top of page


ඩයනා ගමගේට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අද
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ආරම්භ විය. විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනා යටතේ මෙම නඩුව පවරා ඇත. ඒ අනුව අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය වෙත අධිකරණ
News Room
Oct 30, 20251 min read


ඔස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයෙකු පන්දුවක් වැදී ජීවිතක්ෂයට
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පුහුණු සැසියකදී ක්‍රිකට් පන්දුවක් ශරීරයේ වැදීමෙන් 17 හැවිරිදි ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ බෙන් ඔස්ටින් (Ben Austin) නම් ක්‍රීඩකයායි. පසුගිය අඟහරුවාදා ෆර්න්ට්රී ගලී (Fetree Gully)හි ක්‍රිකට් දැල තුළ පුහුණුවීම් කරමින් සිටියදීයි මෙම සිදුවීම සිදුව ඇත්තේ. ඔහුගේ හිසට හෝ ගෙල ප්‍රදේශයට පන්දුව වැදී ඇති අතර, ඔහු හිස්වැස්මක් (helmet) පැළඳ සිටි බවට විශ්වාස කෙරෙන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්න
News Room
Oct 30, 20251 min read


දකුණු අප්‍රිකාව එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගයට
එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 125කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකාව අද (29) සමත් විය. ගුවහාතිහිදී පැවති මෙම තරගයේ දකුණු අප්‍රිකාවෙන් හිමි වූ ලකුණු 320ක ඉලක්කයට පිළිතුරු ලෙස එංගලන්තයට පන්දුවාර 42.3කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 194ක් පමණි. මෙය වසර 52ක (1973 වසරේ සිට) ඉතිහාසයක් ඇති එක්දින කාන්තා ලෝක කුසලාන තරගබිමේ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමක් අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථා
News Room
Oct 30, 20251 min read


"රටම එකට" ජාතික මෙහෙයුම අද සිට
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල "රටම එකට - ජාතික මෙහෙයුම" අද (30) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. එහි සමාරම්භක වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ආගමික නායකයින්, මහජන ආරක්ෂක කමිටුවල කණ්ඩායම්, පොලීසියේ සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මෙන්ම විදේශ තානාපතිවරු 50 දෙනෙකු ද මෙම ජාතික වැඩසටහන සඳහා සහභාගී වීමට නියමිතව ඇත. මෙරට තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල්
News Room
Oct 30, 20251 min read


කාන්තාවන් වෙනුවෙන් කාන්තා කොමිෂන් සභාවක් පත් කිරීමට තීරණයක්
කාන්තාවන්ගෙ ගැටලු නිරාකරණය කිරීම සඳහා කාන්තා කොමිෂන් සභාවක් පත්කිරීමට රජය තීරණය කර ඇත. මෙම කොමිෂන් සභාවට දැනටමත් සත් දෙනෙකුගෙන් යුත් සාමාජිකයින් පිරිසක් පත්කර ඇතැයි වාර්තා වේ. 2024 අංක 34 දරණ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනතේ බලතල අනුව මෙම සාමාජිකයින් පත්කර ඇත. කාන්තා කොමිෂන් සභාවට රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා ස්ථානවලදී කාන්තාවන්ට සිදුවෙන ගැටලු, හිරිහැර සහ අසාධාරණකම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හැකියාව ලැබෙනු ඇත.
News Room
Oct 30, 20251 min read


දකුණු කොරියාවේ ඉහළම ගෞරව සම්මානය ඩොනල්ඩ් ට්‍රම්ප්ට
දකුණු කොරියාවේ ඉහළම ගෞරව සම්මානය වන Grand Order of Mugunghwa අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිරිනමා තිබෙනවා. ඒ කොරියානු අර්ධද්වීපයේ සාමය ප්‍රවර්ධනය කිරීමේ ප්රයත්න වෙනුවෙන්. දකුණු කොරියානු ජනාධිපති කාර්යාලයට අනුව, මෙම සම්මානය ලැබූ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා වන්නේ ට්‍රම්ප්. මෙම සම්මානය, රාජ්‍ය නායකයන් සඳහා වෙන් කර ඇති කොරියාවේ ඉහළම ගෞරවයයි. එය දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් විසින් ට්‍රම්ප්ට පිරිනැමුවා. මෙම කීර්තිමත් සම්මානය පිරිනැමීම සිදුවූයේ ට්‍රම්ප් APEC ප්‍රධ
News Room
Oct 29, 20251 min read


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නඩුව ජනවාරි 28 දක්වා කල් යයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව එළැඹෙන ජනවාරි 28වනදා යළි කැඳවීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියම කළේය. අදාළ නඩුවට පෙනී සිටීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් අධිකරණයට පැමිණියේය. එහිදී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටි නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. එමෙන්ම ඉකුත් දිනයේ
News Room
Oct 29, 20251 min read


ජගත් මනුවර්ණට වරෙන්තු
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් අද (29) වරෙන්තු නිකුත් කර තිබෙනවා. 2008 වර්ෂයට අදාළව, ඔහුට එරෙහිව එම අධිකරණයේ පවතින නඩු දෙකකට සහභාගී නොවීම සම්බන්ධයෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා විසින් මහේස්ත්රාත්වරයාට දැනුම් දුන්නේ තම සේවාදායකයා ඉඩම් බෙදාදීමේ ජාතික වැඩසටහනට සහභාගී වී සිටින බැවින් අද දින අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.
News Room
Oct 29, 20251 min read


නාරහේන්පිට නිවාස සංකීර්ණයක ගින්නක්
නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක මේ වනවිට ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ 13ක් පිටත්කර යවා තිබේ. අදාළ නිවාස සංකීර්ණයේ සිව්වන මහලේ මෙම ගින්න හටගෙන තිබුණු අතර, ඉහළ මහල්වල සිරවී සිටින ජනතාව මුදාගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. ඒ සඳහා skylift වාහන දෙකක් ද එම ස්ථානයට පිටත් කර යවා තිබේ. ගින්න හට ගැනීමත් සමඟ පිටවීමේ දොරටු සිරවී ඇති බැවින් මෙම skylift වාහන භාවිත කරමින් සිරවී සිටින පිරිස මුදාගැනීමට මේ වනවිට කටයුතු කරමින් සිටී. මේ අතර ගි
News Room
Oct 29, 20251 min read


සෙව්වන්දිට පිස්තෝලය ගේන්න දණ්ඩ නීති සංග්‍රහය දුන් නීතිඥවරියට රැඳවුම් නියෝග
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නීතිඥවරියගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 72ක් රඳවුම් නියෝග ලබාගෙන තිබේ. ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා පැමිණි ඉෂාරා සෙව්වන්දිට පිස්තෝලය සඟවා රැගෙන ඒම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබාදී ඇත්තේ මෙම නීතීඥවරිය බව සඳහන් ය. මෙම නීතීඥවරිය ඊයේ (28) රාත්‍රියේ කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
News Room
Oct 29, 20251 min read


කාන්තා ලෝක කුසලාන අවසන් පූර්ව වටය අදින් ඇරඹේ
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (29) ආරම්භ වෙයි. අවසන් පූර්ව වටයේ පළමු තරගය එංගලන්ත කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර අද පැවැත්වීමට නියමිතව තිබේ. දෙවෙනි අවසන් පූර්ව වටයේ තරගය ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර හෙට පැවැත්වීමට නියමිතය. මෙම තරගවලින් ජය ගන්නා කණ්ඩායම් ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.
News Room
Oct 29, 20251 min read


ගාසා තීරයට 'දරුණු ප්‍රහාර' එල්ල කිරීමට ඊශ්‍රායල අගමැති නියෝග කරයි
ගාසා තීරයට 'දරුණු ප්‍රහාර' එල්ල කරන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට හමුදාවට නියෝග කර තිබේ. අගමැතිවරයා විසින් ඊශ්‍රායල හමුදාවට නියෝගය කර ඇත්තේ, එම ප්‍රහාරය වහාම ක්‍රියාත්මක කරන ලෙසය. අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් ඇති වූ සටන් විරාමය නැවත නැවතත් උල්ලංඝනය කරන බවට චෝදනා කරමින් හමාස් සංවිධානයට එරෙහිව "දැඩි ප්‍රහාර" එල්ල කරන බව ඊශ්‍රායලය පවසයි.
News Room
Oct 29, 20251 min read


ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්
ඉන්දුනීසියාව ආසන්නයේ BANDA වෙරළේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.4ක් ලෙස සටහන් වූ බවය. භූ කම්පනය කිලෝමීටර් 137ක් ගැඹුරින් සිදු වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පැවසීය. මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් ඇතිව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
News Room
Oct 29, 20251 min read


හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව හෙට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නීති කෘත්‍ය, හෙට (29) නැවත කැඳවීමට නියමිතය. පොදු දේපොළ පනත යටතේ චෝදනා ලද හිටපු ජනාධිපතිවරයා, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවියගේ නියෝගය පරිදි පසුගිය අගෝස්තු 22 දින රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඊට අදාළ නීති කෘත්‍ය අගෝස්තු 26 වනදා නැවත කැඳවනු ලැබීය. එහිදී පැමිණිලි සහ විත්ති පාර්ශ්ව විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ඇප මත මුදා හැරීමට නියෝග කෙරුණි.
News Room
Oct 29, 20251 min read


කෙහෙළිය පරිහරණය කළ නිවසක් මහාධිකරණයක් සඳහා යෝජනා වෙයි
දුෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) ප්‍රකාරව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා නව මහාධිකරණ කිහිපයක් කඩිනමින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, කඩිනමින් නව මහාධිකරණ 4ක් ස්ථාපිත කිරීම සඳහා දැනට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය භාරයේ පවතින පහත සඳහන් ලිපිනයන්හි පිහිටි ගොඩනැගිලි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත භාර දීම පිණිස සිය අමාත්‍යාංශය විසින් පියවර ගනු ලබන බවට රාජ්‍ය
News Room
Oct 28, 20251 min read


ලසන්ත වික්‍රමසේකර ඝාතනයට අදාළව සැකකරුවන් 09 ක් අත්අඩංගුවට
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 09 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. එම පිරිස අතරින් වෙඩික්කරු, යතුරුපැදිකරු, වෙඩික්කරුගේ බිරිය, කැකිරාවේදී සැඟව සිටීමට ආධාර අනුබල දුන් අයෙක්, බොරැල්ල ‘සහස්පුර’ ප්‍රදේශයේ දී වෙඩික්කරුට සහාය දුන් පුද්ගලයන් දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් 06 දෙනෙක් මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවේ පසුවෙනවා. මීට අමතරව, වෙඩික්කරුට ඝාතනයට පෙර සහ පසු ප්
News Room
Oct 28, 20251 min read


සිරදඬුවම් නියමවූ මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා කැඳවීම ජනවාරි 20 වැනිදා
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ වරදකරුවන් වී සිර දඬුවම් නියම වී සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරු දෙදෙනා විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා ජනවාරි මස 20 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබෙනවා. මෙම අභියාචනා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (28) කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
News Room
Oct 28, 20251 min read


දකුණු ආසියා මලල ක්‍රීඩා අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට
ඉන්දියාවේ දී පැවැත්වුණු 2025 දකුණු ආසියා මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) දිවයිනට පැමිණියහ. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීහු ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ. මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා කීවේ ජයග්‍රහණය උදෙසා කැපවීමෙන්, උනන්දුවෙන් තරඟ කිරීම වෙනුවෙන් සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත්, ඔවුන්ගේ පුහුණුකරුවන්ටත් තරුණ කටයුතු සහ ක්‍රීඩ
News Room
Oct 28, 20251 min read


මහ බැංකුව සඳහා නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙකු පත්කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය සී. අමරසේකර මහතා 2025 ඔක්තෝබර් මස 24 වන දා සිට ද සහකාර අධිපති ලෙස සේවය කළ කේ.ජී.පී. සිරිකුමාර මහතා 2025 නොවැම්බර් මස 03 වන දා සිට ද ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස පත් කර ඇත. ඒ සම්බන්
News Room
Oct 28, 20251 min read


බෙලවියා සහ රෙඩ් විනිග්ස් ගුවන් සේවය අද සිට මත්තල ගුවන් තොටුපොලට
ශීත සෘතුව වෙනුවෙන් බෙලවියා ගුවන් සේවය සහ රෙඩ් විනිග්ස් ගුවන් සේවය අද සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොල දක්වා ගමන් ආරම්භ කරනවා. එහි ආරම්භය සනිටුහන් කරමින් බෙලරූස් රාජ්‍යයෙහි බෙලවියා ගුවන් සේවය සහ රුසියාවේ රෙඩ් විනිග්ස් ගුවන් සේවය අද මත්තල ගුවන් තොටුපොලට පැමිණීමට නියමිතයි.
News Room
Oct 28, 20251 min read
bottom of page


