top of page


එයාර් බස් ගනුදෙනුවට හිටපු ජනපති මහින්දට සහ පියංකර ජයරත්නට කපිල චන්ද්‍රසේන විසින් අල්ලස් දුන් බවට හෙළිදරව්වක්
Airbus ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල්, සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී ඇති බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම අද (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඊට අමතරව අදාළ මුදල් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන ශමින්ද්‍ර රාජපක්ෂගේ ගිණුමට ද යොමු වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කළා. 2015 වසරේදී මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව රුපියල
News Room
Mar 191 min read


ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේන නැවත රිමාන්ඩ්
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අප්‍රේල් මස 02 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත. 2013 වසරේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී අමෙරිකානු
News Room
Mar 191 min read


ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල යළි ඉහළ ගොස් තිබෙනවා. බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල 4% කින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව බැරලයක මිල ඩොලර් 112 දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එසේම අමෙරිකානු වෙළෙඳපොළේ තෙල් මිල ද 3%කින් ඉහළ ගොස් ඩොලර් 99.27 ක් ලෙස සටහන් වී තිබෙනවා. ලොව විශාලතම ස්වාභාවික වායු නිධියක් වන ඉරානයේ 'සවුත් පාර්ස්' (South Pars) වායු පර්යන්තයට එල්ල වූ ප්‍රහාරයත් සමඟ මෙම මිල ඉහළ යාම සිදු වී ඇති බවයි සඳහන් වන්නේ. එම ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින්
News Room
Mar 191 min read


ලොව විශාලතම වායු නිධිය පුපුරුවන බවට ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීම්
ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය දිගින් දිගටම කටාර් රාජ්‍යයට ප්‍රහාර එල්ල කරන්නේ නම්, ඉරානයේ පිහිටි ලොව විශාලතම වායු නිධිය වන 'සවුත් පාර්ස්' South Pars නිධිය දැවැන්ත ලෙස පුපුරුවා හරින බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා. මැද පෙරදිග සිදුව ඇති දේ පිළිබඳ කෝපයෙන් ඊශ්‍රායලය, ඉරානයේ සවුත් පාර්ස් නම් ප්‍රධාන වායු නිධියට ප්රචණ්ඩ ලෙස පහර දී ඇති බවත්, එම ප්‍රහාරය පිළිබඳව අමෙරිකා එක්සත් ජනපදය කිසිවක් දැන නොසිටි බවත් ඔහු ප්‍රකාශ
News Room
Mar 191 min read


ඔත්තෙ ඉරට්ටේ ක්‍රමයට අද සිට ඉන්ධන
QR ක්‍රමවේදය හරහා ඉන්ධන කෝටාව ලබාදීමේ දී අද (19) සිට වාහන අංක තහඩුවේ අවසන් අංකය මත ඉන්ධන ලබාදිම සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය. වාහන අංක තහඩුවේ අවසන් අංකය බින්දුව හෝ ඉරට්ටේ සංඛ්‍යාවක් නම් ඉරට්ටේ දිනයක ඉන්ධන ලබාගත හැකි අතර අංක තහඩුවේ අවසන් අංකය ඔත්තේ සංඛ්‍යාවක් නම් ඔත්තේ දිනයක ඉන්ධන ලබාගත හැකි බව එම සංස්ථාව සඳහන් කළේය. ඒ අනුව අද ඔත්තේ දිනයක් වන අතර වාහන අංක තහඩුවේ අවසාන අංකය ඔත්තේ සංඛ්‍යාවන් වන 1, 3, 5, 7, 9 යන ඉලක්කම් ඇති වාහන සඳහා ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවත
News Room
Mar 191 min read


ඉරානය විසින් කටාර්හි Ras Laffan කාර්මික නගරයට එල්ල කළ ප්‍රහාරවලින් දැඩි හානි
කටාර් රාජ්‍යයේ ප්‍රධාන ගෑස් මධ්‍යස්ථානය වන Ras Laffan කාර්මික නගරයට ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් දැඩි හානි සිදුව ඇති බව කටාර් රාජ්‍යය නිවේදනය කර තිබෙනවා. රාස් ලෆාන් කාර්මික නගරය ඉලක්ක කර ගනිමින් ඉරානය එල්ල කළ මෙම ප්‍රහාරය කටාර් රාජ්‍යය දැඩි ලෙස හෙළා දකින බවත්, එහිදී හටගත් ගින්න හේතුවෙන් මධ්‍යස්ථානයට දැඩි හානි සිදුව ඇති බවත් කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා. එම ස්ථානයේ හටගත් ගින්න මේ වන විට පාලනය කර ඇති අතර, කිසිදු පුද්ගල තුවාලයක් වාර්තා වී නොමැති බවයි කටාර් අභ්
News Room
Mar 191 min read


ගල්ෆ්හි පිහිටි තෙල් සහ ගෑස් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් ප්‍රකාශයක්
ඉරානයට අයත් දකුණු පාර්ස් (South Pars) ස්වභාවික වායු නිධියට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස, පර්සියානු ගල්ෆ් කලාපයේ පිහිටි තෙල් සහ ගෑස් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවට ඉරානය ප්‍රකාශ කර තිබෙනවා. ඉරානයේ තස්නිම් (Tasnim) පුවත් ඒජන්සියට අනුව, ඉදිරි පැය කිහිපය තුළ සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් රාජ්‍යයේ පිහිටි බලශක්ති මධ්‍යස්ථාන 5ක් ඉලක්ක කරන බවයි ඉරාන බලධාරීන් පවසා ඇත්තේ. ඒ අනුව සෞදි අරාබියේ SAMREF පිරිපහදුව සහ ජුබයිල් (Jubail) රසායනික සංකීර්ණ
News Room
Mar 191 min read


ඉරානය තම ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවේ පවත්වන ලෙස ඉල්ලයි
ඉරානය තම ලෝක කුසලාන පාපන්දු තරග සියල්ලම මෙක්සිකෝවේදී පවත්වන ලෙස FIFA ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ. ඉරාන පාපන්දු කණ්ඩායම සහභාගී වන සියලුම තරග අමෙරිකාව වෙනුවට මෙක්සිකෝවේදී පවත්වන ලෙස ඉරාන පාපන්දු සභාපති මෙහ්දි තාජ් (Mehdi Taj) පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් ඉරාන කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බව ප්‍රකාශ කිරීම නිසා, තම කණ්ඩායම අමෙරිකාවට නොයවන බව ඉරානය පවසා ඇති බව සඳහන් වෙයි. සැලසුම් කර තිබූ පරිදි ඉරානයේ තරග කිහිපයක් අමෙරිකාවේ ලොස් ඇන්ජලී
News Room
Mar 171 min read


රට තුළ ඉන්ධන සංචිත ප්‍රමාණවත්වන දින ගණන ගැන හෙළිදරව්වක්
සාමාන්‍ය පරිභෝජනය යටතේ රට තුළ ඉන්ධන ප්‍රමාණවත් දින වකවාණු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (17) හෙළිදරව්වක් කළේය. පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය. පෙට්‍රල් 92 වර්ගය - අප්‍රේල් 23 වෙනිදා දක්වා පෙට්‍රල් 95 වර්ගය - මැයි 10 වෙනිදා දක්වා ඩීසල් - අප්‍රේල් 12 වෙනිදා දක්වා සුපර් ඩීසල් - මැයි 10 වෙනිදා දක්වා
News Room
Mar 171 min read


IRIS Dena නෞකාවට කළ ප්‍රහාරයට එරෙහිව පළිගැනීමට ඉරානය සූදානමින්
ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී IRIS Dena නෞකාවට ප්‍රහාරයක් එල්ල කර එහි සිටි නාවිකයින් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සිය සතුරු පාර්ශ්වයන්ට මාරාන්තික ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරාන නාවික හමුදාපති ෂහ්රම් ඉරානි අනතුරු අඟවා තිබේ. ඔහු පවසා ඇත්තේ, "අපි සතුරාගේ මෙම අපරාධය අමතක නොකරන අතර, අපගේ ප්‍රාණ පරිත්‍යාගීන්ගේ රුධිරය වෙනුවෙන් නිසැකවම පළිගන්නා" බවය. එමෙන්ම සතුරා බලාපොරොත්තු නොවන ස්ථානයක සිට එල්ල කරන මාරාන්තික ප්‍රහාර මගින් ඔවුන්ට දඬුවම් කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ
News Room
Mar 171 min read


ඉරාකයේ බැග්ඩෑඩ් නුවර අමෙරිකානු තානාපති කාර්යාලයට දැවැන්ත ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර
ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් දැවැන්ත ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති බව රොයිටර් පුවත් සේවය සහ ඒඑෆ්පී (AFP) පුවත් සේවය වාර්තා කරනවා. ඉරාක ආරක්ෂක අංශ AFP පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ, මෙය මෑත කාලීනව එල්ල වූ "දරුණුතම ප්‍රහාරය" බවයි. ප්‍රහාරයට පැය හයකට පමණ පෙර, අමෙරිකානු තානාපති කාර්යාලය ඉරාකයේ වෙසෙන අමෙරිකානු පුරවැසියන් වෙත ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව සඳහන්. එහිදී ඔවුන් පවසා තිබුණේ, "ඉරානයට හිතවාදී ත්‍රස්තවාදී කණ්
News Room
Mar 171 min read


ආසියානු වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට
ආසියානු වෙළෙඳපොළේ අද (17) පෙරවරුව වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල 2.8%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 103.08ක් ලෙස වාර්තා වී තිබේ. එමෙන්ම අමෙරිකානු බොරතෙල් මිලද 3%කින් පමණ ඉහළ ගොස් ඩොලර් 96.25ක් ලෙස සටහන් ව ඇති බවද සඳහන් වේ. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා කිහිපයක් ආරක්ෂිතව ගමන් කර ඇති බවට වාර්තා වීමත් සමග ඊයේ (16) දිනයේ තෙල් මිල සුළු වශයෙන් පහත වැටුණි. මේ අතර බලශක්ති අවශ්‍යතා සඳහා ගල්ෆ් කලාපයේ තෙල් මත යැපෙන ජපානය සහ දකුණු කොරියාව ඇතුළු ආසියානු කොටස් වෙළෙඳපොළ දර්ශක අද (17) සු
News Room
Mar 171 min read


සෑම සතියකම බදාදා දිනය රජයේ කාර්යාල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරයි
සෑම සතියකම බදාදා දිනය අධිකරණ සේවා, පාසල් සහ විශ්වවිද්‍යාල ඇතුළු රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. සෞඛ්‍ය, වරාය, ජල සම්පාදන, බලශක්ති සහ රේගුව යන රාජ්‍ය ආයතන මෙම විශේෂ නිවාඩුවට ඇතුළත් නොවන බව සඳහන්. එමෙන්ම සියලුම රාජ්‍ය උත්සව ද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවනු ලබන අතර පෞද්ගලික අංශයෙන් ද නැවත දැනුම් දෙන තුරු සෑම බදාදා දිනකම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ඉල්ලා සිටින්නේ. සංචාරක, කෘෂිකර්ම, සෞඛ
News Room
Mar 171 min read


ඉරානයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර ලැබෙන තෙක් බලාසිටින ඉන්දියාව
මැදපෙරදිග කලාපයේ හටගත් යුදමය තත්ත්වය හමුවේ ඉරානය විසින් අවහිර කරන ලද හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය නෞකාවලට ගමන් කිරීමට අවස්ථාව ලබා ගැනීම සඳහා ඉරානය සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසයි. පුවත්පතකට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඉරානය සමඟ සිදුකළ සාකච්ඡා දැනටමත් යම් යම් සුබවාදී ප්‍රතිඵල ලබා දී ඇති බවය. කෙසේ වෙතත්, සියලුම ඉන්දීය නෞකා සඳහා මෙතෙක් පොදු අවසරයක් හිමිව නොමැති බවත්, එක් එක් අවස්ථාවන්හිදී සිදුකරන සාකච්ඡා මත පදනම්ව නෞක
News Room
Mar 161 min read


සජින් වාස් ගුණවර්ධනට අධි චෝදනා
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් මිහින් ලංකා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අද (16) කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ. අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා ගොනු කර ඇත.
News Room
Mar 161 min read


ජපානය සිය පෞද්ගලික අංශයේ තෙල් සංචිත මුදාහැරීම ආරම්භ කරයි
ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මැදපෙරදිග කලාපයේ තෙල් නැව් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බැවින්, සිය ඉන්ධන සැපයුම ස්ථාවර කර ගැනීම සඳහා ජපානය සිය පෞද්ගලික අංශයේ තෙල් සංචිත මුදාහැරීම ආරම්භ කර ඇතැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. ජපානයේ NHK පුවත් සේවයට අනුව, දැනට මුදාහැර ඇති ඉන්ධන ප්‍රමාණය එරට දින 15ක පරිභෝජනයට සමාන වේ. ජපානයේ තෙල් ආශ්රිත සමාගම් සතුව දැනට දින 70කට ප්‍රමාණවත් සංචිත පවතින බව වාර්තා වේ. මීට අමතරව රජය සතුව වෙනම සංචිත පවතින අතර, ඉන් මාසයකට සෑහෙන සැපයුමක් මාර
News Room
Mar 161 min read


ලබන මස අවසන් වන තෙක් තෙල් ගටලුවක් නෑ; ඛනිජ තෙලේ නීතිගත සංස්ථාවේ සභාපති
ලබන මස අවසන් වන තෙක් තෙල් පිළිබඳ කිසිඳු ගටලුවක් නොමැති අතර මේ වන විට QR ඛේතය පිළිබඳ කිසිඳු ගැටළුවක් නොමැති බව ඛනිජ තෙලේ නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. ඒ. ඒස්. ද රාජකරුණා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (15) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදීයි. යුද්ධය ආරම්භ වූ මොහොතේ දී ජනතාව අනවශ්‍ය ලෙසින් බියට පත්වූ බවත්, ඒ හේතුවේන වෙනදාට වඩා වැඩියෙන් තෙල් පරිභෝජනය වූ බවත් ඔහු සඳහන් කළා. ඒ අනුව, ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට QR ඛේතය ගෙනාවේ පෙර අත්දැකීම් එක්ක බවත් තෙල් පරිභෝජනය අඩුකිරීම සහ ජන
News Room
Mar 161 min read


යුද්ධ අවසන් කිරීමට ඉරාන ජනාධිපතිගෙන් කොන්දේසි 3ක්
පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබේ. ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සාමය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සහ අදාළ පාර්ශවයන් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බවය. ඔහු කොන්දේසි ලෙස ඉදිරිපත් කර ඇත්තේ, ඉරානයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් පිළිගැනීම එනම් ඉරාන පාලනයේ ස්වෛරීභාවය සහ අයිතීන් ජාත්‍යන්තර මට්ටමින් තහවුරු කළ යුතු බව. සිදුවූ විනාශයන් වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ගෙවීමට පියවර ගැනීම. අනාගතයේ
News Room
Mar 121 min read


අද මධ්‍යම රාත්‍රියේ සිට ආහාර මිළ ගණන් ඉහළට
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ නංවන බව, සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව, ප්ලේන් ටී කෝප්පයක් රුපියල් 5.00 කින්, කිරි තේ කෝප්පයක් රුපියල් 10.00 කින්, කෙටි කෑම රුපියල් 10.00 කින් මෙන්ම බත් සහ කොත්තු රුපියල් 25.00 කින් ඉහළ නැංවීමට තීරණය කළ බවයි එම සංගමය සඳහන් කළේ. ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
News Room
Mar 111 min read


අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල ඉහළට
අද (10) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 3990කි. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 1602ක් වේ. එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 56කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 750කි. මෙම මිල සංශෝධනය සිදුකකරනු ලැබුවේ ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් සහ
News Room
Mar 111 min read
bottom of page
