top of page


චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ
බරපතළ අල්ලස් හා දූෂණ චෝදනා මත නීතිමය ක්‍රියාමාර්ගවලට ලක්ව සිටින චරිත් අබේසිංහ, 'බහුජන බලය' සංවිධානයේ සාමාජිකත්වයෙන් සහ එහි ජාතික සංවිධායක ධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට එම සංවිධානයේ විධායක මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබෙනවා. ඒ අනුව, බහුජන බලයේ ප්‍රධාන ලේකම් ඉරංග මෙන්ඩිස්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයකට අනුව මෙම පියවර ගෙන ඇති බවයි සඳහන්. චරිත් අබේසිංහට එරෙහිව මතුව ඇති චෝදනා සහ ඒ සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සැලකිල්ලට ගනිමින් බහුජන බලය සංවිධානය මෙම තීරණය ගෙන ඇති
News Room
Jun 261 min read


වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට
වෙනිසියුලාවේ අගනුවර ආසන්නයේ සිදු වූ ප්‍රබල භූමිකම්පා දෙකකින්, මිය ගිය සංඛ්‍යාව මේ වන විට 235 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 4,300කට අධික පිරිසක් මේ හේතුවෙන් තුවාල ලබා ඇති අතර, තවදුරටත් සුන්බුන් අතර සිටින පිරිස් සොයා සහන කණ්ඩායම් මෙහෙයුම් සිදු කරන බවයි සඳහන් වෙන්නේ. එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව, මුලින්ම රික්ටර් මාපකයේ 7.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හටගත් අතර, ඉන් තත්පර කිහිපයකට පසු, ඊටත් වඩා ප්‍රබල රික්ටර් මාපකයේ 7.5 ක භූමිකම්පාවක් සිද
News Room
Jun 261 min read


බලයට පත්ව දින 43න් තලපති විජේගේ 'රන් මුදු' පොරොන්දුව වැඩ අල්ලයි
තමිල්නාඩු මහ ඇමති ජෝශප් විජේ (තලපති විජේ) විසින් ලබාදුන් මැතිවරණ පොරොන්දුවක් ක්‍රියාවට නංවමින්, ප්‍රාන්තයේ රජයේ රෝහල්වල උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක් ලබාදීමේ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කර තිබේ. ඒ අනුව, තමිල්නාඩු රජය බලයට පත්ව දින 43 ක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙම 'රන් මුදු ව්‍යාපෘතිය' සඳහා වන නිල ගැසට් නිවේදනය නිකුත් කිරීමට මහ ඇමතිවරයා පියවර ගෙන ඇත. 'තායිමාමන්' ලෙසින් හැඳින්වෙන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය යටතේ තමිල්නාඩුවේ රජයේ රෝහල්වල උපදින සෑම දරුවෙකුටම ග්‍රෑම් එකක් බරැති රන් මු
News Room
Jun 261 min read


මාතර - තංගල්ල පාරේ බස් දෙකක් මුහුණට මුහුණ ගැටේ: 40කට තුවාල
මාතර - තංගල්ල මාර්ගයේ තලල්ල වජිරවංශ මාවත අසලදී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට ගැටී සිදුවූ අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. ඒ අනුව බස් රථ දෙකේ ගමන්ගත් පුද්ගලයින් 40ක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය සඳහන් කළේය. ඉන් 25 දෙනෙකු මාතර මහ රෝහලටත් සෙසු පිරිස බතීගම ප්‍රදේශීය රෝහලටත් ඇතුළත් කර තිබේ. ගාල්ල - අම්පාර අතර ධාවනය වන පෞද්ගලික බස් රථයක් සහ තංගල්ල මාතර අතර ධාවනය වන පෞද්ගලික බස් රථයක් අද (26) උදෑසන 7.45ට පමණ මෙලෙස අනතුරට පත් විය. අනතුරට හේතුව මේ වන තෙක් අනාවරණය වී
News Room
Jun 261 min read


හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම අද යළි අධිකරණය හමුවට
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද (24) දින සිදු කිරීමට නියමිතව තිබෙනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම, පසුගිය ජූනි 18 වන දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ස
News Room
Jun 241 min read


ඉරාන බොරතෙල් සහ රසායනික නිෂ්පාදනවලට ඇමෙරිකාවෙන් තාවකාලික අවසර
ඉරාන බොරතෙල්, ඛනිජ තෙල් සහ රසායනික නිෂ්පාදන, ප්‍රවාහනය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළට අලෙවි කිරීම සඳහා අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් දින 60 ක තාවකාලික පොදු බලපත්‍රයක් නිකුත් කර තිබෙනවා. ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන සාම සාකච්ඡාවල මූලික පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව දැනට අත්හිටුවා ඇති ඉරාන අරමුදල්වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක් නිදහස් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් ජනපති ට්‍රම්ප් කියා සිටියේ ඉදිරියේදී දෙරට අතර න්‍යෂ්ටික අවංකභාවය තහවුරු කිරීමක් ලෙස ඉරානය සිය ආයුධ සහ
News Room
Jun 241 min read


භෞත චිකිත්සකවරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වෙස්වලාගෙන පලායද්දී කොටු වෙයි
තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති, මියගිය කාන්තාවගේ පෙම්වතා සහ ඔහුගේ විවාහක බිරිඳ සහ කුඩා දරුවෙකු යාපනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (23) අදාළ සැකකරුවන් වැල්ලවත්තේ සිට යාපනයේ, චාවකච්චේරිය දක්වා බසයෙන් ගමන් කරමින් සිටියදී ලද තොරතුරක් මත යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සහ වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් ඔවුන්ව අද (24) අලුයම මෙලෙස
News Room
Jun 242 min read


ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට
ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරී රත්නායක මුදියන්සේලාගේ ගුණරත්න මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ප්‍රති ඇණවුමක් හරහා හම්බන්තොට ලුණු සමාගම වෙත ලක් ලුණු ඇසුරුම් ලබාගෙන රජයට රුපියල් එක්කෝටි හතළිස් තුන් ලක්ෂයකට ආසන්න මුදලක් පාඩු සිදුකිරීමෙන් සහ සැපයුම්කාර සමාගමට අයුතු වාසියක් සැලසීමේ චෝදනාව මතය. රත්නායක මුදියන්සේලාගේ ගුණරත්න මහතා අද (19) පෙරවරුවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේද
News Room
Jun 191 min read


FOTON මෙට්‍රො බස් රථ 104 ක් ලංකාවට
FOTON මෙට්‍රො බස් රථ 104 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත භාරදීම පසුගියදා ෆෝටෝන් ජාත්‍යන්තර සමාගමේ ප්‍රධාන කර්මාන්ත ශාලාවේදී සිදු ව තිබෙනවා. එම අවස්ථාව සඳහා Lanka Metro Transit නියෝජිතයින් පිරිසක් සහභාගී වූ බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසන්නේ. මෙම බස් රථ මගින් ශ්‍රී ලංකාවේ නවීන, ආරක්ෂිත හා සුවපහසු පොදු ප්‍රවාහන සේවාවන් සංවර්ධනය කිරීම සඳහා වැදගත් දායකත්වයක් ලබා දෙනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මෙය, ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්රයේ තවත් වැදගත්
News Room
Jun 191 min read


මෙරට රන් මිල රුපියල් 9,000කින් පහළට
ලෝක වෙළෙඳපොළ තුළ රන් මිල සැලකියයුතු පහළයාමත් සමඟ මෙරට රන් මිල රුපියල් 9,000කින් පහළ ගොස් තිබේ. ඒ අනුව, ඊයේ (18) රුපියල් 391,000ක් ලෙස සඳහන් වූ කැරට් 24ක රන් පවුමක මිල අද (19) රුපියල් 382,000ක් ලෙස සඳහන් වෙයි. මේ අතර, ඊයේ දින රුපියල් 359,700ක් වූ කැරට් 22 රන් පවුමක අද දින රුපියල් 351,500 ක් ලෙස සඳහන් වෙයි. ලෝක වෙළෙඳපොෆළ් රන් අවුන්සයක මිල අද දිනයේ සටහන් වුණේ අමෙරිකානු ඩොලර් 4,138ක් ලෙස දැක්වුණි.
News Room
Jun 191 min read


UAEයේ අවු.15න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම අද සිට ක්‍රියාත්මකයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) තුළ සමාජ මාධ්‍ය භාවිතය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 15ක් ලෙස නියම කිරීමේ යෝජනාවක් අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි සම්මත කර ඇති බව එරට මාධ්‍ය කාර්යාලය පවසයි. ඒ අනුව, සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මෙවැනි දැඩි පියවරක් හඳුන්වා දුන් පළමු අරාබි රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉතිහාසයට එක්වෙයි. මෙම නව නීතියට අනුව, මින් ඉදිරියට එරට තුළ වයස අවුරුදු 15ට අඩු දරුවන්ට පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය කිරීම සහ ඒවා භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් ව
News Room
Jun 181 min read


ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම 24 වැනිදා දක්වා කල් තැබෙයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 24 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. අද දින ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේ
News Room
Jun 181 min read


ඇමරිකා - ඉරාන ඓතිහාසික සාකච්ඡා හෙට ස්විට්සර්ලන්තයේදී
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුමකින් පසුව, දෙරට අතර මූලික සාකච්ඡා හෙට (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක් (Buergenstock)හි පැවැත්වීමට සැලසුම් කර ඇති බව ස්විට්සර්ලන්ත පවසයි. අමෙරිකාව සහ ඉරානය අතර අත්සන් කරන ලද සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මූලික සාකච්ඡා පැවැත්වීම මෙහි අරමුණයි. මෙම සාකච්ඡා සඳහා මෙම රටවල් දෙකට අමතරව මැදිහත්කරුවන් ලෙස කටාර් රාජ්‍යය සහ පකිස්ථානය ඇතුළු තවත් සම්බන්ධිත රටවල් කිහිපයක් සහභාගී වීමට නියමිතය. මේ අතර, මෙම රැස්
News Room
Jun 181 min read


සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ විමර්ශන කාර්යාංශය මඟින්. ඔහු ලේකම්ධුරය හෙඹවූ කාලයේදී රාජ්‍ය ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරු අද (18) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි
News Room
Jun 181 min read


අමෙරිකා - ඉරාන සාම ගිවිසුමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවත් පහතට
අමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ යුද තත්ත්වය නිමා කරමින් අත්සන් තැබූ සාම ගිවිසුම හේතුවෙන්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (18) උදෑසන වන විට තවදුරටත් පහත වැටී තිබේ. මෙම නව එකඟතාවයත් සමඟ ඉරාන යුද්ධය නිල වශයෙන් අවසන් වන අතර, ලොව ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන 'හෝමුස් සමුද්‍ර සන්ධිය' නැවත විවෘත කිරීමටත්, ඉරාන තෙල් අපනයනය සඳහා පනවා තිබූ අමෙරිකානු සම්බාධක ඉවත් කිරීමටත් නියමිතය. මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ විශාලතම බලශක්ති සැපයුම් අර්බුදය විසඳීමට මෙමඟින් මඟ පෑදී ඇත. ඒ අනුව, බ්‍රෙන්ට් බො
News Room
Jun 182 min read


ගෝඨාභය රාජපක්ෂගේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ පෙත්සම අද සලකා බැලේ
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (18) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබේ. අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලීමට නියමිතයි. පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද ස
News Room
Jun 181 min read


ඉදිරියේදී ලංකාවට එන ගංවතුර තත්ත්වයක් ගැන පුරෝකතනයක්
එල් නිනෝ කාලගුණ තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවල ලංකාවට ගංවතුරක් ඇතිවිය හැකි බවට පුරෝකතනය කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (අනාවැකි) අජිත් විජේමාන්න පවසනවා. මේ වන විට දුර්වල එල් නිනෝ තත්ත්වයක් පැවතුනද එය ක්‍රමයෙන් වර්ධනය වී නොවැම්බර් මාසයෙන් පසු ප්‍රබල හෝ අති ප්‍රබල එල් නිනෝ තත්ත්වයකට පත්වනු ඇතැයි පුරෝකතන කරන බවද අධ්යක්ෂවරයා සඳහන් කළා. දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි කාලයේදී එල් නිනෝ තත්ත්වය අති ප්‍රබල තත්ත්වයකට යාමේ සම්භාවිතාව 60%කට වඩා වැඩ
News Room
Jun 151 min read


ජයග්‍රහණය වෙනුවෙන් කොදෙව්වන්ට ලකුණු 170ක ඉලක්කයක්
ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තීරණාත්මක තෙවන සහ අවසන් විස්සයි20 තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 169ක් ලබා ගැනීමට සමත් විය. කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක Shamar Joseph දැඩි පීඩනයක් එල්ල කළේය. ඔහු සිය පන්දුවා
News Room
Jun 151 min read


ඉරාන - අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා අත්සන් තැබේ
ඓතිහාසික ඉරාන - අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා, එනම් ජුනි 19 වැනිදා ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී අත්සන් තැබීමට නියමිත බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසා ඇත. ඔහු එම ගිවිසුම හඳුන්වා ඇත්තේ ඉස්ලාමාබාද් එකඟතාව ලෙසය. සිකුරාදා ගිවිසුම අත්සන් කෙරෙන බව ජනාධිපති ට්‍රම්ප් ද පවසා ඇත. ඔහු සඳහන් කරන්නේ ඒ සමග හෝමූස් සමුද්‍ර සන්ධිය සාගර බෝම්බ ඉවත් කිරීම සඳහා වහාම විවෘත වන බවය. ඉරානය සහ අමෙරිකාවත් ඊශ්‍රායලයත් මෑත කාලීන යුද්ධයක පැටලුණේ මේ වසරේ පෙබරවාරි 28වැනිදා අමෙරිකාව, ඉරානයට එල්ල කළ ප්
News Room
Jun 151 min read


වසර 4ක් කෝමා තත්ත්වයේ සිටි තායිලන්තයේ ‘පා කුමරිය’ දිවියෙන් සමුගනී
තායිලන්තයේ මහා වජිරලොන්කෝන් රජුගේ වැඩිමහල් දියණිය වූ බජ්රකිටියාබා නරේන්දිරා දෙබ්යාවතී කුමරිය අභාවප්‍රාප්ත වූ බව රාජකීය මාළිගාව අද (12) නිවේදනය කළේය. වසර 4කට ආසන්න කාලයක් කෝමා තත්ත්වයෙන් පසුවූ ඇය මිය යනවිට 47වැනි වියේ පසුවූවාය. 2022 දෙසැම්බර් මාසයේදී එරට සංචාරයක යෙදී සිටියදී හෘදයේ ඇතිවූ රෝගී තත්ත්වයකින් ඇගේ සිහිය නැතිවී ඇති අතර, එතැන් සිට මියයන තෙක්ම ඇය කෝමා තත්ත්වයෙන් පසුවූවාය. ඇය උදරයේ අභ්‍යන්තර ආසාදනයකින්, අඩු රුධිර පීඩනය, අරිතිමියාව, රුධිර කැටි ගැසීම වැනි රෝගාබාධ රැසකින් ප
News Room
Jun 121 min read
bottom of page
