top of page


රුපියල් කෝටි 2.7ක මූල්‍ය වංචා චෝදනා ලැබූ එස්.බී.ගේ සොහොයුරාට ඇප
අත්අඩංගුවට ගෙන සිටි, හිටපු අමාත්‍ය එස්.බී. දිසානායකගේ සොහොයුරා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායකට ඇප ලබා දී තිබෙනවා. ඒ අනුව, සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බවයි සඳහන් වන්නේ. සුරාබදු බලපත්‍රයක් ලබා දෙන බවට පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 27,500,000 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.
News Room
Jul 151 min read


මැදපෙරදිග යුද උණුසුම මැද ශ්‍රීලන්කන් යානා දෙකක් අහසේ සිරවෙයි
කටුනායක ගුවන්තොටුපොළෙන් කුවේට් වෙත සහ දමාම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් යානා 02ක් මෙලෙස යුද්ධයට මැදිව ඇත්තේ, එම කලාපයේ පැවති යුදමය තත්ත්වය හමුවේ ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙනි. මේ නිසා එම කලාපයට ආසන්න ඉහළ අහසේ ශ්‍රීලන්කන් ගුවන්යානා පියාසර කරමින් සිට ඇති අතර, පසුව ආරක්ෂිතව ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමුවන් කටයුතු කර තිබුණි. අද (15) උදෑසන වනවිට එම ගුවන් යානා දෙක, යළිත් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිව
News Room
Jul 151 min read


මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ඉල්ලා අස්වෙයි
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කර තිබෙනවා. මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපියට පිළිතුරුක් මේ දක්වා ලැබී නොමැති අතර, ජනාධිපතිවරයා මෙම ඉල්ලා අස්වීම භාර ගැනීම නොගැනීම පිළිබඳව මේ දක්වා කිසිදු සඳහනක් නොමැති බව මහාචාර්ය සරත් අබේකෝන් සඳහන් කළා. මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, තමන් මෙසේ ඉල්ලා අස්වීමට ගත් තීරණයට හේතුව සිය පෞද්ගලික හේතුවක් බවයි. මහාචාර්ය ස
News Room
Jul 151 min read


ජූලි මාසයේ ගතවූ දින 12 තුළ ඩෙංගු රෝගීන් 13,293ක්
වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව ඊයේ (12) වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් රෝගීන් 68,672ක් වාර්තා වී ඇති බවද එම ඒකකය සඳහන් කළේය. එමෙන්ම පසුගිය 11 වැනි දින සමස්ත ඩෙංගු රෝගීන් ප්‍රමාණය 68,071ක් වාර්තා වී ඇති අතර ඊයේ (12) දින වන විට එම රෝගීන් සංඛ්‍යාව 601කින් වැඩිවී තිබේ. මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 36,118
News Room
Jul 131 min read


කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදුලි පද්ධතියක හදිසි ගින්නක්
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ පිහිටි විදුලි පද්ධතියක අද (13) උදෑසන හදිසි ගින්නක් හටගෙන තිබේ. පෙරවරු 8.30ට පමණ මෙම ගින්න ඇතිවී ඇති අතර ගින්නෙන් පද්ධතියට හානි සිදුව ඇතැයිද වාර්තා වේ. කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබේ. සිද්ධියෙන් පසු කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදුලිය විසන්දී වී ඇති බවද සඳහන් වේ.
News Room
Jul 131 min read


ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර: 6ක් මරුට, 14කට තුවාල
ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරවලින් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයින් 06දෙනෙකු මියගොස් තිබේ. එම ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 14දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගාසාහී සබ්රා ප්‍රදේශයේ කම්හලකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත. අදාළ ප්‍රහාර ඊශ්‍රායලය විසින් එල්ල කළ බව පිළිගෙන ඇති අතර ඔවුන් සදහන් කර ඇත්තේ යටිතල පහසුකම් ස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවය. කෙසේවෙතත් පසුව ඊශ
News Room
Jul 131 min read


රැඳවියන් 14ක් වෙඩි වැදීමෙන් සහ 9ක් පහරදීම්වලින් මියගිය බව හෙළි වෙයි
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියෙන් මියගිය පුද්ගලයන් 24 දෙනෙකුගේ මරණ පරීක්ෂණවලට අදාළ සාක්ෂි කැඳවීම් මේ වන විට අවසන් කර ඇති බව පොලිසිය පවසනවා. පසුගිය ජූලි 05 සහ 06 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමට අදාලව සිදු කළ පරීක්ෂණවලදී මරණකරුන්ගෙන් 14 දෙනෙකු වෙඩි වැදීමෙන් සහ 9 දෙනෙකු පහරදීම් හේතුවෙන් මියගොස් ඇති බව අනාවරණය වී ඇති බවත්, එක් රැඳවියකුගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇති බවත් පොලිසිය සඳහන් කරනවා. මීගමුව රෝහලේදී මියගිය සමස්ත පුද්ගලයන් 28 දෙනාගෙන් 24
News Room
Jul 101 min read


අයතුල්ලා අලි කමේනිගේ දේහය මෂ්හද් නගරයේදී මිහිදන් කෙරේ
ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය ඉරානයේ ශියා මුස්ලිම්වරුන්ගේ පූජනීයම ස්ථානයක් වන මෂ්හද් නගරයේ පිහිටි ඉමාම් රෙසා දේවස්ථානයේදී මිහිදන් කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඉරානය සහ අසල්වැසි ඉරාකයේ නගර කිහිපයක දින හයක් පුරා පැවැති මහජන ශෝක උත්සවයන්ගෙන් අනතුරුව අවසන් ආගමික කටයුතුවලින් පසුව මෙම මිහිදන් කිරීම සිදු කළ බවය. අවමංගල්‍යය උත්සවය පැවැත්වෙන අවස්ථාවේ අමෙරිකාව සහ ඉරානය අතර යළිත් ප්‍රහාර හුවමාරුවක් සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම තත්ත්වය, කමේනිගේ
News Room
Jul 101 min read


ප්‍රවීන ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීන ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇය 68 හැවිරිදි වියේ පසුවුණා. කළුබෝවිල ශික්ෂණ රෝහලේදීයි ඇය අභාවප්‍රාප්ත වී ඇත්තේ.
News Room
Jul 101 min read


ගතවූ පැය 24ට ඩෙංගු රෝගීන් 1300ක්: සමස්ත මරණ 42 දක්වා ඉහළට
ගෙවුණු පැය 24 තුළ ඩෙංගු රෝගීන් 1300ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩ බලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පවසා සිටියේ මේ වන විට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 65034ක් ලෙසින් වාර්තා වෙන බවයි. ඩෙංගුවලට ගොඳුරු වූ ජීවිත ගණන 42ක්. වැඩ බලන අධ්යක්ෂවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්. ඩෙංගු ක්‍රියාන්විතයේ හතරවෙනි දවස අද. ප්‍රදේශ විශාල සංඛ්‍යාවක කණ්ඩායම් ආවරණය කරලා තියෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 23ක. එහෙත් කළුතර ගම්පහ, කොළඹ, ප්‍රදේශ ගණනාවකට ර
News Room
Jul 91 min read


කොළඹ සරසවියේ සිසුන් 71කට ඩෙංගු; පීඨ කිහිපයක දේශන ඔන්ලයින්
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71ක් දෙනෙකුට ඩෙංගු වැලඳී ඇති අතර, සිසුන් 5 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසයි. වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් බහුතරයක් ශාස්ත්‍ර පීඨයේ වන බැවින් ඔවුන්ගේ අධ්‍යන කටයුතු පිළිබඳව අවධානය යොමුකරමින් සතියක කාලයක් පීඨ කිහිපයක දේශන කටයුතු පමණක් ඔන්ලයින් සහ හයිබ්‍රිඩ් ක්‍රමයට සිදුකිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කළ බවද උපකුලපතිවරයා සඳහන් කළේය. ඩෙංගු ව්‍යාප්තිය හමුවේ විශ්වවිද්‍යාලය මඟින් එම තත්
News Room
Jul 91 min read


මීගමුව ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් වැලිකඩට
මීගමුව බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් අද (08) උදෑසන වැලිකඩ බන්ධනාගාරය වෙත රථ පෙරහැරකින් රැගෙන ආවේය. අදාළ නිලධාරීන් වෙත අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව දේහයන් පවුලේ ඥාතීන් වෙත භාරදීමට නියමිතය. පසුගිය 6 වනදා උදෑසන මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමින් බන්ධනාගාර විශේෂ උපක්රමික ඒකකයේ නිලධාරීන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි. ඒ බන්ධනාගාර රැඳවියන්ගේ අමානුෂික පහරදීම් හමුවේය. 5 වෙනිදා බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සමථයට පත්වූ පසුව බන්ධනාගාර
News Room
Jul 81 min read


මීගමුව බන්ධනාගාර කැරැල්ලේ රැඳවියන්ට අවි ලැබුණේ කෙසේදැයි සෙවීමට පූර්ණ විමර්ශනයක්
බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු පමණ රැඳවියන් රැගෙන ඒමට බන්ධනාගාරය තුළට ගිය අවස්ථාවේදී කලහකාරී ලෙස හැසිරෙමින් රැඳවියන් බන්ධනාගාර නිලධාරීන්ට පහර දෙමින් ප්‍රාණ ඇපයට තබා ගනිමින් කැරැල්ල ආරම්භ කර ඇතැයි සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී යැයි මීගමුව මූලස්ථාන පොලිසිය පවසනවා. බන්ධනාගාරගතව සිටින රැඳවියන් විසින් රැඳවියන් 50 දෙනෙකු පමණ තම ඥාතීන් හමුවීමට අවස්ථාවක් ලබා දෙන ලෙස සිදුකරන ලද ඉල්ලීම පරිදි බන්ධනාගාර අධිකාරී ගජනායක විසින් එම ඉල්ලීමට සවන් දී එම අවස්ථාව ලබා දී ඇති අතර, ඒ අනුව බන්ධනාගාර න
News Room
Jul 82 min read


හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේනට අධිචෝදනා
දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට අද (02) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදීම සිදු වුණා. අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධිචෝදනා, කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ භාර දීම සිදු වූ බවයි සඳහන් වන්නේ. ඉන් අනතුරුව, විත්තිකරු රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදා හරින ලෙසට විනිසුරුවරයා නියෝග කළ අතර, මෙම නඩුව ජූලි මස 22 වැනිදා යළි කැඳවීමට ද නියම වුණා. 2014 වර්ෂයේ ජනවාරි 01 වැනිදා සහ 2014 දෙසැම්බර්
News Room
Jul 21 min read


තමිල්නාඩුවේ දේශපාලන කුණාටුවක්: විජේගේ රජය පෙරළීමේ රහස් කුමන්ත්‍රණයක් හෙළිවෙයි!
තමිල්නාඩුවේ ජෝසෆ් විජේගේ නායකත්වයෙන් යුත් 'තමිලග වෙට්ට්‍රි කසාගම්' (TVK) රජය පෙරළා දැමීම සඳහා ක්‍රියාත්මක වූ බව කියන රහසිගත කුමන්ත්‍රණයක් හෙළිදරව් වීමත් සමඟ එහි දේශපාලන කරළිය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ. මේ වන විට TVK පක්ෂය සහ එයට පක්ෂපාති සුළු පක්ෂ, විපක්ෂයේ DMK සහ AIADMK පක්ෂ සමඟ දැඩි වාග් ප්‍රහාරවල නිරත වෙමින් සිටී. සභා කතානායකවරයාට එරෙහි යෝජනාවකට සහාය දීම සඳහා උපදේශන ආයතනයක් විසින් තමන්ට ඉන්දීය රුපියල් මිලියන 350ක අල්ලසක් යෝජනා කළ බවට TVK පක්ෂයේ
News Room
Jul 22 min read


ඩෙංගු මරණ 35 දක්වා ඉහළට
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු මරණ ගණන 35ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 56, 422ක් ලෙස සටහන් වෙන බවයි එම ඒකකය පවසන්නේ. එමෙන්ම ඊයේ දිනයේදී ඩෙංගු රෝගීන් 1025ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම ජුනි මාසයේ පමණක් ඩෙංගු රෝගීන්, 21,556ක් වාර්තා වී තිබෙනවා.
News Room
Jul 21 min read


අමෙරිකාවේ සමස්ත තෙල් සංචිත 1984න් පසු දරුණු ලෙස පහත වැටේ
අමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව, එරට උපායමාර්ගික ඛනිජ තෙල් සංචිතයේ පවතින බොරතෙල් තොග බැරල් මිලියන 5.5කින් පහත වැටී බැරල් මිලියන 325.7ක් දක්වා අඩු වී ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා. මෙය 1983 මැයි මාසයෙන් පසු වාර්තා වූ අවම මට්ටමයි. මෙලෙස තෙල් ලබා ගැනීම, ඉරාන යුද්ධයෙන් පසු ගෝලීය තෙල් සංචිතවල ඇති වූ හිඟය පියවීම සහ ඉන්ධන මිල පහත හෙලීමට සහාය වීම සඳහා මෙම සංචිතයෙන් බැරල් මිලියන 172ක් මුදා හැරීමට අමෙරිකාව ඇති කරගත් එකඟතාවයක කොටසක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්න
News Room
Jun 301 min read


ඉන්ධන මිළ පහළට
අද (29) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 414කි. එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් පහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 382ක් වේ. කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදුකර නැත. මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව ල
News Room
Jun 301 min read


වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්
වෙනිසියුලානු භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන මේ වනවිට 1,430ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව 50,000ක් පමණ වන බවය. මේ අතර වෙනිසියුලාවට මහත් විනාශයක් සිදුකළ ප්‍රබල භූකම්පන ද්විත්වයෙන් පසු ඊයේත් රික්ටර් පරිමාණයේ ඒකක 4.9ක ප්‍රබලත්වයෙන් යුත් භුකම්පනයක් හටගෙන ඇත. එය රටේ උතුරු වෙරළ තීරය ආශ්‍රිතව හටගෙන ඇති බව වාර්තා වේ. මෙම භූ කම්පනය හේතුවෙන් විදෙස් ජාතිකයින් 40දෙනෙකු මියගොස් ඇති බව ද මේ වන විට තහවුරු වී තිබේ. එමෙන්ම මෙම තත්ත්වය හමුවේ පුද්ගල
News Room
Jun 281 min read


ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී
වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් තිබේ. ජුනි 25 සහ 26 යන දෙදින දත්ත පදනම් කරගනිමින් ජාතික ඩෙංගු මර්දන ඒකකය මේ බව සඳහන් කළේය. මෙම මරණ සංඛ්‍යාව වාර්තාවන රෝගීන්ගෙන් ප්‍රතිශතයක් ලෙස 0.06ක් බව සඳහන්ය. වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 51,049 දක්වා ඉහළ ගොස් ඇත. ජුනි මාසයේදී පමණක් රෝගීන් 17,208ක් හඳුනාගෙන ඇති බව සඳහන්ය. බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම හා නැගෙනහිර පළාත්වලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු ම
News Room
Jun 281 min read
bottom of page
