top of page


හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 92 වන වියේ පසුවුණි. වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසය. ඇය ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර, ඒ අතර විදෙස් භාෂා ගීත ද වේ. සිනමාවේ සදාකාලික 'ගී රාජිනිය' ලෙසද ලතා වල්පොල මහත්මිය විරුධාවලි ලබා ඇත. 1953 වසරේ දී 'එදා රෑ' චිත්‍රපටයෙන් සිනමා පසු
News Room
Dec 28, 20251 min read


ආපදා තත්ත්වයත් සමඟ වාහන අලෙවියේ අඩුවක්
ආපදා තත්ත්වයත් සමග වාහන අලෙවියේ අඩුවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ කොළඹ ඊයේ (26) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි මේ බව කියා සිටියේ. ආනයනික වාහන මාස 03ක් තුළ අලෙවි නොකරන්නේ නම් ඉන් පසු අය කරන දඩ මුදල ඉවත් කර දෙන ලෙස ද රජයෙන් ඉල්ලා සිටින බවයි.
News Room
Dec 27, 20251 min read


තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාම ගිවිසුමකට අත්සන් තබයි
තායිලන්තය සහ කාම්බෝජය අතර සති ගණනාවක් පුරා පැවති දරුණු දේශසීමා ගැටුම් නැවැත්වීම සඳහා සටන් විරාම ගිවිසුමකට දෙපාර්ශ්වය අද (27) අත්සන් තබා තිබේ. තායිලන්තය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍ය නතාෆොන් නාර්ක්ෆනිට් සහ කාම්බෝජය වෙනුවෙන් ටී සෙයිහා විසින් මෙම ගිවිසුමට අත්සන් තබා ඇත. ඒ අනුව දෙරටේ ආරක්ෂක අමාත්‍යවරු සටන්විරාමය පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ, අද දහවල් සිට සටන් විරාමය ක්‍රියාත්මක වන බවය. දෙරටේ දේශසීමා අතර පසුගය කාලසීමාවේ ඇති වූ දරුණු යුදමය තත්ත්වයනේ පුද්ගලයින් 101ක
News Room
Dec 27, 20251 min read


අත්අඩංගුවට ගනු ලැබූ ඩග්ලස් දේවානන්දා අද අධිකරණයට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. යුද හමුදාවෙන් ඔහුට නිකුත් කළ ගිනිඅවියක් වැලිවේරිය ප්‍රදේශයේදී අපරාධකරුවෙකු සන්තකයේ තිබී හමුවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඒ මහතා ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබුණි. හිටපු අමාත්‍යවරයෙකු වූ ඩග්ලස් දේවානන්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේය. යුද හමුදාව විසින් ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳ
News Room
Dec 27, 20251 min read


ජනපතිගේ නත්තල් සුබ පැතුම
ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත බැතියෙන් සමරන අසිරිමත් නත්තල අදට (25) යෙදී තිබෙනවා. උදා වූ නත්තලට ජනපති අනුර කුමාර දිසානායක සිය සුබපැතුම් පණිවිඩය නිකුත්කර තිබෙනවා. නත්තල් සුබ පැතුම් පණිවිඩය මගින් ජනපතිතුමන් පවසන්නේ යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දෙමින් අභියෝග ජය ගෙන රටක් ලෙස එක්ව නැගී සිටිමු'යි සියලු දෙනාට ආරාධනා කරන බවයි. ජනපතිගේ නත්තල් සුබ පැතුම් පණිවිඩය පහතින්. ''ශ්‍රී ලංකාවාසී අප මෙවර නත්තල සමරන්නේ ජාතියක් ලෙස ඉතා වේදනාකාරී ස්වභාවික ව්‍යසනයකට ම
News Room
Dec 25, 20251 min read


ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්
ඉන්දියානු දේශීය ගුවන් සේවා ක්ෂේත්රයේ පවතින ඒකාධිකාරී ස්වභාවය අවම කරමින්, නව ගුවන් සමාගම් තුනකට ඉන්දීය අහසේ මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා මධ්‍යම රජයේ අනුමැතිය හිමිව තිබෙනවා. මෙසේ අවසර හිමිව ඇත්තේ Al Hind Air, FlyExpress සහ Shankh Air යන ගුවන් සමාගම් වෙතයි. Al Hind Air සහ FlyExpress යන සමාගම් දෙකට මේ සතියේදී රජයෙන් 'විරුද්ධත්වයක් නොමැති බවට වන සහතිකය' (NOC) හිමිවූ අතර, Shankh Air සමාගම මීට පෙර එම අවසරය ලබාගෙන තිබුණා. මෙම තීරණය විශේෂ වැදගත්කමක් ගන්නේ දෙසැම්බර් මුල් සතියේ 'ඉන්ඩිගෝ'
News Room
Dec 25, 20251 min read


අසිරිමත් නත්තල් දිනය අදයි
ලෝකවාසී ජනතාව මහත් හරසරින් සමරන නත්තල් දිනය අදයි. දේව පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ බෙත්ලෙහෙමේ දුගී ගවලෙනක උපන් ඒ අසිරිමත් රාත්‍රිය නත්තල ලෙස කිතුනුවන්ගේ ආදරයටත්, ගෞරවයටත් පාත්‍ර වී තිබෙනවා. සාමයේ කුමරුවන් වන ජේසු සමිඳුන්ගේ උපත සිහි කරන නත්තල තුළ ප්‍රේමය, සාමය, සතුට, බෙදාගැනීම, පරිත්‍යාගය පිළිබඳ පණිවුඩය ගැබ්ව තිබෙනවා. මෙවර නත්තල් ප්‍රධාන දේව මෙහෙය උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේදී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්ව
News Room
Dec 25, 20251 min read


ලිබියානු යුද හමුදාපති ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට
ලිබියානු යුද හමුදාපති මොහොමඩ් අලි අහ්මඩ් අල් හඩාඩ්, තුර්කියේ අන්කාර නුවර ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරකින් මියගොස් තිබේ. හමුදාපතිවරයා, හමුදාවේ උසස් නිල දරන ප්‍රධානීන් සිවු දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් රැගත් පෞද්ගලික ජෙට් යානය අනතුරට ලක්වන අවස්ථාවේදී අන්කාරා සිට ලිබියාවේ ට්‍රිපොලි බලා පියාසර කරමින් පැවතියේය. අනතුරින් යානයේ සිටි සියලුමදෙනා මියගොස් තිබේ. අනතුරට පෙර යානයේ නියමුවන් යම් තාක්ෂණික දෝෂයක් සම්බන්ධව ගුවන් පාලක මධ්‍යස්ථානයට දන්වා, එහි ඉන්ධන හෙලමින් යානය ගොඩබැස
News Room
Dec 24, 20251 min read


ආපදාවට ලක් වූ කර්මාන්තකරුවන් 53කට රුපියල් මිලියන 106.2ක මුදලක්
"දිට්වා" සුළි කුණාටුව සමඟ ඇති වූ දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ කර්මාන්ත නැවත යථාවත් කිරීමෙහි මූලික පියවරක් ලෙස රජය විසින් ලබා දෙන රුපියල් ලක්ෂ 2 ක මුදල මුල් අදියර යටතේ කර්මාන්ත 531 කට ලබා දීමට මේ වන විට පියවර ගෙන ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව “දිට්වා” සුළි කුණාටුවෙන් පූර්ණ හෝ අර්ධ හානියට පත් වූ ව්‍යාපාර හඳුනා ගැනීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද දත්ත පද්ධතිය මඟින් මේ වන විට ද
News Room
Dec 24, 20251 min read


කොළඹ අයවැයත් මාලිමාව පරදී
ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය පරාජයට පත්ව තිබෙනවා. ඒ අනුව, එහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60 ක් හිමි වූ අතර, අයවැයට පක්ෂව ඡන්ද 57 ක් ලැබී තිබුණු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
News Room
Dec 23, 20251 min read


ප්‍රවීන රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි
සිංහල සිනමාවේ, වේදිකාවේ සහ ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ දශක පහකට අධික කාලයක් නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීන රංගන ශිල්පී, අධ්යක්ෂ සහ ලේඛක කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 84 වන වියේ පසුවූවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්රාප්තවූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ. 1941 පෙබරවාරි 11 වැනිදා කැලණියේදී උපත ලැබූ සතිස්චන්ද්‍ර මහතා, පවුලේ හයවන දරුවා ලෙස මෙලොව එළිය දුටුවා. ප්‍රවීන ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ
News Room
Dec 23, 20251 min read


'ග්‍රීන් කාඩ්' ලොතරැයි වැඩසටහන අත්හිටුවයි
'ග්‍රීන් කාඩ්' (Green Card) ලොතරැයි වැඩසටහන වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා. ඒ, බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ සහ MIT ආයතනයේ සිදුවූ දරුණු වෙඩි තැබීම්වලට සම්බන්ධ සැකකරු අමෙරිකාවට ඇතුළු වී ඇත්තේ වීසා ලොතරැයි වැඩසටහන හරහා බව අනාවරණය වීමත් සමයි. මෙම තීරණය ප්‍රකාශයට පත් කරමින් අමෙරිකානු දේශීය ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයෙම් සඳහන් කළේ, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එක්සත් ජනපද පුරවැසි සහ සංක්‍රමණ සේවා (USCIS) ආයතනය වෙත මෙම වැඩසටහන තාවකාලිකව න
News Room
Dec 19, 20251 min read


'Rebuilding Sri Lanka' අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි
'Rebuilding Sri Lanka' අරමුදලට මේ වනවිට රුපියල් මිලියන 4,286ක (රු.බි. 4.2) ඉක්මවූ මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි. මෙම මුදලෙන් රුපියල් මිලියන 4,263ක් දේශීය ව්‍යාපාරිකයින් හරහා ලැබී ඇති බවත්, ඉතිරිය විදේශ මුදල්වලින් ඍජුව තැන්පතු හරහා ලැබී ඇති බවත් ඔහු සඳහන් කළේය. ලැබුණු මුදල්වල ඩොලර් වටිනාකම මිලියන 13.8 ඉක්මවා ගොස් ඇති අතර, ඉන් විදේශ මුදල්වලින් පමණක් ලැබුණු ප්‍රමාණය ඩොලර් මිලියන 6 ඉක්මවා ගොස්
News Room
Dec 19, 20251 min read


2026 ලෝක කුසලාන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායකත්වය දසුන් ශානකට
2026 වසරේ පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලෙස දසුන් ශානක කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පැවසීය. වත්මන් තේරීම් කමිටුව පත්වීමෙන් අනතුරුව ක්‍රිකට් ආයතනයේ අද (19) පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. එහිදී වික්‍රමසිංහ මහතා පවසා සිටියේ පෙර තේරීම් කමිටුව ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩකයන් 25ක සංචිතයක් නම්කර තිබූ බවත්, එම සංචිතය වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තුවක් නොමැති බව
News Room
Dec 19, 20251 min read


වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ රාජකාරී වැඩ තහනම්
කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ රාජකාරී වැඩ තහනම් කර තිබෙනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ලිපියක් නිකුත්කරමින් මේ බව සඳහන්කර සිටිනවා. එම ලිපියේ සඳහන් වෙන්නේ වගකිව යුතු තනතුරක් දරන රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස විවිධ මාධ්‍ය ඔස්සේ රට තුල ආන්දෝලනයක් ඇතිවන ආකාරයේ සහ ජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇතිවන ආකාරයෙන් කටයුතු කරමින් ජනමාධ්‍ය වෙත ප්‍රකාශය නිකුත් කිරීම නිසා මෙලෙස රාජකාරී වැඩ තහනම් කර ඇති බවයි.
News Room
Dec 19, 20251 min read


යුදෙව් විරෝධී හිරිහැර නිසා සිඩ්නි නුවර බේකරියක් වසා දමයි
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි යුදෙව් ජාතිකයෙකුට අයත් බේකරියක් වන Avner’s Bakery, නිරන්තරයෙන් එල්ල වන යුදෙව්-විරෝධී හිරිහැර සහ කාර්ය මණ්ඩලයේ හා ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ බිය හේතුවෙන් වසා දැමීමට තීරණය කර තිබෙනවා. මෙම බේකරියේ හිමිකරු වන ප්‍රකට යුදෙව් සූපවේදියෙකු වන එඩ් හැල්මැගි පවසා ඇත්තේ තම ආයතනය වසර දෙකක් තිස්සේම තර්ජන, විනාශකාරී ක්‍රියා සහ නොනවතින හිරිහැරවලට ලක්වූ බවයි. මෙම තත්ත්වය වඩාත් උග්‍ර වී ඇත්තේ, පසුගිය ඉරිදා දින සිඩ්නි හි සුප්‍රසිද්ධ බොන්ඩයි වෙරළේ හනුක්කා උ
News Room
Dec 18, 20251 min read


පවතින වර්ෂාව නිසා වික්ටෝරියා, රන්දෙනිගල, රංටැඹේ වාන් දැමීම ආරම්භ වෙයි
පවතින වර්ෂාපතනයත් සමඟ මහවැලි අධිකාරියට අයත් ජලාශ වාන් දැමීම සම්බන්ධව ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය - දිගන කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු ඩී.එම්.ධර්මදාස මහතා අද (18) පැවසීය. “දැනට පවතින වර්ෂාපතනය අනුව, මහවැලි ද්‍රෝණියට අයත් ප්‍රධාන ජලාශ අතුරින්, වික්ටෝරියා, රන්දෙනිගල, රංටැඹේ යන ජලාශ දැනටමත් වාන් දැමීම ආරම්භ වී ඇති අතර, ඒ හේතුවෙන් රංටැඹේ ජලාශයෙන් මිණිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රවාහය පවතින වර්ෂාපතනයේ ප්‍රමාණය අනුව වැඩි
News Room
Dec 18, 20251 min read


ක්‍රිෂ් නඩුව පෙබරවාරි 16ට කල් යයි
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව පෙබරවාරි මස 16 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදූරුගොඩ මහත්මිය හමුවේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා විසින් නඩුවට අදාළ ලේඛන සමහරක් විත්තියේ නීතිඥවරු වෙත ලබා දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය මෙම නඩුව යළි පෙබරවාරි මස 16 වනදා කැඳවන ලෙස නියෝග කළාය. මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඉන්
News Room
Dec 18, 20251 min read


රන්වල අනතුරු සිද්ධියේ සපුගස්කන්ද ඕ.අයි.සී. රාජකාරිය පැහැර හැරලා
ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් වූ සිදුවීමේදී පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැරීමක් සිදුකර ඇතැයි නිරීක්ෂණය වී ඇති බව පොලීසිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් විමර්ශනයක් සිදුකළ බවය. එම විමර්ශනයේ දී සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා, අනතුර සම්බන්ධයෙන් විමර්ශනය සිදුකළ රථවාහ
News Room
Dec 18, 20251 min read


නුවරඑළියට මහනුවරට රතු නිවේදන
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. අද (18) අලුයම 2.30ට නිකුත් කර ඇති අතර හෙට (19) අලුයම 2.30 දක්වා වූ පැය 24 සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් වලංගු වේ. මේ අතර මහනුවර, කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ජනතාව සඳහා අවදානයෙන් සිටින ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. බදුල්ල, මාතලේ, කුරුණෑගල හා නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත් වෙන ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඉවත්වන්න - අනතුරු ඇඟවී
News Room
Dec 18, 20251 min read
bottom of page


