top of page


හෝමුස් හරහා සති දෙකක කාලයක් නෞකාවලට ආරක්ෂිතව ගමන් කිරීමට අවස්ථාව
ඉදිරි සති දෙකක කාලය සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා නෞකාවලට ආරක්ෂිතව ගමන් කිරීමට අවස්ථාව ලබා දෙන බව ඉරාන විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, ඉරානය විසින් මෙම කාලසීමාව තුළ සියලුම නෞකා ගමනාගමන කටයුතු ඉරාන සන්නද්ධ හමුදාවන්ගේ සෘජු සම්බන්ධීකරණය යටතේ සිදු විය යුතු බවට කොන්දේසි පනවා තිබෙන බවයි එම වාර්තාවේ සඳහන්. එමෙන්ම, පවතින තාක්ෂණික සීමාවන් සහ ආරක්ෂක තත්ත්වයන් කෙරෙහි නිසි අවධානය යොමු කරමින් මෙම ගමන් මාර්ගය විවෘතව තැ
News Room
Apr 81 min read


අලුත් අවුරුද්දට විශේෂ බස් රථ සේවා හෙට සිට
අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා ක්‍රියාත්මක විශේෂ ප්‍රවාහන සේවා හෙට (8) සිට ආරම්භ වනවා. ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේ දුර පළාත් සඳහා දෛනිකව අමතර බස් රථ යෙදවීමට සැලසුම් කර ඇති බවයි. ඊට අමතරව මගී අවශ්‍යතාවය අනුව අමතර බස් රථ ධාවනයට එක්කරන බවද එම මණ්ඩලය සඳහන් කළා. මේ අතර ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ද අලුත් අවුරුද්ද නිමිත්තෙන් අනිද්දා සිට විශේෂ බස් රථ යෙදවීමටයි සැලසුම් කර තිබෙන්නේ. මීට අමතරව ලබන (10) වැනිදා සිට දුමිරිය දෙපාර්තමේතුවද ජනතාවට ගමන් පහසුව සැලසීම ව
News Room
Apr 71 min read


ඉස්තාන්බුල් ඊශ්‍රායල කොන්සල් කාර්යාලය අසල වෙඩි තැබීමක්; තිදෙනෙක් ජීවිතක්ෂයට
තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි ඊශ්‍රායල කොන්සල් කාර්යාලය අසල වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වෙනවා. බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ, මෙම සිදුවීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත්. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදු කර නොමැත. එසේම මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි තුර්කි අධිකරණ අමාත්‍යාංශය තහවුරු කර තිබෙන්නේ.
News Room
Apr 71 min read


නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට
නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද (07) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සංවර්ධන කාර්යයන් සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේ දී ප්‍රාදේශීය සභාව අනුගමනය කළ යුතු නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් රජයට අයත් ඉඩම සඳහා ඉදිකිරීම් සැලසුමක් අනුමත කර අදාළ අයදුම්කරු හට වාසියක් සලසා දීම තුළින් දුෂණය නමැති වරද සිදු කිරීම යන චෝදනාව මතයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්
News Room
Apr 71 min read


ජනපති 'සහන පැකේජය' ඉදිරිපත් කරයි
රජයේ ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණ තිබේ. වර්තමාන ලෝක යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ක්ෂේත්‍ර ගණනාවක් පීඩාවට පත්ව ඇති අතර, රජයක් ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කළ බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. එහිදී ඉන්ධන හා බලශක්තිය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ බවද පැවසු ජනාධිපතිවරයා, ඉන්ධන පිරිවැයට අනුව ගැලපීමේ දී ජන ජීවිතයට බලපෑම් එල්ල වන බවද පැවසීය. වෙළෙඳපොළ වටිනාකමට අනුව මේ වනවිට ඩීසල් ලීටරයක මිල රු. 600 ඉක්මවන බවද
News Room
Apr 71 min read


සිනොපෙක් සුපර් ඩීසල් ලීටරයක මිල රු.600යි; රු.28කින් ඉහළට
සිනොපෙක් සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 28කින් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව, රුපියල් 572ක්ව පැවති එහි මිල රුපියල් 600ක් දක්වා ඉහළ ගියා. නව මිල අද (7) සිට ක්‍රියාත්මකයි. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා ඔටෝ ඩීසල් රජය අනුමත කළ මිල ගණන් යටතේම අලෙවිකරන බවයි.
News Room
Apr 71 min read


කාලය අවසන්; ඉරාන විදුලි බලාගාර - පාලම් විනාශ කරනවා
තමන් සමග ගිවිසුමක් ඇති කර නොගතහොත් අද රාත්‍රි 08 වන විට ඉරානයේ සියලු විදුලි බලාගාර සහ මගී පාලම් විනාශ කිරීමට තමන් නියෝග නිකුත් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඊයේ රාත්‍රියේ පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ජාවකදී ට්‍රම්ප් මේ බව කියා සිටියා. ඉරානය විසින් දින 07 ක කාලයක් කල් ඉල්ලු නමුත් තමන් ඔවුන්ට පළමුව දින 10 ක් කල් ලබා දුන් බවත්, ගිවිසුමක් සඳහා එළඹීමට අද වන විට තවත් අමතර දින දෙකක් ඉරානයට කාලය ලබාදී ඇති බවත් ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා. මේ අතර
News Room
Apr 71 min read


කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ මෙහෙයුම් කටයුතු හෙට සිට ආරම්භ කෙරේ
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළෙහි සිදු කරනු ලබන නවීකරණ කටයුතුවල පළමු අදියර මේ වන විට අවසන් කර තිබෙනවා. ඒ අනුව, කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ මෙහෙයුම් කටයුතු හෙට (08) සිට ආරම්භ කරන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ. පළමු අදියර යටතේ, පවතින ගොඩනැගිලි නවීකරණය, නව තොරතුරු මධ්‍යස්ථානයක් ඉදිකිරීම, සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය, බස් රථ පෝලිම් සඳහා වෙන් වූ බාහිර ප්‍රදේශයක් සකස් කිරීම සහ අවට පරිසරය අලංකාර කිරීම යනාදිය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. 'Clean Sri Lanka' වැඩස
News Room
Apr 71 min read


ජනාධිපතිගෙන් 'සහන පැකේජයක්'
ජනාධිපති අනුර කුමාර දිසානායක අද දහවල් 12.00ට පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව සභානායක බිමල් රත්නායක පවසනවා. ජනපතිවරයා මෙසේ පැමිණෙන්නේ, නව ආර්ථික සහන පැකේජයක් පිළිබඳව දැනුම් දීමට බවයි සභානායකවරයා සඳහන් කරන්නේ.
News Room
Apr 71 min read


පාකිස්තානයේ ඉන්ධන මිල ඉහළට
මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් සැපයුම් අවහිර වීම සැලකිල්ලට ගනිමින් පාකිස්තානය යළි ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව පාකිස්තාන රුපියල් 321ක්ව පැවති පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල දැක්වුණේ පාකිස්තාන රුපියල් 458ක් ලෙසය. පාකිස්තාන රුපියල් 335ක්ව පැවති ඩීසල් ලීටරයක මිල රුපියල් 184කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල පාකිස්තාන රුපියල් 520ක් ලෙස සටහන් වී ඇත. සීමිත සම්පත් හා යුදමය තත්ත්වයේ අවසානයක් නොමැති වීම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා
News Room
Apr 31 min read


මෙරටදී පැවැත්වීමට නියමිත සාම පා ගමනට රාජ්‍ය අනුග්‍රහය
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසු කරමින්, දින 110 ක් පුරා සාමය වෙනුවෙන් පා ගමනේ යෙදුණු ගෞරවනීය භික්ෂූන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් මෙරටදී ‘Walk for Peace Program in Sri Lanka’ නමින් පැවැත්වීමට නියමිත සාම පා ගමනට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (02) පැවැත්වුණා. ආචාර්ය පූජ්‍ය මේල්පිටියේ විමලකිත්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවති බවයි සඳහන්
News Room
Apr 31 min read


ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීම්
සිය හමුදාව විසින් තවමත් ඉරානයේ සෙසු දෑ විනාශ කිරීමට ආරම්භ කර නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. තම සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කළේ, ඉරානයේ පාලම් විනාශ කිරීමෙන් අනතුරුව විදුලි බලාගාර විනාශ කරන බවය. කුමක් කළ යුතුදැයි නව රෙජිමය දැනුවත්ව සිටින බවත් එය කඩිනමින් සිදු කළ යුතු බවත් අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරයි. අමෙරිකානු හමුදාව මේ දක්වා ලොව සිටින ශ්‍රේෂ්ඨතම සහ බලවත්ම හමුදාව බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් තැබූ සමාජ මාධ්‍යය සටහනෙහි දැක්වෙයි. මේ අතර
News Room
Apr 31 min read


කොළඹ දිස්ත්‍රික්කයේ අද දින සිදුකරන ජල කප්පාදුව
දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (3) දිනයේ ද ජල කප්පාදුවක් සිදුකෙරේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ (02) නිකුත්කළ නිවේදනයට අනුව කලටුවාව සහ ලබුගම ජලාශවලින් ජලය සපයන පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි. ඒ අනුව පාදුක්ක ප්‍රදේශයට ඊයේ (02) රාත්‍රී 8 සිට අද (03) රාත්‍රී 8 දක්වා ජල කප්පාදුවක් මේ වන විට ක්‍රියාත්මක වේ. එමෙන්ම හෝමාගම ප්‍රදේශයට අද (03) රාත්‍රී 8 සිට
News Room
Apr 31 min read


පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාරගත කරයි
රැදවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්, රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.ඒ අනුව, නීතිපති උපදෙස් ලැබෙන තුරු මෙලෙස ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
News Room
Apr 21 min read


ඉන්දුනීසියාවේ භූමිකම්පාවක්; සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි
නැගෙනහිර ඉන්දුනීසියාවේ අද (02) අලුයම රික්ටර් මාපකයේ 7.4ක ප්‍රධාන භූමිකම්පාවක් සිදු වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) නිවේදනය කරයි. භූකම්පනය හේතුවෙන් එහි අපකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000 ඇතුළත භයානක සුනාමි රළ ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් සිදුකර ඇත. හවායි හි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ, ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාවේ වෙරළ තීරයේ භයානක සුනාමි රළ ඇති විය හැකි බවය.
News Room
Apr 21 min read


මහින්ද විජේසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි
හිටපු අමාත්‍ය කාංචන විජේසේකරගේ පියා වන හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වී තිබෙනවා. දිගු කලක් රෝගාතුරව සිටීමෙන් සිටි ඔහු පසු අද (2) මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙනවා.
News Room
Apr 21 min read


හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව
හෙට (01) දිනට පමණක් වාහන අංක තහඩුවේ අවසන් අංකය ඔත්තේ සහ ඉරට්ටේ යන ඕනෑම අංකයකට පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමට හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. පවතින ඉන්ධන අර්බුදය හමුවේ වාහන අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන ලබා ගැනීමටයි මීට පෙර අවසර හිමි වුණේ.
News Room
Mar 311 min read


සජින් වාස් ගුණවර්ධන අධිකරණය වෙත
අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අද (31) අධිකරණය වෙත රැගෙන විත් තිබේ. මේ වන විට අදාළ නඩු කටයුත්ත සිදු වෙමින් පවතී.
News Room
Mar 311 min read


කුවේට් බොර තෙල් නෞකාවකට ඉරාන ප්‍රහාර
ඩුබායි වෙරළට ඔබ්බෙන් වූ බොර තෙල් අඩංගු විශාල නෞකාවකට ඉරානය ප්‍රහාර එල්ල කර තිබෙනවා. පර්සියානු බොක්ක සහ හෝමුස් සමුද්‍ර සන්ධියේදී මිසයිල හෝ පුපුරණ ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන යානා මගින් වෙළෙඳ නැව් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර මාලාවේ නවතම සිදුවීම වන්නේ කුවේට් ධජය යටතේ යාත්‍රා කළ මෙම 'අල්-සල්මි' (Al Salmi) නෞකාවට එල්ල වූ ප්‍රහාරයයි. වත්මන් මිල අනුව ඩොලර් මිලියන 200කට වඩා වටිනා, තෙල් බැරල් මිලියන 2ක් පමණ රැගෙන යා හැකි මෙම නෞකාවට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ කුවේට් පුවත් සේවය වාර්තා කිරීමත් සමග බ
News Room
Mar 311 min read


අද මධ්‍යම රාත්‍රියේ සිට ආපනශාලාවල ආහාර මිල ඉහළට
දිවයිනේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණයත් සමඟ අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ආපනශාලා ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව බත් පැකට්ටුවක සහ කොත්තුවක මිල රු.30 කින්, කෙටි ආහාර රු.10 කින්, කිරි තේ සහ ප්ලේන්ටියක මිල රු.5 කින් ඉහළ යන බවයි එම සංගමය පවසන්නේ.
News Room
Mar 311 min read
bottom of page
