top of page


රුසියානු බලශක්ති නියෝජ්‍ය ඇමති දිවයිනට
ඛනිජතෙල් සැපයුම් පිළිබද රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් ඇතුළු දුත පිරිසක් අද (26) පෙරවරුවේ මෙරටට පැමිණ තිබේ. ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වෙන්නේ මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ තෙල් අවශ්‍යතා සපයාගැනීමේ විකල්ප ක්‍රම වෙත යොමු වීමට රජය ගත් තීරණය අනුවය. උද්ගත වූ මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ බලශක්ති අර්බුදයක් නිර්මාණය වූ අතර ඊට සූදානමක් ලෙස මෙරට තෙල් බෙදාහැරීම සීමා කරන ක්‍රමවේද ක්‍රියාවට නැංවීමට රජය පියවර ගත්තේය. කෙසේවෙතත් මැදපෙරදිග හෝමූස් ස
News Room
Mar 261 min read


සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට
කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබූ හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගිය බව පොලීසිය පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි. එහිදී අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් පසුව, රෝහල් බලධාරීන්ගේ නිර්දේශය මත ඔහු යළිත් විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර
News Room
Mar 261 min read


හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පාකිස්තානය බලා යාත්‍රා කළ නැවක් ඉරාන හමුදාව හරවා යවයි
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පාකිස්තානය බලා යාත්‍රා කරමින් තිබූ බහාලුම් නෞකාවක් ඉරාන හමුදා විසින් ආපසු හරවා යවා තිබේ. අදාළ නෞකාව සංක්‍රමණ අවසරයක් නොමැතිව සිය ජල තීරය හරහා ගමන්කිරිමට උත්සාහ දැරූ බව පවසමින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) මෙම තීරණය ගෙන ඇත. 'සෙලන්' ලෙසින් හැඳින්වෙන අදාළ නෞකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් සාජා සිට කරච්චි දෙසට යාත්‍රා කරමින් සිට තිබේ. නෞකාව සම්බන්ධයෙන් ගත් තීරණය පිළිබඳ 'X' අවකාශයේ සටහනක් තබමින් IRGC නාවික හමුදාපති අලිරේසා ටැංසිරි පවසා ඇත
News Room
Mar 251 min read


සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලට
රැඳවුම් නියෝග භාරයේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. සුරේෂ් සලේ මහතා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටී. කෙසේ වෙතත් ඔහුගේ අසනීප තත්ත්වය විමසා බැලීම සඳහා පවුලේ සාමාජිකයින් විසින් අවසර ඉල්ලා ඇතත් ඊට අනුමැතිය හිමිව නොමැති බව සඳහන් වේ. ඊයේ (24) දිනයේ දී සලේ මහතාව රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව මහෙස්ත්රාත්ව
News Room
Mar 251 min read


ඉන්ධන මිල ඉහළ යාමෙන් ඕස්ට්‍රේලියා හා නවසීලන්තය ගුවන් ගමන්වලට බාධා
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හමුවේ ගුවන් යානා ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන්, නවසීලන්තයේ දේශීය ගුවන් ගමන් සහ ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර ගුවන් ගමන් කිහිපයක් අවලංගු කිරීමට සිදුවීම පිළිබඳව Jetstar New Zealand ආයතනය සමාව අයැද ඇති බව බීබීසී පුවත් සේවය සඳහන් කරනවා. ඒ අනුව, මැයි මාසයේ සැලසුම් කර තිබූ ගුවන් ගමන්වලින් සියයට 12කට මෙහි බලපෑම එල්ල වී ඇති අතර, ඕක්ලන්ඩ් (Auckland) සිට ක්‍රයිස්ට්චර්ච් (Christchurch), වෙලින්ටන් (Wellington), සිඩ්නි (Sydney) සහ බ්‍රිස්බේන් (Brisbane)
News Room
Mar 251 min read


යුද්ධය අවසන් කිරීම සම්බන්ධව ඇමරිකාවෙන් ඉරානයට කරුණු 15ක සැලැස්මක්
ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා සිදුවෙමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු පවසන්නේ ඊශ්‍රායලය සහ ඉරානය අඛණ්ඩව ප්‍රහාර හුවමාරු කර ගනිමින් සිටින අතර, දකුණු ලෙබනනයේ පදිංචිකරුවන්ට ඊශ්‍රායල හමුදාව ඉවත් වන ලෙස අනතුරු අඟවා ඇති බවය. අමෙරිකාව යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉරානයට කරුණු 15ක සැලැස්මක් භාර දී ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව විදෙස් වාර්තා පවසයි. අදාළ සැලැස්ම තුළ න්‍යෂ්ටික වැඩසටහනේ දැඩි සීමාවන් සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ඇතු
News Room
Mar 251 min read


ආයෝජනය සඳහා ඔස්ට්‍රේලියානු ආයෝජකයින්ට මෙරටට ආරාධනා
ආයෝජනය සඳහා ශ්‍රී ලංකාව සාමකාමී සහ හිතකර ගමනාන්තයක් වන බැවින් ඔස්ට්‍රේලියානු ආයෝජකයින්ට මෙරටට ආරාධනා කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතාට පවසා තිබේ. ඒ කථානායකවරයා හා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා අතර පසුගියා ද සිදුවු සාකච්ඡාවේ දීය. මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූවාය. මෙම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔස්ට්‍රේ
News Room
Mar 251 min read


මෙරට රන් මිල පහළට
ලෝක වෙළෙඳපොළ තුළ රන් මිලට සාපේක්ෂව මෙරට රන් මිල අද දිනයේ ද රුපියල් 5,000කින් පහළ ගොස් ඇති අතර එය පසුගිය සතියට සාපේක්ෂව රු 38,000ක පමණ පහළ යෑමකි. ඒ අනුව, පසුගිය සතියේ 17 වනදා රුපියල් 408,000ක් ලෙස සඳහන් වූ කැරට් 24ක රන් පවුමක මිල අද (24) රුපියල් 370,000ක් ලෙස සඳහන් වෙයි. මේ අතර, පසුගිය සතියේ 17 වනදා රුපියල් 375,300ක් වූ කැරට් 22 රන් පවුමක අද දින රුපියල් 340,400 ක් ලෙස සඳහන් වෙයි. ඊයේ දිනයට සාපේක්ෂව ලෝක රන් මිල අද දිනයේ ද පහළ ගොස් ඇති අතර, ඒ අනුව අද දිනයේ රන් අවුන්සයක මිල ඩොලර
News Room
Mar 241 min read


රාජ්‍ය ආයතන සඳහා ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට මාර්ගෝපදේශ මාලාවක්
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී මෙරටට ඉන්ධන ආනයනය කිරීමේ දී බාධා මතුවිය හැකි බැවින් දැනට පවතින ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සහ අත්‍යාවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා මෙම මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව සඳහන්ය. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සියලු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් වෙත මෙම මාර්ගෝපදේශ මාලාව ඊයේ (23) දිනයේ නිකුත් කර තිබේ. එමඟින්
News Room
Mar 242 min read


ටෙක්සාස්හි තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක්
ටෙක්සාස් ප්‍රාන්තයේ Port Arthurහි පිහිටි තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක් සිදුව තිබේ. ප්‍රාන්තයේ බලධාරීන් දැනුම් දී ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ට වහාම නිවෙස් තුළට වී ආරක්ෂිතව සිටින ලෙසය. මෙම ප්‍රබල පිපිරීමත් සමඟ අහසට කළු දුමාරයක් විහිදී ගොස් ඇති අතර, පිපිරීමේ හඬින් අවට නිවාස පවා සෙලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. කෙසේවෙතත් මෙම පිපිරීම හේතුවෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් මේ වන තෙක් වාර්තා වී නොමැති බවද සඳහන්. නමුත් වාතයේ ගුණාත්මකභාවය පිළිබඳව දැඩි අවධානයෙන්
News Room
Mar 241 min read


බේකරි නිෂ්පාදනත් ඉහළට?
පවතින තත්ත්වට හමුවේ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (23) තීරණයක් ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ ජයවර්ධන සදහන් කළේ ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ සිය ක්ෂේත්රය දැඩි ලෙස අර්බුදයකට ලක්වී ඇති බවයි. පාන් ඇතුලු සියලුම බේකරි නිෂ්පාදන නිපදවීමේ සිට බෙදාහැරීම දක්වා ඉන්ධන අත්‍යවශ්‍ය සාධකයක් වන බවයි ඔහු කියා සිටියේ.
News Room
Mar 231 min read


අමෙරිකානු හමුදා කඳවුරුවලට විදුලිය සපයන බලාගාරවලට පහරදෙන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීම්
අමෙරිකානු හමුදා කඳවුරුවලට විදුලිය සපයන මැදපෙරදිග කලාපීය බලාගාරවලට පහර දෙන බවට ඉරානය අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. ඒ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා දුන් කාලසීමාව අවසන් වීමට ආසන්නව ඇති මොහොතකය. ඉරාන විප්ලවීය බළකාය (IRGC) විසින් නිකුත් කරන ලද මෙම ප්‍රකාශය, ගල්ෆ් කලාපීය අරාබි රටවලට එල්ල කරන ප්‍රහාර සාධාරණීකරණය කිරීමට ටෙහෙරානය දරන නවතම උත්සාහය ලෙස සැලකේ. සඳුදා උදෑසන ඉරාන රාජ්‍ය රූපවාහිනිය මගින් මෙම නිවේදනය ප්‍රකාශයට පත් කරන ලදී. ඉරාන
News Room
Mar 231 min read


සුඩානයේ රෝහලකට ඩ්‍රෝන ප්‍රහාරයක්; 64ක් ජීවිතක්ෂයට
ඊද් සැමරුමක් අතරතුර සුඩානයේ එල්-ඩේන් රෝහලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් 64 දෙනෙකු මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්නම් කියා සිටියේ මියගිය පිරිස අතර ළමයින් 13 දෙනෙකු, හෙදියන් දෙදෙනෙකු සහ වෛද්‍යවරයෙකු සිටින බවයි. මේ අතර තවත් 89 දෙනෙකු තුවාල ලබා ඇති බවද පැවසුවා. සුඩානයේ අතුරු හමුදා කණ්ඩායමක් වන පැරාමිලිටරි වේගවත් සහායක බලකාය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
News Room
Mar 231 min read


ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති
ශ්‍රී ලංකාව සිය මිතුරෙකු බවත් ඕනෑම අවස්ථාවක මෙරටට උදව් කිරීමට ඉරානය සුදානම් බවත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) මහතා පවසයි. මෙරට ඉරාන තානාපති කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ශ්‍රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑම අත්‍යවශ්‍ය භාණ්ඩ ඉල්ලා සිටියහොත්, ඉරානය එම භාණ්ඩ ශ්‍රී ලංකාවට ලබාදීමට සුදානම් බවය. හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය සිය මිත්‍ර රටවලට වසා දමා නොමැති බවද අලිරේසා ඩෙල්කෝෂ් මහතා මෙහිදී අවධාරණය කළේය. ශ්‍රී ලං
News Room
Mar 231 min read


අර්ජුන රණතුංගට හා ධම්මික රණතුංගට අධිචෝදනා
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ඇමැති අර්ජුන රණතුංගට හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංගට කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා භාරදී තිබෙනවා. ඉන් අනතුරුව එම විත්තිකරුවන් රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළ අතර, පසුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මැයි මස 15 වැනිදා කැඳවන ලෙසටද නියෝග කර තිබෙනවා. 2017 - 2018 අතර මාස හයක කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් මෙරටට අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීමට නියමිතව තිබුණු
News Room
Mar 231 min read


ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් වන නෙටාන්ස් ඉලක්ක කර යළිත් ප්‍රහාර
ඉරානයේ පිහිටි ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් වන නෙටාන්ස් (Natanz) පරිශ්‍රය ඉලක්ක කරගනිමින් යළිත් වරක් ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය ප්‍රකාශ කළේ, මෙය න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම (NPT) සහ න්‍යෂ්ටික ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර රෙගුලාසි බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි. අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට ඉරානය චෝදනා කරන අතර, ප්‍රහාරයෙන් පසු
News Room
Mar 211 min read


අමෙරිකානු කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව පහතට
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග අමෙරිකානු කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව පහත වැටී ඇති බව විදෙස් වාර්තා පවසයි. අමෙරිකානු වේලාවෙන් ඊයේ එරට කොටස් වෙළෙදපොළ වසා දමන විට ප්‍රධාන දර්ශක තුනම පහත වැටී තිබේ. ඒ අනුව Dow Jones කාර්මික දර්ශකය 1% කින්ද, S&P 500 දර්ශකය 1.5%කින්ද, Nasdaq දර්ශකය 2%කින්ද මෙලෙස පහත වැටී ඇත. මෙම සතිය තුළ එරට කොටස් වෙළෙඳපොළ මෙලෙස පහත වැටී ඇත්තේ අඛණ්ඩව සිව්වන වරටත් වීම සුවිශේෂීය.
News Room
Mar 211 min read


මැදපෙරදිග මිලිටරි මෙහෙයුම් අවසන් කිරීමට සලකා බලමින් සිටින බව ට්‍රම්ප් කියයි
මැදපෙරදිග කලාපයේ සිදුකරන මිලිටරි මෙහෙයුම් "අවසන් කිරීම" (winding down) පිළිබඳව එක්සත් ජනපදය සලකා බලමින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් කියා තිබෙනවා. "ඉරානයේ ත්‍රස්තවාදී පාලනයට එරෙහිව මැදපෙරදිග අප දියත් කළ දැවැන්ත යුද මෙහෙයුම් අවසන් කිරීම පිළිබඳව සලකා බලන විට, අපගේ අරමුණු සපුරා ගැනීමට ඉතා ආසන්නව සිටිනවා," යැයි ජනාධිපතිවරයා Truth Socialහි සටහන් කර ඇති බව CNN පුවත් සේවය සඳහන් කරනවා. එහිදී ඔහු ඉරානයේ මිසයිල හැකියාව අඩපණ කිරීම සහ එරට ගුවන් හා නාවික හම
News Room
Mar 211 min read


ඉරනා යුද්ධයෙන් මේ දක්වා ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 3,186
පෙබරවාරි 28 වනදා යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ඉරානය තුළ පුද්ගලයින් 3,186 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අමෙරිකාව පදනම් කරගත් 'මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ පුවත් ඒජන්සිය' (Hrana) සිය නවතම වාර්තාව මගින් ප්‍රකාශ කර තිබෙනවා. බීබීසී පුවත් සේවය සඳහන් කරන පරිදි එම වාර්තාවට අනුව, මියගිය පිරිස අතර සිවිල් වැසියන් 1,394 දෙනෙකු සිටින අතර, ඒ අතර අවම වශයෙන් ළමුන් 210 දෙනෙකු වන බව Hrana ආයතනය සඳහන් කරනවා. මීට අමතරව, මරණ 1,153ක් හමුදා මරණ ලෙස වර්ගීකරණය කර ඇති අතර, තවත් මරණ 639ක් කුමන ගණයට
News Room
Mar 201 min read


බොරතෙල් මිල පහළට
මැදපෙරදිග තෙල් නිධි ඉලක්ක කරගනිමින් ඉරානය එල්ල කළ ප්‍රහාර හමුවේ ඊයේ (19) රාත්‍රියේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 119 දක්වා ඉහළ ගිය අතර, ගනුදෙනු අවසානයේ මිල සුළු අගයකින් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, දැනට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 106.4ක් වනවා. එසේම WTI බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ, අමෙරිකානු ඩොලර් 93.59ක් ලෙසයි.
News Room
Mar 201 min read
bottom of page
