top of page


ඉස්තාන්බුල් ඊශ්‍රායල කොන්සල් කාර්යාලය අසල වෙඩි තැබීමක්; තිදෙනෙක් ජීවිතක්ෂයට
තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි ඊශ්‍රායල කොන්සල් කාර්යාලය අසල වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වෙනවා. බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ, මෙම සිදුවීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත්. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදු කර නොමැත. එසේම මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි තුර්කි අධිකරණ අමාත්‍යාංශය තහවුරු කර තිබෙන්නේ.
News Room
Apr 71 min read


කාලය අවසන්; ඉරාන විදුලි බලාගාර - පාලම් විනාශ කරනවා
තමන් සමග ගිවිසුමක් ඇති කර නොගතහොත් අද රාත්‍රි 08 වන විට ඉරානයේ සියලු විදුලි බලාගාර සහ මගී පාලම් විනාශ කිරීමට තමන් නියෝග නිකුත් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඊයේ රාත්‍රියේ පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ජාවකදී ට්‍රම්ප් මේ බව කියා සිටියා. ඉරානය විසින් දින 07 ක කාලයක් කල් ඉල්ලු නමුත් තමන් ඔවුන්ට පළමුව දින 10 ක් කල් ලබා දුන් බවත්, ගිවිසුමක් සඳහා එළඹීමට අද වන විට තවත් අමතර දින දෙකක් ඉරානයට කාලය ලබාදී ඇති බවත් ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා. මේ අතර
News Room
Apr 71 min read


පාකිස්තානයේ ඉන්ධන මිල ඉහළට
මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් සැපයුම් අවහිර වීම සැලකිල්ලට ගනිමින් පාකිස්තානය යළි ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව පාකිස්තාන රුපියල් 321ක්ව පැවති පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල දැක්වුණේ පාකිස්තාන රුපියල් 458ක් ලෙසය. පාකිස්තාන රුපියල් 335ක්ව පැවති ඩීසල් ලීටරයක මිල රුපියල් 184කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල පාකිස්තාන රුපියල් 520ක් ලෙස සටහන් වී ඇත. සීමිත සම්පත් හා යුදමය තත්ත්වයේ අවසානයක් නොමැති වීම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා
News Room
Apr 31 min read


ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීම්
සිය හමුදාව විසින් තවමත් ඉරානයේ සෙසු දෑ විනාශ කිරීමට ආරම්භ කර නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. තම සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කළේ, ඉරානයේ පාලම් විනාශ කිරීමෙන් අනතුරුව විදුලි බලාගාර විනාශ කරන බවය. කුමක් කළ යුතුදැයි නව රෙජිමය දැනුවත්ව සිටින බවත් එය කඩිනමින් සිදු කළ යුතු බවත් අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරයි. අමෙරිකානු හමුදාව මේ දක්වා ලොව සිටින ශ්‍රේෂ්ඨතම සහ බලවත්ම හමුදාව බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් තැබූ සමාජ මාධ්‍යය සටහනෙහි දැක්වෙයි. මේ අතර
News Room
Apr 31 min read


ඉන්දුනීසියාවේ භූමිකම්පාවක්; සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි
නැගෙනහිර ඉන්දුනීසියාවේ අද (02) අලුයම රික්ටර් මාපකයේ 7.4ක ප්‍රධාන භූමිකම්පාවක් සිදු වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) නිවේදනය කරයි. භූකම්පනය හේතුවෙන් එහි අපකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000 ඇතුළත භයානක සුනාමි රළ ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් සිදුකර ඇත. හවායි හි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ, ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාවේ වෙරළ තීරයේ භයානක සුනාමි රළ ඇති විය හැකි බවය.
News Room
Apr 21 min read


කුවේට් බොර තෙල් නෞකාවකට ඉරාන ප්‍රහාර
ඩුබායි වෙරළට ඔබ්බෙන් වූ බොර තෙල් අඩංගු විශාල නෞකාවකට ඉරානය ප්‍රහාර එල්ල කර තිබෙනවා. පර්සියානු බොක්ක සහ හෝමුස් සමුද්‍ර සන්ධියේදී මිසයිල හෝ පුපුරණ ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන යානා මගින් වෙළෙඳ නැව් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර මාලාවේ නවතම සිදුවීම වන්නේ කුවේට් ධජය යටතේ යාත්‍රා කළ මෙම 'අල්-සල්මි' (Al Salmi) නෞකාවට එල්ල වූ ප්‍රහාරයයි. වත්මන් මිල අනුව ඩොලර් මිලියන 200කට වඩා වටිනා, තෙල් බැරල් මිලියන 2ක් පමණ රැගෙන යා හැකි මෙම නෞකාවට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ කුවේට් පුවත් සේවය වාර්තා කිරීමත් සමග බ
News Room
Mar 311 min read


ඕස්ට්‍රේයාවේ ඉන්ධන බද්ද අඩකින් අඩුකරයි
පාරිභෝගිකයින්ගේ වියදම් බර ලිහිල් කිරීමට සහය වීම සඳහා ඔස්ට්‍රේලියානු රජය ජූනි මස අවසානය දක්වා ඉන්ධන මත අය කරන නිෂ්පාදන බද්ද අඩකින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. එමෙන්ම ඉහළ ඉන්ධන පිරිවැය හේතුවෙන් පුද්ගලික වාහන භාවිතය අධෛර්යමත් කිරීම සඳහා වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්තවල පොදු ප්‍රවාහනය තාවකාලිකව නොමිලේ ලබා දීමට ද ඔස්ට්‍රේලියාව රජය පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
News Room
Mar 301 min read


ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විරෝධතා
අමෙරිකා එක්සත් ජනපදය පුරා ප්‍රධාන නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වී තිබේ. මෙය මීට පෙර මිලියන සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූ "රජවරුන් එපා" (No Kings) විරෝධතාවල තෙවන අදියර සනිටුහන් කර ඇත. ඉරානය සමඟ ඇති යුද්ධය, ෆෙඩරල් ආගමන නීති බලාත්මක කිරීම සහ ඉහළ යන ජීවන වියදම ඇතුළු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද ප්‍රතිපත්තිවලට එරෙහිව තමන් විරෝධය පළ කරන බව විරෝධතාකරුවන් සඳහන් කර සිටී. නිව්යෝර්ක්, වොෂින්ටන් සහ ලොස් ඇන්ජලීස් ඇතුළු අමෙරිකාවේ සෑම ප්‍රධාන නග
News Room
Mar 291 min read


ඊශ්‍රායල සහ අමෙරිකානු විශ්වවිද්‍යාලවලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් නිවේදනයක්
ටෙහෙරාන් විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මැදපෙරදිග කලාපයේ පිහිටි ඊශ්‍රායල සහ අමෙරිකානු විශ්වවිද්‍යාල ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) නිවේදනය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉරානය අවධාරණය කර ඇත්තේ අදාල බෝම්බ ප්‍රහාරය අමෙරිකාව විසින් වහාම හෙළා දැකිය යුතු බවයි. එසේ නොවන්නේ නම්, ඉරානයේ දැඩි පළිගැනීමේ මෙහෙයුම්වලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. මෙම
News Room
Mar 291 min read


යේමනයෙන් ප්‍රථම වතාවට ඊශ්‍රායලය ඉලක්ක කර මිසයිල ප්‍රහාරයක්
යුද්ධය ආරම්භ වූ දා සිට ප්‍රථම වතාවට යේමනයේ සිට ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඊශ්‍රායල හමුදාව තහවුරු කරයි. පසුගිය දිනයන්හි දී ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය ද දිගින් දිගටම ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කර ඇත. ඊශ්‍රායලයේ ප්‍රධාන න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටි ප්‍රදේශය සහ බීර් ෂෙබා නගරය අවට සිකුරාදා රාත්‍රියේ තෙවරක්ම ප්‍රහාරක අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර තිබේ. යේමනයේ හූති කැරලිකරුවන් මෙතෙක් මෙම යුද්ධයට සෘජුව සම්බන්ධ නොවී ඇත්තේ සෞදි අරාබිය සමඟ පවතින සට
News Room
Mar 281 min read


ඉරානයේ බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරයට නැවතත් ප්‍රහාරයක්
ඉරානයේ බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරයට තෙවන වරටත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය සඳහන් කරනවා. එම සංවිධානය පවසන්නේ, මේ මොහොත වන විට මධ්‍යස්ථානයට කිසිදු හානියක් හෝ පුද්ගල හානියක් වාර්තා වී නොමැති බවයි. එසේම බලාගාරයේ තත්ත්වය සාමාන්‍ය පරිදි පවතින බව සඳහන්. බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරය විශාල න්‍යෂ්ටික ද්‍රව්‍ය ප්‍රමාණයක් සහිතව ක්‍රියාකාරී මට්ටමේ පවතින අතර, මෙම මධ්‍යස්ථානයට සිදුවන හානියක් න්‍යෂ්ටික ව්‍යසනයකට මග පෑදිය හැකි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
News Room
Mar 281 min read


ඕස්ට්‍රේලියාවේ ඉන්ධනහල් සිය ගණනක් වසා දමයි
ගෝලීය වශයෙන් මතුව ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ඉන්ධනහල් සිය ගණනක් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. උද්ගත වූ තත්ත්වයත් සමඟ ඉන්ධන සඳහා වන ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් එරට ඉන්ධනහල් රැසක තොග අවසන් වී ඇති බව වාර්තා වේ. යුද ගැටුම් ආරම්භයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර ඉන්ධන මිලදී ගැනීම සඳහා අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙස බලධාරීන් විසින් එරට වැසියන්ට දැනුම්දීමක් ද සිදුකර තිබුණි. මෙම තත්ත්වය තුළ ඇතැම් ඉන්ධන හල් වෙති
News Room
Mar 271 min read


ට්‍රම්ප් ගත් තීරණයත් සමඟ තෙල් මිල පහත වැටෙයි
ඉරාන බලාගාර වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ කාලසීමාව යළිත් දින 10කින් කල් දැමීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයත් සමඟ, අද උදෑසන ආසියානු වෙළඳපොළේ ගෝලීය බොරතෙල් මිල සුළු වශයෙන් පහත වැටී තිබෙනවා. Brent බොරතෙල් මිල 0.84%කින් පහත වැටී ඩොලර් 107.10 ක් ලෙස සටහන් වූ අතර, West Texas Intermediate (WTI) වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.09%කින් පහත වැටී ඩොලර් 93.71 ක් ලෙස සටහන් වී තිබුණා. මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තවදුරටත් ගැ
News Room
Mar 271 min read


හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සම්බන්ධව වගකීම දැරූ නාවික හමුදාපති ජීවිතක්ෂයට
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාපති අලිරේසා තංසීරි (Alireza Tangsiri), බන්ඩර් අබ්බාස් (Bandar Abbas) හිදී එල්ල වූ ප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තා වෙනවා. ගෝලීය බලශක්ති සැපයුමට තීරණාත්මක වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සම්බන්ධයෙන් වගකීම දැරුවේ තංසීරි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය ඊශ්‍රායලය හෝ අමෙරිකා එක්සත් ජනපදය විසින් සිදු කරන ලද්දක්ද යන්න තවමත් පැහැදිලි අදහස් දැක්වීමක් සිදු කර නොමැත.
News Room
Mar 261 min read


බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට
බංග්ලාදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසළින් ගලා යන ගඟකට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. සිද්ධියෙන් බස් රථයේ ගමන් කළ තවත් පිරිසක් අතුරුදන්ව ඇති අතර, ඔවුන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
News Room
Mar 261 min read


හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පාකිස්තානය බලා යාත්‍රා කළ නැවක් ඉරාන හමුදාව හරවා යවයි
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පාකිස්තානය බලා යාත්‍රා කරමින් තිබූ බහාලුම් නෞකාවක් ඉරාන හමුදා විසින් ආපසු හරවා යවා තිබේ. අදාළ නෞකාව සංක්‍රමණ අවසරයක් නොමැතිව සිය ජල තීරය හරහා ගමන්කිරිමට උත්සාහ දැරූ බව පවසමින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) මෙම තීරණය ගෙන ඇත. 'සෙලන්' ලෙසින් හැඳින්වෙන අදාළ නෞකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් සාජා සිට කරච්චි දෙසට යාත්‍රා කරමින් සිට තිබේ. නෞකාව සම්බන්ධයෙන් ගත් තීරණය පිළිබඳ 'X' අවකාශයේ සටහනක් තබමින් IRGC නාවික හමුදාපති අලිරේසා ටැංසිරි පවසා ඇත
News Room
Mar 251 min read


ඉන්ධන මිල ඉහළ යාමෙන් ඕස්ට්‍රේලියා හා නවසීලන්තය ගුවන් ගමන්වලට බාධා
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හමුවේ ගුවන් යානා ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන්, නවසීලන්තයේ දේශීය ගුවන් ගමන් සහ ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර ගුවන් ගමන් කිහිපයක් අවලංගු කිරීමට සිදුවීම පිළිබඳව Jetstar New Zealand ආයතනය සමාව අයැද ඇති බව බීබීසී පුවත් සේවය සඳහන් කරනවා. ඒ අනුව, මැයි මාසයේ සැලසුම් කර තිබූ ගුවන් ගමන්වලින් සියයට 12කට මෙහි බලපෑම එල්ල වී ඇති අතර, ඕක්ලන්ඩ් (Auckland) සිට ක්‍රයිස්ට්චර්ච් (Christchurch), වෙලින්ටන් (Wellington), සිඩ්නි (Sydney) සහ බ්‍රිස්බේන් (Brisbane)
News Room
Mar 251 min read


යුද්ධය අවසන් කිරීම සම්බන්ධව ඇමරිකාවෙන් ඉරානයට කරුණු 15ක සැලැස්මක්
ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා සිදුවෙමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු පවසන්නේ ඊශ්‍රායලය සහ ඉරානය අඛණ්ඩව ප්‍රහාර හුවමාරු කර ගනිමින් සිටින අතර, දකුණු ලෙබනනයේ පදිංචිකරුවන්ට ඊශ්‍රායල හමුදාව ඉවත් වන ලෙස අනතුරු අඟවා ඇති බවය. අමෙරිකාව යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉරානයට කරුණු 15ක සැලැස්මක් භාර දී ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව විදෙස් වාර්තා පවසයි. අදාළ සැලැස්ම තුළ න්‍යෂ්ටික වැඩසටහනේ දැඩි සීමාවන් සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ඇතු
News Room
Mar 251 min read


අමෙරිකානු හමුදා කඳවුරුවලට විදුලිය සපයන බලාගාරවලට පහරදෙන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීම්
අමෙරිකානු හමුදා කඳවුරුවලට විදුලිය සපයන මැදපෙරදිග කලාපීය බලාගාරවලට පහර දෙන බවට ඉරානය අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. ඒ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා දුන් කාලසීමාව අවසන් වීමට ආසන්නව ඇති මොහොතකය. ඉරාන විප්ලවීය බළකාය (IRGC) විසින් නිකුත් කරන ලද මෙම ප්‍රකාශය, ගල්ෆ් කලාපීය අරාබි රටවලට එල්ල කරන ප්‍රහාර සාධාරණීකරණය කිරීමට ටෙහෙරානය දරන නවතම උත්සාහය ලෙස සැලකේ. සඳුදා උදෑසන ඉරාන රාජ්‍ය රූපවාහිනිය මගින් මෙම නිවේදනය ප්‍රකාශයට පත් කරන ලදී. ඉරාන
News Room
Mar 231 min read


සුඩානයේ රෝහලකට ඩ්‍රෝන ප්‍රහාරයක්; 64ක් ජීවිතක්ෂයට
ඊද් සැමරුමක් අතරතුර සුඩානයේ එල්-ඩේන් රෝහලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් 64 දෙනෙකු මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්නම් කියා සිටියේ මියගිය පිරිස අතර ළමයින් 13 දෙනෙකු, හෙදියන් දෙදෙනෙකු සහ වෛද්‍යවරයෙකු සිටින බවයි. මේ අතර තවත් 89 දෙනෙකු තුවාල ලබා ඇති බවද පැවසුවා. සුඩානයේ අතුරු හමුදා කණ්ඩායමක් වන පැරාමිලිටරි වේගවත් සහායක බලකාය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
News Room
Mar 231 min read
bottom of page
