top of page


සුපිරි නළු විජේගේ TVK පක්ෂයට විශිෂ්ඨ ජයක්
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ අවසන් ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති අතර, සුපිරි නළු විජේගේ නායකත්වයෙන් යුත් 'තමිලග වෙට්රි කලගම්' (TVK) පක්ෂය ආසන 108ක් දිනා ගනිමින් ප්‍රාන්තයේ තනි විශාලතම පක්ෂය බවට පත්ව තිබෙනවා. ඉන්දීය මැතිවරණ කොමිසමේ නිල දත්තවලට අනුව TVK පක්ෂය ආසන 108ක්ද, හිටපු මහ ඇමති එම්. කේ. ස්ටාලින් නායකත්වය දැරූ DMK පක්ෂය ආසන 59ක්ද, ADMK පක්ෂය ආසන 47ක්ද ලබා ගත් ප්‍රධාන පක්ෂ බවට පත්ව තිබෙනවා. මෙම ජයග්‍රහණයත් සමඟ එහි නායක ජෝසප් විජේ තමිල්නාඩුවේ මීළඟ මහ ඇමතිවර
News Room
May 51 min read


තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ විජේ පෙරමුණේ
තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා. ඒ අනුව මේ වන විට නිකුත් වී ඇති ප්රතිළප අනුව තලපති විජේ නායකත්වය දෙන තමිලග වෙට්ට්‍රි කලගම් (TVK) පක්ෂය ආසන 105ක් පෙරමුණ ගෙන තිබෙනවා. සමස්ත ඉන්දියා අන්නා ද්‍රාවිඩ මුන්නේට්‍ර කලගම් (AIADMK) පක්ෂය ආසන 71ක් පෙරමුන ගෙන තිබෙනවා. මහ ඇමති ස්ටාලින් නායකත්වය දෙන ද්‍රාවිඩ මුන්නේට්‍ර කලගම් (DMK) පක්ෂය ආසන 57ක් සමග තෙවනස්ථානයේ පසුවනවා.
News Room
May 41 min read


ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකර තිබේ. මෙය 2022 ජුනි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම මිල අගය බව වාර්තා වේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන වරායන් අවහිර කිරීමේ ක්‍රියාවලිය මාස කිහිපයක් දක්වා පැවතිය හැකි බවට කළ ඉඟියත් සමඟ මෙම මිල ඉහළ යාම සිදු ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මීට අමතරව, ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය දිගින් දිගටම වසා තැබීම හේතුවෙන් කලාපීය ගැටුම් තවදුරටත් උත්සන්න විය හැකි බවට පවතින බිය ද මෙය
News Room
Apr 301 min read


දකුණු ඔස්ට්‍රේලියාවේ ගුවන් අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
දකුණු ඔස්ට්‍රේලියාවේ පැරෆීල්ඩ් ගුවන්තොටුපළේදී ගුවන්යානා අංගනයකට කුඩා ගුවන්යානයක් කඩාවැටී අද (29) අනතුරක් සිදුව තිබේ. අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස්, තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය පවසයි. අනතුරට පත් වී ඇත්තේ 'Diamond DA42' වර්ගයේ එන්ජින් 2ක් සහිත සිව්දෙනෙකුට ගමන්කළ හැකි කුඩා ගුවන් යානයක්ය. අනතුරත් සමග යානය ගිනිගෙන ඇති අතර, මේ වනවිට එම ගින්න නිවාදමා තිබේ. කෙසේ නමුත් අනතුර හේතුවෙන් ගුවන්තොටුපොළ තාවකාලිකව වසාදැමීට එහි බලධාරීන් පියවරගෙන ඇත. එමෙන්ම ඔස්ට්‍රේලියා
News Room
Apr 291 min read


ඉන්දුනීසියාවේ දුම්රිය දෙකක් ගැටී පුද්ගලයින් 14ක් ජීවිතක්ෂයට
ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ආසන්නයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. එම අනතුරෙන් තවත් පුද්ගලයන් 84 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ජකර්තා නුවරට නුදුරු බෙකාසි (Bekasi) ප්‍රදේශයේදී මගී ප්‍රවාහන දුම්රියක් සහ දුර ගමන් සේවා දුම්රියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙන අතර, අනතුරෙන් විනාශ වූ දුම්රිය මැදිරි තුළ සිරවී සිටි මගීන් මුදාගැනීම ඉතා අසීරු වූ බවයි විදේශ මාධ්‍ය වාර්තාවල ස
News Room
Apr 281 min read


උතුරු ජපානයේ රික්ටර් මාපක 6.2ක භූමිකම්පාවක්
උතුරු ජපානයේ හොකයිඩෝ (Hokkaido) දූපත් කලාපයේ අද (27) අලුයම රික්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. කෙසේ වෙතත්, මෙම කම්පනයෙන් කිසිදු දේපල හානියක් හෝ ජීවිත හානියක් සිදුව ඇති බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කළේ මෙම භූ කම්පනයත් සමඟ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට අවශ්‍යතාවයක් පැන නොනැගුණු බවයි. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGS) අනුව, භූමිකම්පාවේ කේන්ද්‍රය සරබෙට්සු (Sarabetsu) නග
News Room
Apr 271 min read


අමෙරිකානු නාවික හමුදා ලේකම් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
අමෙරිකානු නාවික හමුදා ලේකම් ජෝන් ෆීලන් වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඊට හේතුව මෙතෙක් සඳහන් කර නොමැති අතර, නාවික හමුදා නියෝජ්‍ය ලේකම් හන්ග් කාඕ වැඩබලන නාවික හමුදා ලේකම්වරයා ලෙස පත් කර ඇති බවයි පෙන්ටගනය සඳහන් කළේ. ධුරයෙන් ඉවත් වූ ෆෙලන් වෙනුවට පත්වන හන්ග් කාඕ, වසර 25ක අත්දැකීම් සහිත නාවික හමුදා ප්‍රවීණයෙක්. මේ අතර, එරට යුද ලේකම් පීට් හෙග්සෙත් විසින් මෑතකදී ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් රැසක් සිය ධුරවලින් ඉවත් කරනු ලැබුවා.
News Room
Apr 231 min read


හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට "නොහැකි" බව ඉරානය කියයි
අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් සිදුකරනු ලබන "නිර්ලජ්ජිත සටන් විරාම උල්ලංඝනය කිරීම්" හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට "නොහැකි" බව ඉරානය සඳහන් කර තිබෙනවා. මොහොමඩ් බගර් ගලිබාෆ් (Mohammad Bagher Ghalibaf) Xහි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, මෙම "උල්ලංඝනය කිරීම්වලට" අමෙරිකානු නාවික හමුදාව විසින් ඉරාන වරායන් අවහිර කිරීම ද ඇතුළත් වන බවයි. එසේම ඔහු පෙන්වා දෙන්නේ, මෙය ගෝලීය ආර්ථිකය "ප්‍රාණ ඇපයට ගැනීමක්" බඳු බවයි. ඊශ්‍රායලය විසින් සිදුකරන යුදකාමී ක්‍රියා ද මීට ඇතු
News Room
Apr 231 min read


ඉරානය සමග ඇති සටන් විරාමය දීර්ඝ කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි
පාකිස්ථානයේ ඉල්ලීම පරිදි අමෙරිකා එක්සත් ජනපදය ඉරානය සමග ඇති සටන් විරාමය දීර්ඝ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. කෙසේ වෙතත්, ඉරාන වරායන් අවහිර කිරීම දිගටම කරගෙන යන බවයි ජනපතිවරයා සඳහන් කර ඇත්තේ. "බලාපොරොත්තු වූ පරිදිම ඉරාන රජය බරපතල ලෙස බිඳ වැටී ඇති බව පෙනෙන්නට තිබීමත්, පාකිස්ථානයේ ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් සහ අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ ඉල්ලීම මතත්, ඉරානයේ නායකයින්ට සහ නියෝජිතයින්ට ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කිරීමට හැකි වන තෙක් එම රටට එල්ල කරන ප්‍රහාරය නතර
News Room
Apr 221 min read


ජපානයට යළි භූකම්පන අනතුරු ඇඟවීම්
ජපානය යළි දරුණු භූකම්පනයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කිරීමෙන් පසු යළි දෙවන වරටත් මෙලෙස භූමිකම්පනයක් සඳහා අනතුරු ඇගවීමක් නිකුත් කර ඇති බවය. ඒ අනුව ඉදිරි සතියේ දී දරුණු භූකම්පාවක් ඇතිවීමේ අවදානම පවතින බව ද ජපාන බලධාරීන් පෙන්වා දී ඇත. මෙම භූකම්පනය රික්ටර් පරිමාණයේ 8.0 ක හෝ ඊට වැඩි ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් ඇතිවීමේ අවදානමක් පවතින බවද එරට බලධාරීන් පවසා තිබේ. ඊයේ ඊසානදිග වෙරළ තීරයේ රික්ටර් මාපාංකයේ ඒකක 7.7ක ප
News Room
Apr 211 min read


හෝමූස් හරහා යාමට උත්සාහ කළ ඉරාන නෞකාවක් ඇමරිකාව ආපසු හරවා යවයි
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහකළ තවත් නෞකාවක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. මෙලෙස ආපසු හරවා යාවා ඇති නෞකාව ඉරාන ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ USS Spruance (DDG-111) ප්‍රහාරක නෞකාව මඟින් බව වාර්තා වෙයි. මෙම නෞකාව සමඟ ඉරානයෙන් පිටත්වූ නෞකා 10ක් පමණ අමෙරිකාව විසින් මේ වනවිට හරවා යවා ඇති බව වාර්තා වෙයි. අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පනවා
News Room
Apr 161 min read


ඕස්ට්‍රේලියාවේ තෙල් පිරිපහදුවක ගින්නක්
ඕස්ට්‍රේලියාවේ පවතින තෙල් පිරිපහදු දෙකෙන් එකක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්න හේතුවෙන් ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ එරට පෙට්‍රල් සැපයුම පිළිබඳ බිය තවදුරටත් උග්‍ර වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ඊයේ (15) මධ්‍යම රාත්‍රියට ආසන්නව, මෙල්බර්න් නුවරට නිරිත දෙසින් පිහිටි ජීලෝන්ග් (Geelong) හි පිහිටි විවා (Viva) සමාගමට අයත් කෝරියෝ (Corio) තෙල් පිරිපහදුවේ පිපිරීම් සහ ගිනිදැල් පිළිබඳ වාර්තා වීමත් සමග හදිසි සහන සේවා කණ්ඩායම් ඒ වෙත ගොස් තිබෙනවා. මෙම පිරිපහදුව වික්ටෝරියා ප්‍රා
News Room
Apr 161 min read


සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට
අමෙරිකාව සමග සාම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ඉරාන දූත පිරිසක් අද (09) දිනයේ පාකිස්ථානය බලා පිටත්ව යන බව පාකිස්ථානයේ ඉරාන තානාපතිවරයා තහවුරු කර තිබෙනවා. දෙරට අතර පවතින යුදමය වාතාවරණය නිමා කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම සාකච්ඡා ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
News Room
Apr 91 min read


ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල් ප්‍රහාරවලින් ලාංකික කාන්තාවකට තුවාල
ලෙබනනයට ඊයේ (08) දිනයේ එල්ල වූ ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික කාන්තාවකට ද සුළු තුවාල සිදුවී ඇති බව වාර්තා වේ. බේරූට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ අදාළ කාන්තාව මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවය. ඊශ්‍රායල විසින් ලෙබනනය වෙත මිනිත්තු 10ක් තුළ එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාව හේතුවෙන් මේ වන විට 254කු මියගොස් තවත් 1,165කුට තුවාල සිදු වී ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.
News Room
Apr 91 min read


ඉරාකය සිය ගුවන් කලාපය යළි විවෘත කරයි
කලාපයේ ආරක්ෂක තත්ත්වය යහපත් වීමත් සමග ඉරාකය සිය ගුවන් කලාපය සිවිල් ගුවන් සේවා සඳහා යළි විවෘත කර තිබෙනවා. මින් පසු කලාපයේ ප්‍රධාන ගුවන් ගමන් මාර්ගයක් ඔස්සේ ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට අවස්ථාව හිමි වෙනවා. අනුමත රෙගුලාසි සහ ආරක්ෂක ක්‍රියා පටිපාටිවලට යටත්ව ඉරාක ගුවන් තොටුපළවල් වෙත පැමිණෙන, පිටත්ව යන සහ ඉරාක ගුවන් සීමාව හරහා ගමන් ගන්නා සියලුම සිවිල් ගුවන් ගමන් සඳහා අවසර දෙන බව ඉරාක සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා.
News Room
Apr 81 min read


සටන් විරාමයත් සමඟ බොරතෙල් මිල සීඝ්රයෙන් පහළට
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සති දෙකක කොන්දේසි සහිත සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමත්, ඒ සඳහා ඉරානය සිය එකඟතාව පළ කරමින් නිවේදන නිකුත් කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා. ඒ අනුව, Brent වර්ගයේ බොරතෙල් බැරලයක මිල 14.47%කින් අඩු වී ඩොලර් 93.46 ක් ලෙස සටහන් වූ අතර, WTI බොරතෙල් බැරලයක මිල 14.58%කින් පහත වැටී ඩොලර් 96.48 ක් ලෙස දැක්වුණා. කෙසේ වෙතත්, පසුගිය පෙබරවාරි 28 වැනිදා මැදපෙරදිග කලාපීය ගැටුම් ආරම්භ වීමට පෙර පැවති මිල ගණන්වලට වඩා බ
News Room
Apr 81 min read


'ඉරානය සමඟ සති දෙකක සටන් විරාමයක්'; ට්‍රම්ප්
ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර ඇත. මෙම සටන් විරාමය ක්‍රියාත්මක කිරීම සඳහා ට්‍රම්ප් විසින් ප්‍රධාන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබේ. එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්පූර්ණයෙන්ම, වහාම සහ ආරක්ෂිතව විවෘත කිරීමට ඉරානය එකඟ විය යුතුය. මෙය දෙපාර්ශවයටම බලපාන "දෙපාර්ශවික සටන් විරාමයක්"
News Room
Apr 81 min read


හෝමුස් හරහා සති දෙකක කාලයක් නෞකාවලට ආරක්ෂිතව ගමන් කිරීමට අවස්ථාව
ඉදිරි සති දෙකක කාලය සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා නෞකාවලට ආරක්ෂිතව ගමන් කිරීමට අවස්ථාව ලබා දෙන බව ඉරාන විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, ඉරානය විසින් මෙම කාලසීමාව තුළ සියලුම නෞකා ගමනාගමන කටයුතු ඉරාන සන්නද්ධ හමුදාවන්ගේ සෘජු සම්බන්ධීකරණය යටතේ සිදු විය යුතු බවට කොන්දේසි පනවා තිබෙන බවයි එම වාර්තාවේ සඳහන්. එමෙන්ම, පවතින තාක්ෂණික සීමාවන් සහ ආරක්ෂක තත්ත්වයන් කෙරෙහි නිසි අවධානය යොමු කරමින් මෙම ගමන් මාර්ගය විවෘතව තැ
News Room
Apr 81 min read


ඉස්තාන්බුල් ඊශ්‍රායල කොන්සල් කාර්යාලය අසල වෙඩි තැබීමක්; තිදෙනෙක් ජීවිතක්ෂයට
තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි ඊශ්‍රායල කොන්සල් කාර්යාලය අසල වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වෙනවා. බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ, මෙම සිදුවීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත්. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදු කර නොමැත. එසේම මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි තුර්කි අධිකරණ අමාත්‍යාංශය තහවුරු කර තිබෙන්නේ.
News Room
Apr 71 min read


කාලය අවසන්; ඉරාන විදුලි බලාගාර - පාලම් විනාශ කරනවා
තමන් සමග ගිවිසුමක් ඇති කර නොගතහොත් අද රාත්‍රි 08 වන විට ඉරානයේ සියලු විදුලි බලාගාර සහ මගී පාලම් විනාශ කිරීමට තමන් නියෝග නිකුත් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඊයේ රාත්‍රියේ පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ජාවකදී ට්‍රම්ප් මේ බව කියා සිටියා. ඉරානය විසින් දින 07 ක කාලයක් කල් ඉල්ලු නමුත් තමන් ඔවුන්ට පළමුව දින 10 ක් කල් ලබා දුන් බවත්, ගිවිසුමක් සඳහා එළඹීමට අද වන විට තවත් අමතර දින දෙකක් ඉරානයට කාලය ලබාදී ඇති බවත් ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා. මේ අතර
News Room
Apr 71 min read
bottom of page
