top of page


බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට
බැංකු කාඩ්පත් භාවිතයෙන් මගී බස් රථවල ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ පහසුකම හෙට (24) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. මෙහි සමාරම්භක වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී සිදු කිරීමට නියමිතයි. ඩිජිටල් අමාත්‍යාංශ සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන මෙහෙයවනවා. බස් ගාස්තු ලබාදුන් පසු ඉතිරි මුදල් ලබා නොදීම විශාල ගැටලුවක් බවත්, එයට විසඳුමක් ලෙස බැංකු කාඩ්පත් හරහා බස් ගාස්තු ගෙවි
News Room
Nov 23, 20251 min read


ආපදා තත්ත්වයට පත් වූ පහළ කඩුගන්නාව ප්‍රදේශය යථා තත්ත්වයට පත් කිරීමට පියවර
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඊයේ (22) ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ප්‍රදේශය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට යුද හමුදාව මැදිහත් වී කටයුතු කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඉදිරි පැය 24 ක කාලය තුළදීත් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමීමට පියවර ගෙන ඇති බවයි එම සංවිධානය පවසා සිටියේ. ඒ අනුව, අදාළ මාර්ගය භාවිත කරන රියදුරන් මේ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසට දන්වා ඇති අතර, මෙම නායයෑම් ප්‍රදේශය නැරඹීම සඳහා සාමාන්‍ය ජනතාව
News Room
Nov 23, 20251 min read


වියට්නාමයට බලපා ඇති ගංවතුරින් පුද්ගලයින් 41ක් ජීවිතක්ෂයට
මධ්‍යම වියට්නාමයට ඇදහැලෙන අධික වර්ෂාවෙන් බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 41දෙනෙකු මිය ගොස් තිබේ. මේ හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින් 9දෙනෙකු සොයා සෝදිසි මෙහෙයුම් සිදුකෙරෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය. ජල ගැලීම්වලින් නිවාස 52,000කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යට වී ඇති අතර නිවාස විශාල ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇති බව සඳහන්ය. මධ්‍යම වියට්නාමයට එළැඹන ඉරිදා දක්වා තද වැසි ඇදහැලෙන බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ. ගෙවුණු කාලවකවානුව තුළ වියට්නාමයට බලපෑ අයහපත් කාලගුණය සහ කල්මේගි සුළ
News Room
Nov 21, 20251 min read


හිටපු ජනාධිපති රනිල් ඉන්දියාවට පිටත්ව යයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව අද උදෑසන 8.40ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL - 121 දරන ගුවන් යානයෙන් ඔහු ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
News Room
Nov 21, 20251 min read


මත්ද්‍රව්‍ය සිද්ධියකය සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි; ඔහුගේ සජබ සාමාජිකත්වය අහෝසි කරයි
දකුණු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් දැවැන්ත මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන්, සමගි ජනබලවේගයේ (SJB) පළාත් පාලන අපේක්ෂකයෙකු පන්නල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) නිවේදනය කරනවා. රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රගතියක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා. දකුණු මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් සිදු කරන ලද මෙහෙයුමකදී අත්අඩං
News Room
Nov 21, 20251 min read


දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉහළම බදු ආදායම මේ වසර තුළ වාර්තා කරයි
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම මේ වසර තුළ වාර්තා කර තිබෙනවා. ඒ අනුව, මේ වසරේ නොවැම්බර් මස 17 වන දිනට එහි ආදායම රුපියල් බිලියන 2,002.241 ක් වන අතර, එය 2024 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 60,079 ක වැඩිවීමක් බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. 2024 සමස්ත වර්ෂය තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස් කරන ලද බදු ආදායම රුපියල් මිලියන 1,942,162 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
News Room
Nov 20, 20251 min read


හෙට පැවැත්වෙන විපක්ෂයේ රැළියට විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක්
ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරන්නේ හෙට (21) දින දහවල් 02.00 ට මිරිහාන පොලිස් වසමේ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිත විපක්ෂයේ රැළිය හේතුවෙන් විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව, රැළිය ආරම්භ වන දහවල් 02.00 සිට රැළිය අවසන් වන අවස්ථාව දක්වා, නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ නාවල වටරවුම දක්වා වූ කොටස (ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය ඉදිරිපිට මාර්ගය) රථවාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති. එම කාලය තුලදී රියදුරන්ට සහ මහජනතාව
News Room
Nov 20, 20251 min read


දෙසැ.4දා සිට ඕස්ට්‍රේලියාවේ අවු.16ට අඩු ළමුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් අක්‍රිය කිරීම ආරම්භ කර
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා පනවන සමාජ මාධ්‍ය තහනම හමුවේ ඔවුන්ගේ ගිණුම් දෙසැම්බර් 4 වැනිදා සිට අක්‍රිය කිරීම ආරම්භ කරන බවට නිවේදනය කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ මේ යටතේ Instagram, Facebook, සහ Threads භාවිතා කරන තරුණ යෞවනයන්ට ඔවුන්ගේ ගිණුම් වසා දැමීමට පටන් ගන්නා බවට දැනුම් දී ඇති බවයි. මෙම සමාගම් තුනේම හිමිකාරිත්වය දරන Meta සමාගම පවසා ඇත්තේ, ඔවුන් විශ්වාස කරන ආකාරයට වයස අවුරුදු 13 ත් 15 ත් අතර සිටින පරිශීලකයින්ට කෙටි පණිවිඩ, ඊමේල් සහ යෙදුම් තුළ පණිවිඩ මගි
News Room
Nov 20, 20252 min read


විදේශිකයින් සඳහා වන රියදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනය කරයි
විදේශිකයින් සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරන ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. අමාත්‍ය බිමල් රත්නායක විසින් ඊට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, විදේශ පුරවැසියෙකුට මාසයක කාලසීමාවක් සඳහා තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේ දී මෙතෙක් අය කළ රුපියල් 2,000ක මුදල රුපියල් 15,000 දක්වා ඉහළ නංවා ඇති බවයි. මාසයකට වැඩි සහ මාස දෙකක් දක්වා කාලසීමාව සඳහා රියදුරු බලපත්‍රයක් ලබාදීමේ අය කරන මුදල රුපියල් 21,000ක් වන අතර මාස දෙකකට වැඩි සහ මාස 6ක් දක්වා කාලසී
News Room
Nov 20, 20251 min read


වලංගු රියදුරු බලපත්‍ර නොමැතිව ත්‍රීරෝද රථ පදවන විදේශිකයන්ට නීතිමය පියවර
වලංගු ත්‍රීරෝද රථ රියදුරු බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ ත්‍රීරෝද රථ පදවන විදේශිකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත කොළඹ රථ වාහන මූලස්ථානය නියෝග කර තිබේ. ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් තිබුණද රියදුරු බලපත්‍රයේ අදාළ කාණ්ඩය යටතේ ත්‍රීරෝද පැදවීමට අවසර නොමැති නම් මෙරටට පැමිණෙන විදේශිකයන්ට තාවකාලික ත්‍රීරෝද රථ රියදුරු බලපත්‍රය නිකුත් නොකරනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට අදාළ කාණ්ඩය යටතේ ත්‍රීරෝද පැදවීමට අවශ්‍ය නම් මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා තාවක
News Room
Nov 20, 20251 min read


ජාජබට සහාය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභිකයින් 8කගේ සාමාජිකත්වය අත්හිටුවයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මඟපෙන්වීමට පටහැනිව ගොස් පළාත් පාලන ආයතනවල 2026 අයවැය සම්මත කිරීම සඳහා ජාතික ජන බලවේගයට සහාය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභිකයින් 8දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ. පක්ෂයේ දැනුවත් කිරීම්, ලබාදී ඇති මඟ පෙන්වීම් සහ උපදෙස්වලට පටහැනිව මෙම පිරිස කටයුතු කර ඇති අතර, ඒ අනුව මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමට ඒ පිළිබඳව වාර්තා කර අදාළ පිරිසට එරෙහිව විනය පියවර ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. පක්ෂ ස
News Room
Nov 20, 20251 min read


කටුනායකට පැමිණි ගුවන් යානා 3ක් ඝන මීදුම හේතුවෙන් මත්තල ගුවන් තොටුපලට පිටත් කරයි
අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබෑමට නියමිතව තිබුණු ගුවන් යානා 03 ක් මත්තල ගුවන් තොටුපොළට හා ඉන්දියාවේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට කටයුතු කර තිබෙනවා. අද (19) උදෑසන කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ පැවති ඝන මීදුම හේතුවෙන් මෙලෙස එම ගුවන් යානා හරවා යවා ඇති බවයි සඳහන් වෙන්නේ. චීනයේ ගුවැන්ෂු සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL-881 ගුවන් යානය සහ සෞදි අරාබියේ රියාද් සිට පැමිණි UL-266 ගුවන් යානය මෙලෙස මත්තලට හරවා යවා ඇති අතර, සෞදි අරාබියේ දමාම්
News Room
Nov 19, 20251 min read


පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරිගේ ක්‍රියාකලාපය ගැන බලන්න ත්‍රිපුද්ගල කමිටුවක්
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ. 2025 සැප්තැම්බර් 24 වනදා සභා ගර්භය තුළදී සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් සෙයාබැලීම සඳහා මෙම කමිටුව පත්කළ බව අද (19) පාර්ලමේන්තුවේදී කථානයකවරයා දැනුම් දුන්නේය. නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස නම් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී උපාලි පන්නිලගේ මහතාගේ සහ පාර්ලිමේ
News Room
Nov 19, 20251 min read


ධීවරයින්ට විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්
2025 දෙසැම්බර් 21 දින සිට නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ධීවර ප්‍රජාව වෙත හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබේ. විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ජනගත කිරීමට සියලුම කටයුතු මේ වනවිට සම්පාදනය කර ඇති අතර, එය කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම යෝජනා ක්‍රමය මඟින් වයස අවුරුදු 60 සම්පූර්ණ වීමත් සමග මෙම නව ධීවර විශ්‍රාම යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප් ලබාගැනීමට හැකිවන අතර විශ්‍රාම ලබාගනිමින් සිටියදී ප්‍රතිලාභියා මියගිය විට කාලත්‍රයාට විශ්‍රාම වැ
News Room
Nov 19, 20251 min read


පොලිස් නිලධාරීන්ට රු. 7,000 ක දීමනාවකට කැබිනට් අනුමැතිය
පොලිස් නිලධාරීන් වෙනුවෙන් රුපියල් 7,000 දීමනාවක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. පාර්ලිමේන්තු අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අද (18) පවසා සිටියේ, එම දීමනාව එළැඹෙන මාසයේ සිටිම ලබාදෙන බවය. මෙම දීමනාව පොලිස් නිලධාරීන්ගේ නිලඇඳුම් සහ සපත්තු වෙනුවෙන් ලබා දීමට නියමිත බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහත
News Room
Nov 18, 20251 min read


බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම කෙරේ
මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් බලයෙන් පහ කරන ලද බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම කර තිබෙනවා. ඩකා හි පිහිටි විශේෂ ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් (ICT) විසින් හසීනාට එරෙහිව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. බලයෙන් පහ කරන ලද බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා, පසුගිය වසරේ සිසුන්ගේ නායකත්වයෙන් පැවති කැරැල්ල මර්දනය කිරීමට නියෝග කිරීමේ චෝදනාවට මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වරදකරු වුණා. ඇයට එල්ල වී තිබූ ප්‍රධාන චෝදනාව වූයේ, 2024 වස
News Room
Nov 17, 20251 min read


අද උදෑසන සිට වෛද්‍යවරුන් වෘත්තීය සමිති ක්‍රියාමර්ගයක
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) උදෑසන 8 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. 2026 මුදල් වර්ෂයට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කර ඇති බව සදහන් වේ. එහිදී රෝහල් සායනවලදී රෝහල තුළ නොමැති ඖෂධ රෝගීන්ට බාහිරින් ලබා ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම, රසායනාගාර පරී
News Room
Nov 17, 20251 min read


අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි
අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමකට ඊයේ (14) අත්සන් තැබුණා. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග්, මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ විධායක ජෙනරාල් බ්‍රිගේඩියර් ටේරන්ටන් ගිබ්සන් සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා එම ගිවිසුමට අත්සන් කරනු ලැබුවා. මෙම අවබෝධතා ගිවිසුම මගින් අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන යටතේ මොන්ටානා ජාතික ආර
News Room
Nov 15, 20251 min read


නොවැම්බර් 24 සිට ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් මගින් බස් ගාස්තු ගෙවීමේ හැකියාව ලැබේ
එළඹෙන නොවැම්බර් මස 24 වැනිදා සිට බැංකු මගින් නිකුත් කරන ලද ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් බස් රථ ගාස්තු ගෙවීමේ අවස්ථාව මහජනතාවට හිමි වෙනවා. මේ බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක අද (14) රැස්වූ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබුවා. මෙම නව පහසුකම හඳුන්වාදීමත් සමඟ, බස් රථවල ගමන් ගන්නා මගීන්ට මුදල් භාවිතයෙන් තොරව (Cashless) ගෙවීම් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
News Room
Nov 15, 20251 min read


ඉන්දුනීසියාවේ ජාවා දූපත්හි නායයෑමක්; දෙදෙනෙක් ජීවිතක්ෂයට
ඉන්දුනීසියාවේ, ජාවා දූපතේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු අතුරුදන්ව තිබේ. අතුරුදන්වූවන් සෙවීම සඳහා එරට ආපදා කළමණාකරණ අංශ විසින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දුනීසියාවට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් එරට ගම්මාන කිහිපයක නිවාස විශාල ප්‍රමාණයකට ද හානි සිදුව ඇති බව සඳහන් වේ. එමෙන්ම ආපදාවලට ලක්වු පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ද ආපදා කළමණාකරණ අංශ කටයුතු කර ඇත.
News Room
Nov 15, 20251 min read
bottom of page


