top of page


චීන විදේශ විනිමය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන තුන ඉක්මවයි
2025 වසරේ නොවැම්බර් මස අවසානය වන විට, චීන විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන තුන ඉක්මවා ඇති බව වාර්තා වේ. චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ (07) නිකුත් කළ නවතම දත්තවලට අනුව, එම අගය දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3.3464ක් ලෙසය. පසුගිය ඔක්තෝබර් මස අවසානයට සාපේක්ෂව එය ඩොලර් බිලියන 3ක වැඩිවීමක් වන අතර එහි වර්ධනය 0.09%කි. 2025 වසරේ නොවැම්බර් මාසයේදී, විනිමය අනුපාත පරිවර්තනය සහ වත්කම් මිල වෙනස්වීම වැනි සාධක හේතුවෙන් විදේශ විනිමය සංචිතය වර්ධනය වී ඇති බව චීන විදේශ විනිම
News Room
Dec 8, 20251 min read


පරිභෝජනයට නුසුදුසු මස් කිලෝග්‍රෑම් 12,000කට මුද්‍රා තබයි
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සත්ත්ව ගොවිපොළක, ගංවතුර හා විදුලිය ඇණහිටීම නිසා මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වූ මස් කිලෝග්‍රෑම් 12,000 ක ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් මුද්‍රා තබා තිබෙනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංක 1926 ට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකදී මෙම මස් තොගය සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අදාළ සත්ත්ව ගොවිපොළ පරීක්ෂාවට ලක් කර, එම මස් තොගය මුද්‍රා තැබූ බවත්, එම මස්වල
News Room
Dec 8, 20251 min read


ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු (71) වැනි වියේ පසු වුණා.
News Room
Dec 4, 20251 min read


කලාවැවේ ජල මට්ටම ඉහළට
කලාවැවේ ජල මට්ටම ඉහළ යන බැවින් අද (04) පෙරවරු 9 ට වාන් දොරටු දෙක අඩි 4 බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ හේතුවෙන් පහළ නිම්නයේ පදිංචි ජනතාව අවදානයෙන් පසුවිය යුතු බවයි.
News Room
Dec 4, 20251 min read


ගලවා ගැනීමේ කණ්ඩායමක් සහ ආධාර රැගත් පාකිස්ථාන ගුවන් යානයක් ලංකාවට
හදිසි සහන ද්‍රව්‍ය සහ සෝදිසි හා ගලවා ගැනීමේ කණ්ඩායමක් රැගත් පාකිස්ථාන ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානය ඊයේ (03) පස්වරුවේ මෙරටට ළගා වුණා. කොළඹ සිටින පාකිස්ථාන මහ කොමසාරිස්වරයා විසින් එම සහනාධාර තොගය ශ්‍රී ලංකාවට නිල වශයෙන් භාර දෙනු ලැබු අතර නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් (Shehbaz Sharif)ගේ උපදෙස් මත පාකිස්ථාන හමුදා සෝදිසි හා ගලවා ග
News Room
Dec 4, 20251 min read


සිරිපා වන්දනා සමය අදින් ඇරඹේ
මෙවර සිරිපා වන්දනා සමය අදින් (04) ආරම්භ වෙයි. අදින් ආරම්භ වන සිරිපා වන්දනා සමය ලබන වසරේ වෙසක් පොහොය දිනය දක්වා ක්‍රියාත්මක ය. 2025 - 2026 සිරිපා වන්දනා වාරය ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව සිරිපා මලුව වෙත වැඩම කරවීම ඊයේ (03) අලුයම පැල්මඩුල්ල ගල්පොත්තාවල රාජමහා විහාරයේ සිට සිදුකෙරුණි. ඒ ශ්රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙනි.
News Room
Dec 4, 20251 min read


ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 2.5ක්
සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා ඔස්ට්‍රේලියාව අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක අමතර මුදලක් ලබා දීමට පොරොන්දු වී තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකාවට ලබා දෙන සමස්ත ආධාර මුදල අමෙරිකානු ඩොලර් මිලියන 3.5ක් දක්වා ඉහළ යනු ඇති. එමෙන්ම පීඩාවට පත් අනෙකුත් රටවලටද ආධාර වැඩි කරන බවයි එරට විදේශ අමාත්‍යවරයා පවසන්නේ.
News Room
Dec 4, 20251 min read


ආපදාවට පත් පාසල් ළමයෙකු සඳහා රු.25,000ක මුදලක් වෙන් කරයි
ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම ළමයෙකු වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් 25,000ක් ලබාදීමට රජය තීරණය කර තිබේ. එම මුදල ජනාධිපති අරමුදලෙන් ලබාදීමට තීරණ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
News Room
Dec 3, 20251 min read


විමල් වීරවංශට වරෙන්තු
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට වරෙන්තු නිතුත් කර තිබේ. කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත. නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නෙසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිතා කරමින් රජයට රුපියල් මිලියන 09ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාළවය.
News Room
Dec 3, 20251 min read


හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක්
හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (03) සවස 05.00ට එම රැස්වීම පැවැත්වීමට නියමිතයි.
News Room
Dec 3, 20251 min read


ශ්‍රී ලංකාවට Apple සමාගමෙන් සහාය
ලෝකයේ ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වන Apple සමාගම, ආසියාවේ රටවල් කිහිපයක සිදුවූ ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාව සඳහා මුදල් ප්‍රමාණයක් පරිත්‍යාග කරන බව නිවේදනය කර තිබෙනවා. මෙම ආධාර මගින්, හොංකොං හි සිදුවූ ගොඩනැගිලි ගිනිගැනීම් කිහිපයක්, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් පුරා ඇතිවූ දරුණු කුණාටු සහ ගංවතුර තත්ත්වයන්ගෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට අපේක්ෂා කෙරෙනවා. Apple සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් (Tim Cook) සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව පණිව
News Room
Dec 3, 20251 min read


ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරේ
'දිට්වා' සුළි කුණාටුවේ දරුණු බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක 22ක් ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දිවයිනේ ප්‍රදේශ රැසකට දින කිහිපයක් පුරා බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය, අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් සිදුවූ විශාල හානිය සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව, මෙසේ ජාතික ආපදා කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇති දිස්ත්‍රික්ක පහතින්, 01. මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය 02. නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කය 03. බදුල්ල පරිපාලන දිස්ත
News Room
Dec 3, 20251 min read


ආපදාවට පත්වූවන්ගේ නිවාස පිරිසිදු කටයුතු සඳහා රු. 25,000/- ක මුදලක් රජයෙන්
ආපදාවෙන් විපතටපත් ජනතාවගේ ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ලබාදෙන මූල්‍යමය ආධාර වැඩිකිරීමට රජය පියවර ගත් බව මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම ප්‍රකාශ කරනවා. ඒ අනුව විපතට පත්වී සිටින ජනතාවට කඩිනමින් ඔවුන්ගේ නිවාස වෙත ගොස් ඒවා පිරිසිදු කොට යළි පදිංචිවීම සඳහා රුපියල් 25,000ක මුදලක් ලබාදීමට රජය තීරණය කළ බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරනවා. ඊට පෙර ඒ සඳහා එක පවුලකට වෙන්කර තිබුණේ රුපියල් 10,000ක් බවද හර්ෂණ සුරියප්පෙරුම ප්‍රකාශ කරනවා. විපතට පත් ජනතාව කඩිනමින
News Room
Dec 3, 20251 min read


ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීම්
මහනුවර, පුත්තලම, කුරුණෑගල, දිස්ත්‍රික්කයන් හී මෙන්ම අනෙකුත් දිස්ත්‍රික්කවල පිහිටි ඇතැම් ජල සම්පාදන ක්‍රම උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක නොවන බැවින් ඉතා අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ දිවයින පුරා පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් රට පුරා ක්‍රියාත්මක ජල සම්පාදන ක්‍රම රැසක ක්‍රියාකාරිත්වයට බාධා එල්ල වී ඇති බවය. ජල සම්පාදන මණ්ඩලය විසින් දිවයින පුරා ජල යෝජනා ක්‍රම 343ක් ක්
News Room
Dec 3, 20251 min read


සී.බී. රත්නායක ලබන 16 දක්වා රිමාන්ඩ්
මුදල් විශුද්ධිකරණය පනත යටතේ දූෂණය නමැති වරදක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබු හිටපු අමාත්‍ය සී.බී. රත්නායක ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කීරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද( 2) නියෝග කළා. සිද්ධියට අදාල සැකකරු අල්ලස් කොමිසම විසින් අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. අල්ලස් පනතේ අංක 23 (අ) (1) වගන්තිය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්කම් විමර්ශන අංශය විසින් සිදු කරනු ලබන ලද විමර්ශනයකට අදා
News Room
Dec 3, 20251 min read


පාකිස්තානයට මෙරටට ආධාර රැගෙන ඒමට ඉන්දීය ගුවන් කලාපය විවෘත වේ
‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත්වුණු ශ්‍රී ලංකාවට, ඉන්දීය ගුවන් කලාපය හරහා, ආධාර රැගෙන ඒමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, පාකිස්තානයට අවසර දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ සම්බන්ධයෙන් පාකිස්තාන රජය කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, පැය 4ක වැනි කෙටි කාලයක් ඇතුළත එම අවසරය ලබා දුන් බව ද ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි. ඉන්දීය රජය තම ගුවන් කලාපය පාකිස්තානයට තහනම් කර තිබුණේ දෙරට අතරේ පවතින විරසයක නිසාය.
News Room
Dec 2, 20251 min read


සී.බී. රත්නායක අල්ලස් කොමිසමට
හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතා අද (02) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණි තිබේ. එම කොමිෂන් සභාව විසින් මේ වනවිට සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහුව මෙලෙස කැඳවා ඇති බව සඳහන් වේ.
News Room
Dec 2, 20251 min read


කැලණි ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් පහළට
කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඒ අනුව කැලණි ගං ද්‍රෝණියේ පහත්බිම් ප්‍රදේශවලට බලපා තිබු ගංවතුර තත්ත්වයන් ද පහව යමින් පවතින බවය. ඊට අමතරව කළුගඟ, මල්වතු ඔය ඇතුළු ජලාශවල ද ජලමට්ටම් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් කැලණි ගඟේ නාගලගම්වීදිය ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 08ක් තිබු අතර අලුයම 03.00 වන විට අඩි 7.90 ක් දක්වා අඩු වී තිබේ. නමුත් තවදුරත් මහ ගංවතුර තත්
News Room
Dec 2, 20251 min read


හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් ගුවන්නි නියමු නිර්මාල් සියඹලාපිටිය, ගෲප් කපිතාන් තනතුරට උසස් කරයි
වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් ගුවන් නියමුවා වන නිර්මාල් සියඹලාපිටිය, ගෲප් කපිතාන් තනතුරට උසස් කර ඇති බව ගුවන් හමුදාව පවසනවා. ඒ අනුව, ඔහුගේ ආදර්ශමත් සේවය සහ රාජකාරිය සඳහා වූ කැපවීම ඉහළම ගෞරවයෙන් සලකන බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව වැඩිදුරටත් සඳහන් කරන්නේ. අනතුරට පත් එම හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් ගුවන් නියමුවා ඇතුළු නිලධාරින් 05 දෙනා මුදා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස දැඩි පරිශ්‍රමයක් දැරූ අතර, අනතුරින් පසුව ඔවුන් ප්‍රතිකාර සඳහා
News Room
Dec 2, 20251 min read


උතුරු සහ දකුණු පළාත්වලටත් වැසි
උතුරු සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ දකුණු පළාත්වල අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා
News Room
Dec 2, 20251 min read
bottom of page


