 min read


ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තබා කමේනි තේරීපත් වෙයි
අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගෙන් පසු, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහුගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි (Mojtaba Khamenei) තේරීපත්ව තිබේ. 1969 සැප්තැම්බර් 8 වැනි දින ඊසානදිග මෂාඩ් නගරයේ උපත ලබා ඇති මොජ්ටාබා කමේනි දරුවන් හය දෙනාගෙන් දෙවැන්නා වේ. ඔහු ටෙහෙරානයේ ආගමික අලවි පාසලෙන් ද්විතීය අධ්‍යාපනය ලබා ඇතැයිද සඳහන්. ඉරාන මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ අවුරුදු 17 දී ඔහු ඉරාන - ඉරාක යුද්ධය අතරතුර කෙටි කාලයක් එරට යුද හමුදාවේද සේවය කර ඇති බවය.
News Room
Mar 91 min read


සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පෙත්සමක්
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු විසින් පෙත්සම ඉදිරිපත්කර ඇති අතර, එහි වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
News Room
Mar 51 min read


ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට සෙනෙට් සභාව අසමත් වෙයි
ඉරානය සමග යුද්ධ කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතු බලය සීමා කිරීම අරමුණු කරගත් ද්විපාර්ශ්වික යෝජනාවක් අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්ව තිබෙනවා. මේ වන විටත් දෙරට අතර ප්රහාරයන් අඛණ්ඩව සිදුවෙමින් පවතිනවා. යුද බලතල සම්බන්ධ මෙම පියවර ඡන්ද 53-47ක් ලෙස පරාජයට පත් වූයේ ප්‍රධාන වශයෙන් පක්ෂ දේශපාලන පදනම මතයි. මෙම යෝජනාව සම්මත වූයේ නම්, කොන්ග්රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඉරානය තුළ සිදුකරන අමෙරිකානු හමුදා ක්‍රියාමාර්ග නතර කිරීමට ඉඩ ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ප්‍රජා
News Room
Mar 51 min read


නැගෙනහිර ටෙහෙරානයේ විශාල පිපිරීමක්
නැගෙනහිර ටෙහෙරානයේ විශාල පිපිරීමක් වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාන රාජ්‍ය මාධ්‍ය සහ AFP ප්රවෘත්ති ඒජන්සි වාර්තාකරුවෙකු විසින් මෙය තහවුරු කර ඇත. මේ අතර, ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව විසින් අද (04) උදෑසන නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ "ටෙහෙරානයේ ඉරාන ත්‍රස්තවාදී රජයේ ඉලක්ක, ඉලක්ක කර ගනිමින් පුළුල් පරිමාණ ප්‍රහාර" ආරම්භ කර ඇති බවයි.
News Room
Mar 41 min read


ආනයනය කරනු ලබන භාණ්ඩ මත පනවා ඇති සෙස් බද්ධ ඉවත් කිරීමට අනුමැතිය
හඳුනාගනු ලැබ ඇති සංශෝධිත වර්ගීකරණ සංකේතාංක 2,634 ක් යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ මත පනවනු ලැබ ඇති සෙස් (CESS) බද්ද ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව, 2026 වසරේ සිට 2029 වසර දක්වා වසර 04 කදී අදියර 04 ක් වශයෙන් මෙය ඉවත් කිරීමට කටයුතු යොදන බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
News Room
Mar 41 min read


අමෙරිකා ඊශ්‍රායල හා ඉරාන යුද්ධයේ නවතම තත්ත්වය
ඉරානය පළමුව ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට තමන් විශ්වාස කළ නිසා, ඊට පෙර ඉරානයට ප්‍රහාර එල්ල කරන ලෙස ඇමෙරිකානු හමුදාවන්ට නියෝග කළ බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඉරානය අඛණ්ඩව සිව්වන දිනයටත් ඊශ්‍රායලයට සහ මැදපෙරදිග පිහිටි ඇමෙරිකානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට සහ Fujairah නගරයේ වරායකට ද ප්‍රහාර එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කරන ප්‍රහාර තවදුරටත්
News Room
Mar 41 min read


ඉරානයේ භූ කම්පනයක්
ඉරානයේ ගෙරාෂ් ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබේ. එය රික්ටර් මාපක 4.3ක් ලෙස එය සටහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ මෙම භූ කම්පනය කිලෝමීටර 10ක් ගැඹුරින් සිදුව ඇති බවය.
News Room
Mar 31 min read


කටුනායක සිට මැදපෙරදිග දක්වා තිබූ ගුවන් ගමන්වාර 57ක් අවලංගු කරයි
මැදපෙරදිග ඇති වී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මැදපෙරදිග දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන්වාර 57ක් අද (03) දිනයේද අවලංගු කර තිබේ. ඒ අනුව මෙරටින් පිටත්ව යෑමට නියමිතව තිබූ ගුවන්ගමන් වාර 28ක් සහ මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන්ගමන් වාර 29ක් අවලංගු වී ඇත. මේ අතර හෙට (04) දිනේය දී ද ගුවන් ගමන්වාර 4ක් අවලංගු කර තිබේ. මැදපෙරදිගට යන සහ එන මෙන්ම එම කලාපය හරහා වෙනත් ගමනාන්ත වෙත පියාසර කරන ගුවන් යානා තවදුරටත් තාවකාලිකව අවලංගු කර ඇති බව, ශ්‍ර
News Room
Mar 31 min read


ඊශ්‍රායල ප්‍රහාර ටෙහෙරාන් සහ බීරූට් අගනුවරටත්
ඉරානයේ අගනුවර වන ටෙහෙරානය සහ ලෙබනනයේ අගනුවර වන බීරූට් ඉලක්ක කර ගනිමින් තමන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) තහවුරු කරනවා. ඊශ්‍රායල හමුදාව නිකුත් කළ නිවේදනයකට අනුව, ඔවුන් මේ වන විට ටෙහෙරාන් සහ බීරූට් යන නගර දෙකෙහිම පිහිටි හමුදා ඉලක්ක වෙත "සමගාමීව ඉලක්කගත ප්‍රහාර" (Simultaneous targeted strikes) එල්ල කරමින් සිටියි. මෙම ප්‍රහාරය එල්ල කිරීමට පැයකට පමණ පෙර, බීරූට් දකුණු තදාසන්න ප්‍රදේශවල සහ ගම්මාන රැසක වෙසෙන ජනතාවට වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායලය "හදිසි අනතුරු ඇඟවීමක්" නික
News Room
Mar 31 min read


දිවයිනට රැගෙන ආ පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට රැගෙන එයි
ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී ඉදිරි විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාර දී තිබේ. සැකකරු අද පෙරවරුවේ දිවයිනට රැගෙන ආ පසු කටුනායක ගුවන් තොටුපළින් පිටතට රැගෙන ගිය අතර ඉදිරි විමර්ශන සඳහා ඔහු මෙලෙස එම කොට්ඨාසය වෙත භාර දී ඇත. ඝාතන සිදුවීමක් සම්බන්ධයෙන් පොඩි ලැසී 2016 වසරේදී අත්අඩංගුවට පත්වූ අතර ඒ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටි මනෝජ් මෙන්ඩිස
News Room
Feb 272 min read


අමාත්‍ය විජිත හේරත් ජර්මනියේ සංචාරයකට පිටත් වෙයි
අමාත්‍ය විජිත හේරත් අද (26) ජර්මනියේ සංචාරයක් සඳහා පිටත්ව යන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, ජර්මානු - ආසියා පැසිෆික් ව්‍යාපාරික සංගමයේ 125 වැනි සංවත්සර උත්සවය සඳහා අමාත්‍යවරයා සහභාගී වීමට නියමිත අතර, එම උත්සවය ඇමතීමට ද නියමිත බවයි දැක්වෙන්නේ. වෙළෙඳාම සහ විදේශ රැකියා සම්බන්ධ රැස්වීම් මාලාවකට ද අමාත්‍යවරයා සහභාගී වීමට නියමිතයි. මෙම සංචාරයේදී අමාත්‍යවරයා, ජර්මනියේ විදේශ අමාත්‍යවරයා සමඟ ද්වි-පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
News Room
Feb 261 min read


T20 තීරණාත්මක තරග දෙකක් අද
2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ පළමු කාණ්ඩයේ තීරණාත්මක තරග දෙකක් අද (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, පළමු කාණ්ඩය යටතේ තරග වදින දකුණු අප්‍රිකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය අද පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි. දෙවැනි තරගය ඉන්දීය කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන අතර එම තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. මෙම තරග දෙකම ඉන්දියාවේ පැවැත්වෙනවා.
News Room
Feb 261 min read
bottom of page
