top of page


තෘස්ත ප්රහාරයටන් එරහෙිව ඕස්ට්‍රේලියාවට සහාය ලබාදනෙ බව ඉන්දීය අගමැති කියයි
හනුක්කා යුදෙව් උත්සවයේ පළමු දිනය සමරන ජනතාව ඉලක්ක කර ගනිමින් ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේදී එල්ල වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දැඩි ලෙස හෙළා දැක තිබෙනවා. ඛේදජනක සිදුවීම සම්බන්ධයෙ න් දැඩි ශෝකය පළ කරමින්, තම ආදරණීයයන් අහිමි වූ පවුල්වලට ඉන්දීය ජනතාව වෙනුවෙන් ඔහු හෘදයාංගම ශෝකය පළ කර තිබුණා. මෙම ශෝකජනක අවස්ථාවේදී ඉන්දියාව ඕස්ට්‍රේලියානු ජනතාව සමඟ පූර්ණ සහයෝගීතාවයෙන් සිටින බව ද ඔහු පවසා තිබුණා. මෙම කාරණය සම්බන්ධයෙන් ඉන්දියාවේ නොසැලෙන ස්ථාවරය නැවත අවධ
News Room
Dec 16, 20251 min read


සිඩ්නි නුවර වෙඩිතැබීමේ දී තුවක්කුකරුවෙකු නිරායුධ කළ අහමඩ් අල් අහමඩ්ට ත්‍යාග මුදල් රැසක්
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර Bondi වෙරළ තීරයේහි සිදු වූ වෙඩි තැබීමේදී තුවක්කුකරුවෙකු නිරායුධ කරමින් ජීවිත රැසක් බේරාගත් අහමඩ් අල් අහමඩ් වෙනුවෙන් ඔස්ට්‍රේලියාව පුරා ත්‍යාග මුදල් ගලා එමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඒ අනුව, අහමඩ්ගේ සුවය සඳහා පිහිටවූ GoFundMe අරමුදල් රැස් කිරීමේ ව්‍යාපාරය දිනක් ඇතුළත ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.1කට (එක්සත් ජනපද ඩොලර් 744,000කට ආසන්නය) වඩා රැස් කර තිබෙනවා. තුවක්කු ප්‍රහාරයකින් තුවාල ලබා ශල්‍යකර්මයකට භාජනය වී රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුර මෙ
News Room
Dec 16, 20251 min read


ගර්භණී කාන්තාවන්ට රු.5,000ක පෝෂණ දීමනාව අද සිට
ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදෙන රු.5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. ඒ බව සංකේතවත් කරමින් එම දීමනාව ලබාදීම අද උදෑසන 9.30ට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී සිදුකිරීමට නියමිතයි. පසුගිය නොවැම්බර් 30 වැනිදා තෙක් මාතෘ සායනයන්හි ලියාපදිංචි වූ ගර්භණී කාන්තාවන් සඳහා මේ දීමනාව ලබා දෙනු ඇති.
News Room
Dec 16, 20251 min read


ලංකාවේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඩී.එස් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි
1982 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ පාදඟ පන්දු යවන ක්‍රීඩකයෙකු වූ ඩී.එස් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ලන්ඩනයේ දී ඒ මහතා ආභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය. අභාවප්‍රාප්ත වන විට 83 වන වියේ පසුවූ ඩී.එස්. ද සිල්වා මහතා 2009 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලැබීය. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ජාතික කණ්ඩායමේ පළමු කණ්ඩායමට අයත් ක්‍රීඩකයෙකු වන ඩී.එස්. ද සිල්වා මහතා ටෙස්ට් තරග දෙකක් සඳහා
News Room
Dec 16, 20251 min read


නායයෑමට ලක් වූ නාවලපිටිය-මහනුවර ප්‍රධාන මාර්ගය විවෘත කෙරේ
දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගය දින 18කට පසු ගමනා ගමනය සඳහා අද (15) විවෘත කෙරිණි. නයායෑම නිසා මාර්ගයට වැටී තිබූ පස් ඉවත් කර මාර්ගය සකස් කර ඇති අතර, මාර්ගයට ඉහලින් පස්කන්ද නායයාමේ අවදානමක් පවතින නිසා ඒ සඳහා ස්ථිර විසදුම් ලබා දෙනතුරු ගමනාගමනයට හැකිවන ආකාරයෙන් ආරක්ෂිතව මාර්ගය නිර්මාණය කර ඇති බව වාර්තා වේ. මෙම ස්ථානයේ කටයුතු අවසන් වනතුරු සුපරීක්ෂාකාරී ලෙස මාර්ගයෙ රිය ධාවනය කරවන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී. එමෙන්ම මෙම
News Room
Dec 15, 20251 min read


සිඩ්නි නුවර වෙඩි ප්‍රහාරය පිය - පුතු දෙපළක් විසින් සිදු කල බවට හෙළිවෙයි
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩයි වෙරළ තීරයේ යුදෙව් ආගමික උත්සවයක් ඉලක්ක කරමින් එල්ල කළ වෙඩි ප්‍රහාරය පිය - පුතු දෙපලක් විසින් සිදුකර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ පොලිස් වෙඩි පහරින් මියගිය පියාගේ වයස අවුරුදු 50 ක් වන අතර බරපතල තුවාල ලැබූ නවීඩ් අක්රම් නමැති පුත්‍රයා 24 හැවිරිදි වියේ පසුවන බවයි. එමෙන්ම මෙම ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 40 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 1996 වසරේද
News Room
Dec 15, 20251 min read


ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකුගෙන් භයානක ජාන විකෘතියක්
යුරෝපය පුරා සිටින අවම වශයෙන් ළමුන් 197 දෙනෙකුට ඩෙන්මාර්කයේ ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකුගෙන් භයානක TP53 ජාන විකෘතියක් සම්ප්‍රේෂණය වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි විදෙස් වාර්තා පවසනවා. මෙම විකෘතිය හේතුවෙන් ඔවුන්ගේ පිළිකා අවදානම 90% කින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. යුරෝපීය ශුක්‍රාණු බැංකුව හරහා ශුක්‍රාණු ලබා දුන් ඩෙන්මාර්කයේ මෙම පුද්ගලයා, තමා තුළ TP-53 ජානයේ ඇති රෝග ලක්ෂණ නොපෙන්වන මෙම විකෘතිය පිළිබඳව දැන නොසිටි බව සඳහන්. මෙම පුද්ගලයා ශිෂ්‍යයෙකුව සිටියදී ශුක්‍ර
News Room
Dec 12, 20251 min read


දිට්වා හානි දත්ත රැස් කරන්න MillenniumIT ESP සහ Microsoft තාක්ෂණික සහාය
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ව්‍යාපාර, දේපොළ පිළිබඳ තොරතුරු සහ දත්ත රැස් කිරීම සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා. එම දත්ත සහ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ සෙසු ආයතන සම්බන්ධ කර ගනිමින් ලබා ගැනීමට කටයුතු කරන බවද මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළා. එම දත්ත සහ තොරතුරු අදාළ ස්ථානවලට ගොස් වඩාත් නිවැරදිව ලබාගැනීමට කටය
News Room
Dec 11, 20251 min read


බදුල්ලේ නායයෑම් අවදානමක්
නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පවුල් 238කට අයත් පුද්ගලයින් 806 දෙනෙකු පදිංචි ස්ථානවලින් ඉවත් කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග වාර්ෂාව පතිත වීම හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බවය. ඊයේ (10) දිනයේ දී අදාළ පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට පියවර ගත් බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා සඳහන් කළේය. "ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15න්
News Room
Dec 11, 20251 min read


උත්සව සමයේ බිත්තර මිල රු.45/-කට වඩා වැඩි නොවේ...
උත්සව සමය තුළ බිත්තර මිල ඉහළ යන බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශ අසත්‍යයක් බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ පිටරටින් බිත්තර ආනයනය කිරීමේ අරමුණින් ඇතැමුන් විසින් මෙම අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බවය. රුපියල් 45කට අඩු මිලකට බිත්තර ලබාදීමට හැකියාව පවතින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
News Room
Dec 11, 20251 min read


රිදීමාලියද්දේ කදුවැටි කීපයක් නායයාමට පටන් ගනී
රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල පිහිටි කදුවැටි කීපයක නාය යාම් අද (10) දින යළී සක්‍රිය වි ඇතැයි රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් ඩී.ඩී.එස්.තක්ෂිලා ගුණරත්න මහත්මිය පැවැසුවාය. දික්යාය පුඩුල්ල කන්ද, කළුකැලේ කන්ද, බුබුල වසමේ නියන්තලාගල කන්ද, අරාව වසමේ පේනහේන කන්ද, පහලඔය වසමේ ඔලගන්ගල කන්ද, කන්දේගම වසමේ පරණගම කන්දේ නාය යාම් මේවන විට සක්‍රියව ඇත. මේ වන විටත් දික්යාය වසමේ පුඩුල්ල කන්ද පරික්ෂා කල ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය එය නාය යාමක් බවට තහවුරු කර ඇතැයිද පැවැසුවාය. නාය යා
News Room
Dec 11, 20251 min read


අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු විත්තිකරුවන් තිදෙනා නිදහස්
2012 වසරේ ග්‍රීක බැදුම්කර නඩුවෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය. එම නඩුවේ සෙසු විත්තිකරුවන් තිදෙනා කොන්දේසි රහිතව නිදොස් කොට නිදහස් කිරීමටත් කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබේ.
News Room
Dec 10, 20251 min read


ජපානයට ඉදිරි සතියේ මැග්නිටියුඩ් ඒකක 8ක හෝ ඊට වැඩි තවත් ප්‍රබල භූ කම්පනයක්
ජපානයට ඊයේ රාත්‍රියේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් පසු, තවත් විශාල භූමිකම්පාවක් ඉදිරි දින කිහිපය තුළ සිදුවිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවනවා. ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ හොකයිඩෝ වෙරළට ඔබ්බෙන් වූ ජපාන අගාධය සහ චිෂිමා අගාධය ඔස්සේ මැග්නිටියුඩ් ඒකක 8ක හෝ ඊට වැඩි ප්‍රධාන කම්පනයක් ඇති වීමේ හැකියාවක් ඇති බවයි. මෙම අනතුරු ඇඟවීම, 2022 න් පසු නිකුත් කළ පළමු ප්‍රබල භූ කම්පන අනතුරු ඇඟවීමයි. හොකයිඩෝ සිට චිබා ප්‍රාන්තය දක්වා ප්‍රදේශ මෙම අනතුරු ඇඟවීම ඔස්සේ ආවරණය කරන අතර නිලධාරීන් උ
News Room
Dec 10, 20252 min read


නුවරඑළිය කොළඹට එළවලු කිලෝ 73,000ක්
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එලවලු කිලෝ 73,000ක ඉල්ලුමක් ලැබී ඇති බවත්, එම ඉල්ලුම අනුව අද (09) දින එම එලවලු තොග කොළඹට ප්‍රවාහනය කළ බව නුවරඑළය ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරවරයා පැවසීය. මේ අනුව ගෝවා කිලෝවක් - රු.150, කැරට් -රු. 190, ලීක්ස් - රු.190, රාබු - රු.160, බීට්රුට් - රු. 230, බීට්රූට්/කැරට් - රු.280, අර්තාපල් - රු.260, රතු අර්තාපල් - රු. 280, නෝකොල් - රු.280 ඇතුලු චීන ආහාර සඳහා භාවිත කරනු ලබන එලවලු වර්ග කිලෝ 73000ක් යොමු කල බවත්, (08) දිනයේදි එලවලු කිලෝ 73000ක් ප
News Room
Dec 10, 20251 min read


ජපානයේ භූ කම්පනයෙන් 33කට තුවාල
ජපානයේ ඇතිවූ භූ කම්පනයෙන් මේ වන විට පුද්ගලයින් 33 ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජපානයේ උතුරු කෙළවරේ පිහිටි අමෝරි නගරයට නැගෙනහිරින් සහ හොක්කයිඩෝ දූපතට දකුණින් රික්ටර් මාපකයේ 7.6 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හට ගෙන තිබුණා. භූමිකම්පාව සිදු වූ අවස්ථාවේ දී සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර, පසුව අද උදෑසන 6.30 ට එය ඉවත් කිරීමට කටයුතු කර තිබුණා. අමෝරි නගරයට දකුණින් පිහිටි ඉවාට් ප්‍රාන්තයේ කුජි වරායට සෙන්ටිමීටර 70 ක පමණ උසින් යුත් සුනාමි රළ පැමිණ ඇති බවයි
News Room
Dec 9, 20251 min read


ආපදාවෙන් මරණයට පත් වූ හෝ අතුරුදන් වූවන්ගේ මරණ ලියාපදිංචි කිරීමට පියවර
'දිට්වා' සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් සිදු වූ නායයෑම් සහ ගංවතුර නිසා මරණයට පත් වූ හෝ අතුරුදන් වූ පුද්ගලයින්ගේ මරණ ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය වන නීතිමය ප්‍රතිපාදන මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, මෙම ව්‍යසනයෙන් යම් පුද්ගලයෙකුගේ ඥාතියෙකු හෝ හිතමිතුරන් අතුරුදහන්ව ඇති බවට වාර්තා වී ඇත්නම්, එම අතුරුදන් වූ තැනැත්තන්ගේ මරණ ලියාපදිංචිය සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකසා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රද
News Room
Dec 9, 20251 min read


ජපානයට භූ කම්පනයක්; සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි
ජපානයේ වෙරළ තීරයට ඔබ්බෙන් මැග්නිටියුඩ් ඒකක 7.2 ක භූමිකම්පාවක් හටගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. මේ බව ජපාන භූ විද්‍යා ආයතනය විසින් වාර්තා කර තිබුණා. ජපාන රාජ්‍ය මාධ්‍ය විසින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවට ද වාර්තා කර තිබෙනවා.
News Room
Dec 9, 20251 min read


ආපදාවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 635ක් දක්වා ඉහළට; 192ක් අතුරුදන්
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 635ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (08) මධ්‍යාහ්න 12.00ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 192ක් තවමත් අතුරුදන්ව ඇත. පවුල් 512,123කට අයත් පුද්ගලයින් 1,766,103ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 234ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක්, බද
News Room
Dec 9, 20251 min read


ඉදිරි දිනවලදී ලංකාවට තද වැසි
ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ කොළඹ ඇතුළු ප්‍රදේශවලට තද වැසි ඇද හැලෙන බව BBC කාලගුණය පුරෝකථනය කර තිබෙනවා. බෙංගාල බොක්ක හරහා ඇති වලාකුළක් මෙම සතියේ කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවයි සඳහන් වෙන්නේ. කුණාටුව බටහිර දෙසට ක්‍රමයෙන් ගමන් කරනු ඇති බවත්, සඳුදා අවසාන අදියරේ දී සහ අඟහරුවාදා දක්වා ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශ හරහා තද වර්ෂාවක් ඇති කරනු ඇති බවයි BBC කාලගුණය පුරෝකථනය කරන්නේ. වැසි සහිත කාලගුණික තත්ත්වය ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් සිටින බවත්, රට වරින් වර අස්ථාවර තද වැසි කරා
News Room
Dec 9, 20251 min read


හානි වූ වැව් අමුණු 218ක් පිළිසකර කරන්න රුපියල් බිලියන 12ක්
අයහපත් කාලගුණයෙන් හානියට පත් වැව් අමුණු සහ ඇළ මාර්ග 218ක් පමණ නැවත පිළිසකර කිරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සඳහා රුපියල් බිලියන 12කට අධික මුදලක් දැනටමත් ඇස්තමේන්තු ගත කර ඇති බවයි එහි ජල කළමනාකරණ අධ්යක්ෂ එච්.එම්.පී.එස්.ඩී. හේරත් පැවසුවේ. ඒ අනුව, ඉදිරි දින 10 තුළදී මහ කන්නයේ වගා කටයුතු සඳහා යොදාගත හැකි වන පරිදි වැව් අමුණුවලින් සියයට 80ක් පමණ පිළිසකර කර අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
News Room
Dec 8, 20251 min read
bottom of page


