top of page


උද්ඝෝෂන කරන්න ගිය සුගීශ්වරට බිත්තර සහ ගොම ප්‍රහාරයක්
මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට විරෝධය පළ කිරීමට සුගීෂ්වර බණ්ඩාර ඇතුළු නව ජනතා පෙරමුණේ පාක්ෂිකයින් පිරිසක් අද (28) උදෑසන පැලවත්ත, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවස අසලට ගොස් තිබුණි. එහිදී නව ජනතා පෙරමුණේ පිරිස හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නිවස අසල විරෝධය පළ කරමින් සිටියදී සුගීෂ්වර බණ්ඩාර ඇතුළු කිහිපදෙනෙකුට ගොම ප්‍රහාරයක් එල්ල කරන අයුරු අද දෙරණ කැමරාවේ මෙලෙස සටහ
News Room
Apr 281 min read


මෛත්‍රීපාල සිරිසේන අල්ලස් කොමිසමට
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහත අද (28) මෙලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇති බව වාර්තා වේ.
News Room
Apr 281 min read


සාම පාගමනේ අවසන් දිනය අදයි
“ඒහි පස්සිකෝ“ ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අදට (28) යෙදී තිබෙනවා. අද දහවල් 12.00 ට කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වන සාම පා ගමන නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතයි. අනතුරුව, පස්වරු 4.00 ට නිදහස් චතුරස්රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් විශේෂ රාජ්‍ය උත්සවයක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. එහිදී ජනාධිපතිවරයා විසින් පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු නියෝජිත පිරිස වෙත ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධියක් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් භාර දීමට
News Room
Apr 281 min read


ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ නීතීඥවරිය රිමාන්ඩ්
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක වශයෙන් නම්කර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි නීතීඥවරියක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ. මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ නීතිඥ තමරා කුමාරි අබේරත්න නම් වූ නමැත්තියක් වන අතර සැකකාරිය ලබන මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රත් අධිකරණය අද (27) නියම කළේය. අදාළ රැඳවුම් නියෝග අවසන් වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාරිය අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
News Room
Apr 271 min read


පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා කාන්තාවන් දෙදෙනෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන්. මෙම සිදුවීම සඳහා ඉඩම් ආරවුලක් මුල් වී ඇති බවත්, අදාළ ඉඩම තමන් සතු බව මන්ත්‍රීවරයා පවසන අතර, තවත් පාර්ශවයක් ද එහි අයිතිය ඉල්ලා සිටින බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් මල්ලාකම් අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතින බවත් වාර්තා වෙනවා. පසුගිය 25 වැනිදා
News Room
Apr 271 min read


සාම පාද යාත්‍රාව අද දෙවැනි දිනටත්
සාම පාද යාත්‍රාව දෙවැනි දිනට අද (23) මාතලේ අලුවිහාරයෙන් ආරම්භ වූ අතර, එය මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාව දක්වා ගමන් කිරීමට නියමිතයි. වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්රමුඛ භික්ෂූන් වහන්සේ විසින් ඊයේ (22) දඹුල්ල පූජා නගරයෙන් මෙම සාම පාද යාත්‍රාව ආරම්භ කළා. ඒහිපස්සිකෝ සාමයේ පාගමන නමින් ආරම්භ වූ මෙය මේ මස 28 වැනිදා දක්වා පැවැත්වෙනවා. සාම පා ගමන සඳහා ”ආලෝකා” නැමැති සුනඛයාද භික්ෂූන් වහන්සේ සමග එක්ව සිටිනවා.
News Room
Apr 231 min read


අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර අද නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත
අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර මහතා අද (22) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව නුවරඑළිය පොලීසිය පවසයි. රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි. නුවරඑළිය පොලිසිය සඳහන් කළේ, සැකකරු පවුලේ ඥාතීන් සමඟ නුවරඑළිය ප්‍රදේශයට පැමිණ සිටියදී අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් සංචාරයක් සඳහා පැමිණි පිරිසක් සමඟ ඇති වූ බහින්
News Room
Apr 221 min read


'Walk For Peace' අද දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වෙයි
Walk For Peace සාම පා ගමන අද (22) ආරම්භ වනවා. අද පෙරවරුවේ පැවැත්වෙන සංඝගත දක්ෂිණාවෙන් පසුව මෙම සාම පා ගමන නිල වශයෙන් ආරම්භ වීමට නියමිතයි. දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන මෙම පා ගමන අද සවස මාතලේ අලු විහාරය වෙත ළඟා වීමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙම පා ගමන සඳහා පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්රමුඛ භික්ෂූන් වහන්සේ සහ 'ආලෝකා' නම් සුනඛයා එක් වීමට නියමිතයි. අද (22) සිට අප්‍රේල් 28 වැනිදා දක්වා දින හතක් පුරා මහා සංඝරත්නය ප්රමුඛ පිරිස මෙම සාම පා ගමනේ නිරත වීමට නියමිතව ඇති බවයි වැඩිදු
News Room
Apr 221 min read


ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට
රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් 'චොකා මල්ලි' නුවරඑළියේ දී බලපත්‍රයක් නොමැති පිස්තෝලයක් සමඟ නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රේමලාල් ජයසේකර මහතා පවුලේ ඥාතීන් සමග නුවරඑළිය ප්‍රදේශයට පැමිණ ඇති බවත්, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් නුවරඑළියේ සංචාරයක් සඳහා පැමිණි පිරිසක් සමඟ බහින්බස්වීමක් ඇතිව තිබුණි. එහිදී ප්‍රේමලාල් ජයසේකර මහතා සිය අතැති පිස්තෝලය පෙන්වා එම පිරිසට තර්ජනය කළ බවට නුවරඑළිය පොලීසියට ලද පැම
News Room
Apr 211 min read


සාම පාගමන මෙහෙයවන භික්ෂූන් වහන්සේලා අත්තනගල්ල රජමහා විහාරයට වැඩම කරයි
ලෝකයට සාමය පතා ක්‍රියාත්මක සාම පාගමන මෙහෙයවන වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු මහා සංඝරත්නය අද (21) පෙරවරුවේ අත්තනගල්ල රජමහා විහාරයට වැඩම කරනු ලැබුවා. එහිදී උන්වහන්සේලා පූජ්‍ය මේල්පිටියේ විමලකිත්ති නායක හිමිපාණන් වහන්සේ ප්රමුඛ මහ සංඝරත්නයේ ආශිර්වාද ලබාගෙන ආගමික වතාවත්වල නිරත විය. මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි ඇතුලු පිරිසක් ද එක්ව සිටියා. ජාත්‍යන්තර සාම පාගමන වෙනුවෙන් පූජ්‍ය පඤ්ඤාකර හිමියන්, අලෝකා නම් බලු සුරත
News Room
Apr 211 min read


පාස්කු ප්‍රහාරයට වසර 7යි
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර 7ක් සපිරීමට සමගාමීව වින්දිතයන් සැමරීමේ වැඩසටහනක් අද (21) පැවැත්වෙන බව ජාතික කතෝලික සභාව පවසනවා. ඒ අනුව මෙම වැඩසටහනේ ප්‍රධාන සැමරුම අද පෙරවරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේදී පැවැත්වූයේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ ඇන්ටන් රංජිත් සහයක රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයින්, විදෙස් තානාපතිවරුන්, වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් ද එක්වීමට නියමිතයි.
News Room
Apr 211 min read


'සාම පාගමන' වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා හත් නමක් අද උදෑසන දිවයිනට
සාම පාගමන වෙනුවෙන් වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්රමුඛ භික්ෂූන් වහන්සේලා හත් නමක් අද (21) උදෑසන දිවයිනට වැඩම කළහ. සාම පාගමන වෙනුවෙන් 'ආලෝකා' නම් සුනඛයා ද ආරක්ෂිතව මෙරටට පැමිණ තිබුණි. ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ''Walk For Peace" සාම පාගමන වැඩසටහන අද සිට 28 දක්වා ශ්‍රී ලංකාවේ දී රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. අතිපූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබා ගන්නා ලද බෝධි අංකුරයක් ද සමග මෙම පා
News Room
Apr 211 min read


යුදගැටුම් ආරම්භයෙන් පසු පැමිණෙන පළමු බොරතෙල් නෞකාව හෙට දිවයිනට
මැද පෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු මෙරටට පැමිණෙන පළමු බොරතෙල් නෞකාව හෙට (17) දිනයේ ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර පවසනවා. මෙම නෞකාව මඟින් බොරතෙල් මෙට්‍රික් ටොන් 97,500 ක් මෙරටට රැගෙන එන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ. මීට අමතරව, තවත් බොරතෙල් නෞකාවක් අප්‍රේල් මස අගදී පැමිණීමට නියමිතව ඇති බව ද ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
News Room
Apr 161 min read


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි මහතා සතුව අවි ආයුධ ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය කැස්බෑව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව අද (16) ඔහුගේ නිවස පරීක්ෂා කෙරුණි. එහිදී T56 උණ්ඩ 221ක්, T56 මැගසින් 2ක්, 7.2 උණ්ඩ 31ක්, 0.2 උණ්ඩ 103ක් සහ ජීව අත්බෝම්බයක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවිය. ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි මහතාව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ ජීව අත්බෝම්බය චෙකොස්ලෝවැකියාවේ නිෂ්පා
News Room
Apr 161 min read


මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නැවතත් රිමාන්ඩ්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ අප්‍රේල් 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. අද (10) ඔහු කුරුණෑගල පිලස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එම අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ. වාහන ලියාපදිංචි කිරීමේ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පසුගියදා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ අතර, එහිදී ඔහු අද දිනය
News Room
Apr 101 min read


බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද විවාදයට
බාල ගල්අඟුරු මෙරටට ගෙන්වීමේ සිද්ධිය මුල්කරගනිමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනවා. බාල ගල්අඟුරු මෙරටට ගෙන්වීමේ සිද්ධිය මුල්කරගනිමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව ඉකුත් මාර්තු 18 වැනිදා විපක්ෂය නියෝජනය කරන පක්ෂ විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළා. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා ප්‍රමාණවත් හා ගුණාත්මක ගල්අඟුරු ප්‍රසම්පාදනය සහතික කිරීමේ රාජකාරිය ඉටු කිරීමට අපොහොසත් ව
News Room
Apr 101 min read


හෝමාගම පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසු ගැටුමකින් සිසුවෙකු ජීවිතක්ෂයට
හෝමාගම ප්‍රදේශයේ පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින්, එම විශ්වවිද්‍යාලයේම සිසුවෙකු මියයෑමට අදාළව තවත් කරුණු අනාවරණය වී තිබේ. අදාළ විශ්වවිද්‍යාලය විසින් ඊයේ (9) දිනයේදී අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබිණි. එම අවුරුදු උත්සවයේ සියලු කටයුතු පස්වරු 6ට පමණ අවසන් වී ඇත. කෙසේ වෙතත් අනතුරුව එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් රාත්‍රියේ පෞද්ගලිකව සාදයක් සංවිධානය කර තිබිණි. එම සාදය පැවැත්වෙන අතරවාරයේ දී සිසුවියක් වැසිකිළියාමට ගොස් ඇති අතර, එහිදී ඇය පසුපස සිසුවෙ
News Room
Apr 101 min read


'හදිසි තත්ත්වය දීර්ඝ කිරීම' වැඩි ඡන්දයෙන් සම්මතයි
මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ කිරීම) වැඩි ඡන්ද 110කින් පාර්ලිමේන්තුවේදී අද (9) සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 137ක් ලැබුණු අතර, ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 27ක් පමණි. සමගි ජන බලවේගය, ඉලංකෙයි තමිල් අරුසු කච්චි, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්ෂවල මන්ත්‍රීවරුද, ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා මෙහිදී යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. ඉලංකෙයි තමිල් අරුසු කච්චි මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා යෝජනාවට ඡන්ද විමසීමක්
News Room
Apr 91 min read


රජයේ වෛද්‍ය නිලධාරීන් අද පැය 48 ක දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පෙරවරු 8.00 සිට පැය 48 ක කාලයක් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමට අදාළව, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තම සංගමය සමඟ එකඟ වූ කොන්දේසි කඩ කරමින් අදාළ පත්වීම් ලබා දීමට පියවර ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම සංගමය සඳහන් කළේ. ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු බවත්, එම සාකච්ඡාව අවසන් වන තෙක් ප්‍රශ්
News Room
Apr 91 min read


රන් මිල ඉහළට
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, රන් මිල සියයට 2.3කින් ඉහළ ගොස් රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,811.66ක් ලෙස වාර්තා වුණා. එසේම, රීදි මිල ද ඩොලර් 76.08ක් දක්වා සියයට 4.3කින් ඉහළ ගොස් තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවයි මෙම තත්ත්වය වාර්තා වී ඇත්තේ. කෙසේ වෙතත් පවතින වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා.
News Room
Apr 81 min read
bottom of page
