top of page


අමෙරිකා - ඉරාන ගැටුම උත්සන්න වෙයි: ලෝක බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට
ඉරානයට "ඉතාම දරුණු ලෙස ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දීමෙන් අනතුරුව, එක්සත් ජනපද හමුදාව විසින් ඉරානයේ ඉලක්ක කිහිපයකට නව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. මේ අතර, උපායමාර්ගිකව වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධිය සන්නද්ධ යාත්‍රා, තෙල් නැව් ඇතුළු සියලුම වාණිජ නෞකා සඳහා සම්පූර්ණයෙන්ම වසා දමන බව ඉරාන හමුදාව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. මැදපෙරදිග කලාපය තුළ මහා පරිමාණ යුද ගැටුමක් ඇතිවීමේ බිය හේතුවෙන් සහ ඉරානයේ මෙම තීරණයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල
News Room
Jun 111 min read


තලවතුගොඩ අවන්හලක ගින්නකින් තිදෙනෙක් ජීවිතක්ෂයට
තලවතුගොඩ හන්දිය ආසන්යේ අවන්හලක ඇතිවු ගින්නකින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගතකිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත. අද (09) පෙරවරුවේ අදාළ අවන්හලේ ගින්නක් හටගෙන තිබූ අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා කෝට්ටේ මහනගර සභාවට අයත් ගිනි නිවීමේ රථ 03ක් යොදවා තිබේ. කෙසේවෙතත් පොලීසිය සැක පළ කරන්නේ ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
News Room
Jun 91 min read


ඩොලරයේ අද මිල රු. 342 පනී
ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ. ඒ අනුව, මහ බැංකුව විසින් අද (09) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.38ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 342.08ක් ලෙස සටහන් වී ඇත. පසුගිය (03) බදාදා දිනෙන් පසු සතියක කාලයක් තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල වැඩිම අගයකට ගොස් තිබුණේ අද දිනයේය.
News Room
Jun 91 min read


හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධනට වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවම්
දූෂණ චෝදනා එල්ල වී සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩු හතරක තීන්දුව අද (09) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුනි. එහිදී අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකින් බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළා. ඊට අමතරව රුපියල් ලක්ෂ 06 ක දඩයක් ද නියම කළා. 2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට කුලී පදනම මත වාහන ල
News Room
Jun 91 min read


රෝහල්ගත කර සිටින සුරේෂ් සලේ තවමත් ආහාර වර්ජනයේ
ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින සුරේෂ් සලේ මහතා තවදුරටත් ආහාර නොගෙන උපවාසයේ සිටින බව වාර්තා වේ. පවුලේ ඥාතීන්ට සහ නීතීඥවරයාට ඊයේ (08) දිනයේ ඔහු බැලීමට අවස්ථාව ලබාදී ඇති අතර එහිදී තමන් තවදුරටත් ආහාර වර්ජනයේ නිරතව සිටින බවට සුරේෂ් සලේ මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. තමා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙසත් රඳවා තබා ඇති ස්ථානය වෙනස් කරන ලෙසත් ඉල්ලමින් ඔහු මෙලෙස ආහාර වර්ජනයේ නිරතව සිටින බව සඳහන්ය. මේ අතර රාජ
News Room
Jun 91 min read


බොරතෙල් බැරලයක මිල 3.41%කින් ඉහළට
එක්සත් ජනපදය සහ ඉරානය සටන් විරාමයකට එකඟ වී ඇති පසුබිමක ඉරානය පළමු වරට ඊශ්‍රායල වෙත එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පසු ආසියානු තෙල් මිල නැවත වරක් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. ඒ අනුව ගෝලීය මිණුම් ලකුණක් වන බ්‍රෙන්ටි තෙල් බැරයලක මිල 3.45%කින් ඉහළ ගොස් ඩොලර් 96.30ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එක්සත් ජනපදය වෙළඳාම් කරන බොරතෙල් බැරලයක මිල 3.41%කින් ඉහළ ගොස් ඩොලර් 93.85ක් දක්වා ඉහළ ගොස් තිබේ.
News Room
Jun 81 min read


පිලිපීනයට රිච්ටර් මාපක 7.8ක ප්‍රභල භූකම්පනයක්
පිලිපීනයේ මින්ඩනාඕ දූපත් හී සිදුවු ප්‍රභල භූ කම්පනයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 05දෙනෙකු තුවාල ලබා තිබේ. රිච්ටර් මාපකයේ ඒකක 7.8ක ප්‍රභලත්වයෙන් යුත් මෙම භූ කම්පනය පිලිපීන වේලාවෙන් අද (08) උදෑසන 7.37ට පමණ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම භූ කම්පනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් සිදුව ඇති බව ද පිලිපීන භූ විද්‍යා ආයතනය සඳහන් කර සිටී. භූකම්පනය හේතුවෙන් තවත් පසු කම්පන 138ක් වාර්තා වී ඇති අතර පිලිපීනය, ඉන්දුනීසියාව සහ ජපානය ඇතුළු රටවල් කිහිපයකට සුනාමි අනත
News Room
Jun 81 min read


ඇමෙරිකාවෙන් ලංකාවට 12.5%ක අතිරේක බදු පාරක්!
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10 සිට සියයට 12.5 දක්වා අතිරේක ආනයන බදු පැනවීමට අමෙරිකානු පරිපාලනය යෝජනා කර තිබේ. බලහත්කාර ශ්‍රමය (Forced Labor) භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම සහ එමගින් අමෙරිකානු වෙළෙඳ කටයුතුවලට අසාධාරණ බලපෑම් එල්ල වන බව පෙන්වා දෙමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, කැනඩාව, මෙක්සිකෝව, පකිස්තානය, බංග්ලාදේශය, මැලේසියාව ඇතුළු රටවල් කිහිපයකින් ආනයනය කරන භාණ්
News Room
Jun 31 min read


හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරාන සම්බාධක ලිහිල් කිරීමේ කිසිදු සූදානමක් නැහැ
හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම වෙනුවෙන් ඉරානයට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාකච්ඡා කණ්ඩායම කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ඕනෑම සම්බාධක ලිහිල් කිරීමක් ටෙහෙරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන අත්හැරීම මත පදනම් වන බවයි ඔහු අවධාරණය කර ඇත්තේ. යුද්ධය ආරම්භ වූ දා සිට ප්‍රථම වතාවට කොංග්රස් මණ්ඩලය හමුවේ ප්‍රසිද්ධියේ සාක්ෂි දෙමින් රුබියෝ කියා සිටියේ, ඉරානයට සම්බාධක ලිහිල් කිරීමක් හ
News Room
Jun 31 min read


ඇඹිලිපිටියේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක්; 22ක් රෝහලේ
ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක අද (03) පෙරවරුවේ ඇති වූ ගින්නකින්, එහි සේවිකාවන් 22 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබෙනවා. ඇඹිලිපිටිය, නෝනාගම, සුදුපාලම අසල පිහිටි රෙදිපිළි කර්මාන්ත ශාලාවක ගබඩාවක් තුළ මෙම ගින්න හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සෙවනගල ගිනි නිවන ඒකකය විසින් ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
News Room
Jun 31 min read


ලොව විශාලතම වෙළෙඳ බලකායට එක්වන්න ශ්‍රී ලංකාව සැරසෙයි!
ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම වන RCEP (Regional Comprehensive Economic Partnership) සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා වන රාජ්‍යතාන්ත්‍රික පියවර ශ්‍රී ලංකාව විසින් සාර්ථකව ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා. සිය ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත නිල සංචාරය අවසන් කරමින්, කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මෙම සංචාරය අතරතුර දී, RCEP සංවිධානයේ ප්‍රධාන සාමාජිකයන් දෙපළක් වන ඔස්ට්‍රේලියාව සහ නවසීලන්
News Room
Jun 31 min read


දශකයකට පසු ඇතිවන ප්‍රබලම එල්නිනෝ අවදානම ගැන අනතුරු ඇඟවීමක්!
ඉදිරියේ දී ඇති විය හැකි එල්නිනෝ තත්ත්වයක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ කාලගුණ විද්‍යා ඒජන්සිය අනාවැකි පළ කර තිබේ. එල්නිනෝ යනු මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගරයේ මුහුදු මතුපිට උෂ්ණත්වය වරින්වර ඉහළ යාමේ ස්වභාවික සංසිද්ධියක් වන අතර එය සාමාන්‍යයෙන් මාස 9ත් 12ත් අතර කාලයක් පවතින බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සඳහන් කර සිටී. සාගර ජලය උණුසුම් වීම එල්නිනෝ තත්ත්වයේ වර්ධනයට හේතු වී ඇති බවත් ඒ හේතුවෙන් ජූනි සිට අගෝස්තු දක්වා කාලය තුළ ලෝකයේ බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය අගයට වඩා වැඩි උෂ්ණත්වයක් පවත
News Room
Jun 22 min read


රුසියාවෙන් යුක්රේනයට ප්‍රහාර රැසක්
රුසියාව විසින් යුක්රේනයේ නගර රැසකට ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බවත් සඳහන් වේ. පසුගිය මාසයේදී යුක්රේනයේ රුසියානු පාලන ප්‍රදේශයේ ලුහාන්ස්ක් කලාපයේ නේවාසිකාගාරයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමට ප්‍රතිචාර වශයෙන් යුක්රේනයට ප්‍රහාර දියත් කරන බවට රුසියාව විසින් මින් අනතුරු අඟවා තිබුණි. විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව ඇත්තේ රුසියාව ව
News Room
Jun 21 min read


දිවයිනෙන් මෙනින්ජයිටීස් බවට සැක රෝගීන් 237ක් ගැන වාර්තාවෙයි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටීස් බවට සැක රෝගීන් 237 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මේ අතර, වසරේ මේ දක්වා කාලය ඩෙංගු රෝගීන් 33,572ක් සහ මරණ 19ක් වාර්තා වී ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කළා. රෝගීන්ගෙන් සියයට 50කට අධික සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර කොළඹ, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබුණා. එවන් පසුබිමක සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ, මේ මස 08, 09 ස
News Room
Jun 21 min read


ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි
ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින්, එම සංගම්වල පාලනය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා යටතට පැවරීමට අදාළ ගැසට් නිවේදනය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් නිකුත් කර තිබේ. ඒ අනුව සංශෝධිත 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති ප්‍රකාරව තමන් වෙත පැවරී ඇති බලතල අනුව අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇති අතර, ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය (අංකය 2489/48) ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා ඇත
News Room
Jun 21 min read


අමෙරිකාවේ වෙඩි තැබීමකින් 6ක් මරුට; තුවක්කුකරු සියදිවි නසාගනී
අමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයට මායිම්ව, මිසිසිපි ගඟ අසල පිහිටි අයෝවා ප්‍රාන්තයේ Muscatine වරාය නගරයේ ස්ථාන කිහිපයක සිදු වූ වෙඩි තැබීම් මාලාවකින් මෙලෙස පුද්ගලයන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට පොලීසිය සනාථ කර තිබේ. ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරු ද වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇති බව සඳහන් වේ. මෙම ප්‍රචණ්ඩකාරී වෙඩි තැබීම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී මෙය පවුල් ආරවුලක් මත හටගත් එකක් බවට අනාවරණය වී ඇති බව බව එරට පොලීසිය වැඩිදුරටත් පවසා ඇති බව වාර්තා වේ.
News Room
Jun 21 min read


හදිසි අවස්ථා තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
රට තුළ පවතින මහජන හදිසි අවස්ථා තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, මැයි 28 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.
News Room
May 291 min read


ප්‍රවාහන ලේකම් ඉල්ලා අස්වෙන්න යයි
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ඔහුට එරෙහිව තීන්දුවක් ලබාදී ඇති පසුබිමක ඔහු මෙම තීරණය ගැනීම සුවිශේෂීය. මේ අතර කපිල පෙරේරා මහතා සිය තීරණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාවද දැනුම්වත් කර ඇති බවත්, ලේකම් ධුරයෙන් ඉවත් වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
News Room
May 291 min read


එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකත්වය කුසල් මෙන්ඩිස්ට
එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිත, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා. ඒ අනුව එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර, එහි උප නායකත්වය කමිඳු මෙන්ඩිස්ට හිමිව තිබෙනවා. එම එක්දින සහ විස්සයි විස්ස සංචිත දෙක සඳහා ක්‍රීඩකයන් 16 දෙනා බැගින් ඇතුළත්ව සිටින බවයි වාර්තා වන්නේ. එසේම ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතු ටෙස්ට් සංචිතය ද නම් කර ඇති අතර ක්‍රීඩකයන් 17 දෙනකු එම සංචිතයට ඇතුළත් වනවා.
News Room
May 261 min read


දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මාසයක් ඇතුළත අධිචෝදනා
2022 වසරේ ගාලු මුවදොර ‘ගෝඨාගෝගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මාසයක් ඇතුළත අධිචෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා විසින් ඊයේ (25) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. අදාළ සිද්ධියේ සැකකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ ලිපියක් බල රහිත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවකට එරෙහිව, නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඇපෑලක් කැඳවූ අවස්ථ
News Room
May 261 min read
bottom of page
