top of page


සරණ ගුණවර්ධනට එරෙහිව ගොනු කර තිබූ නඩු හතරක තීන්දු අද
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු හතරක තීන්දු අද (26) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. පසුගිය අප්‍රේල් 30වනදා මෙම නඩුවල තීන්දු කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. කෙසේවෙතත් විනිසුරුවරයා එදින නිවේදනය කළේ මෙම නඩු වල තීන්දු ප්‍රකාශයට පත් කිරීම මැයි මස 26 වනදා සිදු කරන බවය. 2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම
News Room
May 261 min read


එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75%ක් දක්වා ඉහළට
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75%ක් දක්වා පදනම් අංක 100කින් වැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඊයේ (25) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මේ බව තීරණය කර ඇත. දේශීය හා ගෝලීය වශයෙන් පවතින තත්ත්වයන් සහ ඉදිරියේ ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳ හොඳින් සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. මේ වසරේ මාර්තු මාසය තුළ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 7.75% ලෙස පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව ත
News Room
May 261 min read


"ශ්‍රී ලංකාවේ හෙට දවස” ගැන ඇමැති විජිතගෙන් මූණටම අහමු
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන විශේෂ විවෘත සංවාද වැඩසටහන මැයි 31 දා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. “ශ්‍රී ලංකාවේ හෙට දවස” යන තේමාව යටතේ මෙල්බර්න් වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් මෙම විශේෂ හමුව සංවිධානය කරනු ලබයි. මව්බිමේ අනාගතය, ජාතික ප්‍රගතිය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව සතු අදහස් සහ ඔවුන්ගේ සෘජු දායකත්වය රටේ ඉදිරි ගමනට ලබාගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කරය
News Room
May 251 min read


වාහනවලට හිතුමතේ අංක තහඩු ගැසූ අයට පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
නිල වාහන අංක තහඩු මේ දක්වා නිකුත් කර නොමැති වුව ද, ප්‍රමිතිය විකෘති කරන ලද අංක තහඩු සවිකර රථවාහන ධාවනය කළ නොහැකි බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පවසනවා. වාහනයක ඉදිරිපස අංක තහඩුව සුදු පැහැති පසුබිමක කළු පැහැති අකුරෙන් ද, පසුපස අංක තහඩුව කහ පැහැති පසුබිමක කළු පැහැති අකුරෙන් ද තිබිය යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ. අලුතින් ගෙන්වන ලද වාහනවල හිමියන්, වාහනයේ වර්ණයට ගැළපෙන පරිදි විවිධ වර්ණවලින්
News Room
May 251 min read


ආසියානු තෙල් මිල කැපීපෙනෙන ලෙස පහළට
ඉරානය සමග සාකච්ඡා කර ඇති ගිවිසුම අවසන් අදියරේ පවතින බැවින් එහි කොටසක් ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයත් සමග ආසියානු බොර තෙල් මිල කැපී පෙනෙන ලෙස අඩුවී තිබේ. ඒ අනුව අද (25) උදෑසන වනවිට බ්‍රෙන්ට් මිල 5%කින් පහළ ගොස් ඩොලර් 97.90ක් වී ඇත. එමෙන්ම අමෙරිකානු WTI බොරතෙල් මිල 5.3%කින් පහළ ගොස් ඩොලර් 90.93ක් ලෙස සටහන්ව තිබේ. කෙසේ නමුත් මර්බන් බොරතෙල් මිල 0.06%කින් ඉහළගොස් ඩොලර් 102.21ක් වී ඇත. මේ හේතුවෙන් ආසියානු කොටස් වෙළෙඳපො
News Room
May 251 min read


යාපනයේ විද්‍යා ඝාතන සිද්ධියේ වරදකරු සියදිවි නසා ගනී
මහත් ආන්දෝලනයකට තුනු දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නම් දැරිය දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී රක්ෂිත බන්ධනාගාර ගතව සිටි වරදකරුවෙකු සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වේ. මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ පූබාලසිංහම් ජෙයකුමාර් නම් 46 හැවිරිදි අයෙක් බව සඳහන්ය. ඔහු යාපනය බන්ධනාගාරයේ රඳවා තිබූ අතර, ඊයේ (24) රාත්‍රියේ සියදිවි නසාගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්
News Room
May 251 min read


ජනපති ට්‍රම්ප්ගේ විධායක බලයට සෙනෙට් මණ්ඩලයෙන් ඓතිහාසික අභියෝගයක්
කොන්ග්රස් මණ්ඩලයෙන් පැහැදිලි අනුමැතියක් නොලැබුනහොත්, ඉරානයේ හමුදා මෙහෙයුම නතර කිරීම සඳහා වන යුද බලතල යෝජනාවක් අමෙරිකානු සෙනෙට් මණ්ඩලය ඉදිරිපත් තිබෙනවා. මෙම ව්‍යවස්ථාදායක පියවර ජනපති ට්‍රම්ප්ගේ විධායක බලයට එල්ල වූ සෘජු අභියෝගයක් වන අතර, සෙනෙට් මණ්ඩලය මෙවැනි පියවරකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙයයි. මෙම ඡන්ද විමසීමේ ඇති දේශපාලන වැදගත්කම කෙසේ වුවත්, මෙම යෝජනාව බලාත්මක වීම සඳහා තවමත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ (House of Representatives) බහුතර කැමැත්ත අවශ්‍යවන බව සඳහන්.
News Room
May 201 min read


PayPal සේවාව අද සිට ක්‍රියාත්මකයි
ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම අද (15) සිට ක්‍රියාත්මක වනවා. මෙම පද්ධතිය සක්‍රීය වීමත් සමඟ අන්තර්ජාලය ඔස්සේ සේවා සපයන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මෙන්ම නිදහස් වෘත්තිකයන්ට (Freelancers) තම ගෙවීම් සෘජුවම මෙරට බැංකු ගිණුම් වෙත ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර, එමඟින් මෙරටට ලැබෙන නිල විදේශ විනිමය ප්‍රමාණය ද ඉහළ යනු ඇති බවයි වාර්තා වන්නේ. PayPal හරහා මෙරටට මුදල් ගෙන්වා ගැනීමට මීට පෙර පැවති නීතිමය සහ තාක්ෂණික
News Room
May 151 min read


ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කුලියාපිටියෙන්
අද උදෑසන 8.30 න් අවසන් වූ ගතවූ පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 193 කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. එමෙන්ම, මිලිමීටර 175 අවිස්සාවේල්ල, පෙන්රිත් වතුයායෙන්, ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර 162ක් සහ ගම්පහ කිරිඳිවැල ප්‍රදේශයෙන් මිලිමීටර 152 ක් ලෙස වර්ෂාපතනය සටහන් වී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර, හෙට (16) උදෑසන 8.30 දක්වා බලපැවැත්වෙන පරිදි බස්නාහිර - සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අනතුරු
News Room
May 151 min read


අඩු පීඩන කලාපය පැය 48 තුළ දිවයිනෙන් ඉවතට
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපය, ඉදිරි පැය 48 තුළ දිවයිනෙන් ඉවතට ගමන් කරමින්, ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින දෙක තුළ ද තවදුරටත් පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු පළාත්වලත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, ම
News Room
May 131 min read


අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව ජුනි 19 කැඳවීමට නියෝග
හිටපු ඛනිජ තෙල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක් වැඩිදුර විභාගය සඳහා ජූනි මස 19 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කරනු ලැබුවා. 2014 වසරේ දෙසැම්බර් මාසයේදී ගංවතුර ආධාර සපයන බව පවසමින්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් අනීතික ලෙස වැය කිරීම මඟින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා. එම චෝදනා යටතේ ගොනු කර ඇති මෙම නඩුව අද (13) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ්
News Room
May 131 min read


දිස්ත්‍රික්ක කිහිපයකට කාලගුණයෙන් රතු නිවේදන
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන්, දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකිය. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති වේ. ගිගුරුම් සහිත තද
News Room
May 131 min read


අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් 6කට නායයෑම් අනතුරු ඇඟවීම්
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ, දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12 ක් සඳහා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ‘අදියර දෙක’ යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ. මීට අමතරව, බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල, රත්තොට සහ අඹන්ගඟ කෝරළය, මොණරාගල දිස්
News Room
May 121 min read


මහින්ද රාජපක්ෂ අල්ලස් හා දූෂණ කොමිසමට
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කළ දැනුම්දීමකට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න අද (12) උදෑසන එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි. ඒ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදී ගැනීම පිළිබඳව එම කොමිසම සිදුකරන විමර්ශනයට අදාළවයි. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උදෑසන 9.00ට එම කොමිසම හමුවේ පෙනී සිටින බවයි ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ ප්‍රකාශ කළේ. මෙම ගනුදෙනුවේදී ඩොලර් මිලියන දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබාග
News Room
May 121 min read


ලංකාවේත් PayPal සේවාව මැයි මස 15 සිට
PayPal සේවාව මෙරටට හඳුන්වාදීම සඳහා වන මූලික කටයුතු සහ තාක්ෂණික සාකච්ඡා සාර්ථකව ඉදිරියට ගෙන යමින් සිටින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි. එම සේවාව ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීම, ශ්‍රී ලාංකීය ඩිජිටල් ව්‍යවසායකයන්ට, තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට සහ නිදහස් වෘත්තිකයන්ට නව අවස්ථා රැසක් විවෘත කරන ඓතිහාසික පියවරක් වනු ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ අනුව, ගෝලීය වෙළෙඳපොළ තුළ සේවාවන් සපයන ශ්‍රී ලාංකීය Freelancers හට තම ආදායම සෘජුව, සුරක්ෂිතව සහ පහසුවෙන් මෙරටට ගෙන්වා ගැනීමට පවතින බා
News Room
May 81 min read


දෙනියායේ පාසල් 4ක් උණ රෝගයක් නිසා වසා දැමේ
පාසල් දරුවන් අතර සීඝ්රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන්, දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් හෙට (08) වසා තැබීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ සඳහන් කළේ. ඒ අනුව දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය මෙලෙස වසා දැමීමට නියමිතයි. රෝග ව්‍යාප්තිය පාලනය කිරී
News Room
May 81 min read


කපිල චන්ද්‍රසේනට වරෙන්තු
ඇප මත මුදාහැර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (7) නියෝගයක් නිකුත් කළේය. අල්ලස් කොමිසම සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත්කර ඇත. කපිල චන්ද්‍රසේන මහතාගේ ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි ඉල්ලා අල්ලස් කොමිසම අදාළ ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි. අල්ලස් කොමිසම
News Room
May 71 min read


අජිත් නිවාඩ් කබ්රාල්ට නැවත නඩු
2012 වසරේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින බව දැනුවත්වම ග්‍රීක බැඳුම්කර මිලදීගැනීම හරහා ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් යළිත් වරක් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ. ඒ මීට පෙර අධිකරණය විසින් පනවා තිබූ, මාස තුනක් ඇතුළත රුපියල් මිලියන 100ක මුදලක් තැන්පත් කිරීමේ කොන්දේසිය කඩකිරීම හේතුවෙන් දූෂණ විරෝධී පනතේ 67 (5) වගන්තිය යටතේය. රුප
News Room
May 71 min read


CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි
ලොව ප්‍රථම පැය 24 පුරා ක්‍රියාත්මක පුවත් නාලිකාව වන CNN ජාලය ආරම්භ කරමින් රූපවාහිනී පුවත් කලාවේ විප්ලවීය වෙනසක් සිදුකළ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට එතුමන් 87 වැනි වියෙහි පසුවුණා. ඔහියෝහි උපත ලබා ඇට්ලන්ටාහි ව්‍යාපාරිකයෙකු ලෙස ප්‍රසිද්ධ වූ ඔහු, තමන්ට රිසි දේ නොපැකිළිව ප්‍රකාශ කිරීම නිසා "ද මවුත් ඔෆ් ද සවුත්" (The Mouth of the South) යන අන්වර්ථ නාමයෙන්ද හැඳින්වූවා. ඔහු කේබල් රූපවාහිනී ක්ෂේත්රයේ ප්‍රථම 'සුපර් ස්ටේෂන්' එක මෙන්ම චිත්‍රපට සහ කාටුන් සඳහා ජනප්‍රිය න
News Room
May 71 min read


තලපති විජේගේ 'මහ ඇමති' සිහිනය කල් යයි
TVK පක්ෂයේ නායක සුපිරි කොලිවුඩ් නළු තලපති විජේ අද (07) තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම් දීමට සැලසුම් කර තිබුණද එය අද සිදු නොවන බව ඉන්දීය වාර්තා සඳහන් කළා. ඒ, තමිල්නාඩුවේ බලය පිහිටුවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව විජේගේ පක්ෂයට මෙතෙක් සම්පූර්ණ කර ගැනීමට නොහැකි වීම හේතුවෙන්. විජේ ඇතුළු පක්ෂයේ නියෝජිතයින් ඊයේ තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් හමුවූ අතර, එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය බහුතරය පෙන්වන ලෙසටයි. මේ අතර, තමිල්නාඩුවේ ආණ්ඩුව පිහිටුවීම සඳහා තලපති විජේගේ නායකත්වයෙන් යුත් T
News Room
May 71 min read
bottom of page
