top of page


අධික රුධිර පීඩනයට රාගම වෛද්‍ය පීඨයෙන් ඖෂධයක්
අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා නව ඖෂධයක් නිෂ්පාදනය කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබේ. අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් සඳහා දෙනු ලබන ත්‍රිත්ව පෙති මාත්‍රාව වෙනුවට එක්පෙත්තක් මෙලෙස නිපදවා ඇති බව සඳහන්ය. අධික රුධිර පීඩනය හේතුවෙන් රුධිර වාහිනී පිපිරීයාමෙන් සිදුවිය හැකි අංශභාගී රෝගී තත්ත්වය සියයට 60කින් පමණ මෙම ඖෂධය ලබා ගැනීමෙන් වළක්වා ගැනීමට හැකිවී ඇති බව ද සිදුකළ සමීක්ෂණවලින් අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවක
News Room
Nov 4, 20251 min read


අම්බලන්ගොඩ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට
අම්බලන්ගොඩ නගර සභාව අසලදී වෙඩි වැදී රෝහල්ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත. මියගොස් ඇත්තේ මෝදර දේවාලයේ සභාපතිවරයා බව තහවුරු කළ ආරංචි මාර්ග පවසනවා. මෙසේ මියගියේ අම්බලන්ගොඩ පෝරඹ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි මිරන්ත වරුෂවිතානයි. මෙම වෙඩි තැබීම සිදුවුයේ අද (04) උදෑසන අම්බලන්ගොඩ නගර සභාව අසලදීයි. සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. ඔහු කරන්දෙණිය සුද්දාගේ මස්සිනා බවටයි තොරතුරු වාර්තා වෙ
News Room
Nov 4, 20251 min read


අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය ආසන්නයේ වෙඩි තැබීමක්
අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය ආසන්නයේ අද (04) උදෑසන වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා. අද උදෑසන 10.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු වී ඇති අතර, වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා මේ වන විට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ. අදාළ පුද්ගලයා අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 'කරන්දෙණිය සුද්දා' නැමැත්තාගේ ඥාතියෙකු බවට ද අනාවරණය වී ඇති බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් 0
News Room
Nov 4, 20251 min read


චරිත රත්වත්තේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට
මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් චරිත රත්වත්තේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
News Room
Nov 4, 20251 min read


වයඹ පළාත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු කාර්යාලයේ එක්දින සේවා අරඹයි
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලයේ එක්දින සේවා රාජකාරී කටයුතු ආරම්භ කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, වයඹ පළාත් ජනතාවට එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් ලබාගැනීම හා ඒ සම්බන්ධ අනෙකුත් සේවාවන් වඩාත් පහසුවෙන් සිදු කර ගැනීමට හැකියාව ඇති බවයි සඳහන් වන්නේ. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලය කුරුණෑගල නව වෙළඳ සංකීර්ණයේ 03 වැනි මහලේ පිහිටා ඇති අතර, 0372 224 337 යන දුරකථන අංකය හරහා එම කාර්යාලය
News Room
Nov 4, 20251 min read


හෙට දිස්ත්‍රික්ක කීපයක සුනාමි පෙරහුරුවක්
ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය නොවැම්බර් මස 5 වන දින සිදුකිරීමට නියමිතය. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඉන්දියන් සාගර සුනාමි අභ්‍යාසය යුනෙස්කෝ අන්තර් රාජ්‍ය සාගර විද්‍යා කොමිසම විසින් ඉන්දියානු සාගර සුනාමි අනතුරු ඇඟවීමේ සහ අවම කිරීමේ පද්ධතිය හරහා මෙය කලාපීය අභ්‍යාසයක් ලෙස සංවිධානය කර ඇත. ඉන්දියානු සාගර සුනාමි අභ්‍යාසය අනුගතව පුරෝකථනය කරන ලද භූමිකම්පාවක් ම
News Room
Nov 4, 20251 min read


ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවකට පහරදී තුවාල සිදු කළ අරාබි ජාතිකයාට සිර දඬුවම්
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් තුළදී ගුවන් සේවිකාවකට පහරදී තුවාල සිදුකර බිය ගැන්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගත් සවුදි අරාබි ජාතිකයෙකුට මාස 3ක සිර දඬුවමක් නියම කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම එම දඬුවම අවුරුදු පහකට අත්හිටුවන ලෙස අද(3) නියම කළා. පහරදී තුවාල සිදුකිරීම, බිය ගැන්වීම ඇතුළු චෝදනා තුනක් යටතේ ගුවන් තොටුපොළ පොලිසිය මගින් විත්තිකරුට එරෙහිව චෝදනා ගොනු කර තිබූ අතර එම සිර දඬුවම්වලට අමතරව විත
News Room
Nov 3, 20251 min read


ලෝක කුසලානය දිනූ කාන්තා ඉන්දීය කණ්ඩායමට දැවැන්ත ත්‍යාග මුදලක්
කාන්තා එක්දින ලෝක කුසලානය ජයගත් ඉන්දීය කණ්ඩායමට අති දැවැන්ත ත්‍යාග මුදලක් ලබා දීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට හා සහය කාර්යය මණ්ඩලයට ඉන්දීය රුපියල් කෝටි 51ක ත්‍යාග මුදලක් ලබා දෙන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් දේවජිත් සායිකියා ප්‍රකාශ කර ඇත. මෙවර කාන්තා එක්දින ලෝක කුසලානයේ දී, ඊයේ දකුණු අප්‍රිකාවට එරෙහි අවසන් මහා තරගය ලකුණු 52කින් ජයගත් ඉන්දීය කාන්තා කණ්ඩායම සිය පළමු එක්දින ලෝක කුසලානය හිමිකරගනු ලැබීය. එම ජයග්‍රාහණය වෙනුවෙන්
News Room
Nov 3, 20251 min read


උතුරු ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපකයේ 6.3 ක ප්‍රබල භූමිකම්පාවක්
උතුරු ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් හි රිච්ටර් මාපකයේ 6.3 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම, භූ කම්පනයෙන් 260 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.3ක කිලෝමීටර් 28ක ගැඹුරකින් සිදුව ඇති බවයි. භූ කම්පනය හටගත් මසාර්-ඒ-ෂරීෆ් නගරයේ ලක්ෂ 5කට අධික ජනතාවක් වාසය කරන අතර භූමිකම්පාව හටගන්නා අවස්ථාවේ නගරයේ බොහෝ ප
News Room
Nov 3, 20251 min read


කෙහෙළියගේ පවුලේ සාමාජිකයන්ගේ වත්කම් තහනම් කිරීමට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභ කරයි
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් තුනක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. අදාළ පෙත්සම් පිළිබඳ මූලික කරුණු සලකා බැලීමකින් අනතුරුව ජනක් ද සිල්වා මහතා ප්රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ වි
News Room
Nov 3, 20251 min read


අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද දිවයිනට
ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමග සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද (03) දිවයිනට පැමිනීමට නියමිතව තිබේ. ඒ හිමියන් අද සිට එළැඹෙන 08 දක්වා කාලය තුළ ශ්‍රී ලාංකාවේ නිල සංචාරයක නිරත වීමටද නියමිතය. ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ආරාධනාවකට අනුව මෙම සංචාරය සිදුකරනු ඇත. මෙම සංචාරය අතරතුරදී අගරදගුරු ගැල
News Room
Nov 3, 20251 min read


එංගලන්තයේ දුම්රියක සිදු වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් 10ක් රෝහල්ගත කරයි
එංගලන්තයේ කේම්බ්‍රිජ්ෂයර් හී දුම්රියක ගමන් කරමින් සිටි පුද්ගලයින් පිරිසකට එල්ල වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එරට කේම්බ්‍රිජ්ෂයර් පොලීසිය පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය. ප්‍රහාරය සිදුවන විට මගීන් ඩොන්කාස්ටර් සිට ලන්ඩන් හි කිංග්ස් ක්‍රොස් දක්වා ගමන් කරමින් සිට ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පිහි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින් 9 දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවත් ඔවුන් රෝහල් ගත කිරීමට පියවර
News Room
Nov 2, 20251 min read


කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගය අද
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර නවි මුම්බායි ක්‍රීඩාංගණයේදී අද පස්වරු 3ට පැවැත්වීමට නියමිතය. කාලගුණ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද තරගයට යම්තාක් දුරට වර්ෂාවෙන් බාධා එල්ලවීමේ සම්භාවිතාවක් ඇති බවය. නමුත් තරගය අත්හැර දැමීමට සිදුනොවෙනු ඇති බවටද අනාවැකි පලකර තිබේ. කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී එංගලන්තය පරාජය කළ දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයේ තම ස්ථානය තහවුරු කරග
News Room
Nov 2, 20251 min read


නෙවිල් වන්නිආරච්චිට ඇප
රුපියල් මිලියන 28 ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැක පිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි ඇප මත මුදා හරින ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව, සැකකරු රුපියල් 50,000 ක මුදල් ඇප හා රුපි
News Room
Oct 31, 20251 min read


ලොව උසම පල්ලිය බවට ස්පාඤ්ඤයේ 'සග්‍රඩා ෆැමිලියා' දේවස්ථානය පත්වෙයි
ලොව උසම පල්ලිය බවට ස්පාඤ්ඤයේ සග්‍රඩා ෆැමිලියා (Sagrada Família) දේවස්ථානය පත්ව ඇත. බාසිලෝනා නගරයේ ඉදිවෙමින් පවතින මෙහි මධ්‍යම ගොඩනැගිල්ල මුදුනේ කුරුසියේ පළමු කොටස තැබීමත් සමග එය ලොව උසම පල්ලිය බවට පත් තිබේ. ඒ අනුව මෙම දේවස්ථානයේ වත්මන් උස මීටර් 162.91ක් වේ. මේ සමග වසර 135ක (1890 සිට) සිට ලොව උසම පල්ලිය බවට පත්ව තිබූ ජර්මනියේ උල්ම් මිනිස්ටර් (Ulm Minster) පල්ලියේ වාර්තාව නිල වශයෙන් අභිබවා ගොස් ඇත. සග්‍රඩා ෆැමිලියා පල්ලිය ලොව විශාලතම නිම නොකළ කතෝලික පල්ලිය ද වන අතර, එය වසර 143ක
News Room
Oct 31, 20251 min read


යාපනය සරසවි පුස්තකාල සිවිලිමේ සඟවා තිබී ටී 56 වර්ගයේ මැගසින් දෙකක් හමුවෙයි
යාපනයේ විශ්ව විද්‍යාලයේ පුස්තකාලයේ සිවිලිම මත සඟවා තිබූ ටී 56 වර්ගයේ මැගසින් දෙකක් සහ පත්තරයකින් ඔතන ලද වයර් සහිත පාර්සලයක් හමුවූ බව කෝපායි පොලිසිය පවසයි. මෙම සිවිලිම අලුත් වැඩියා කිරීම සඳහා පැමිණ සිටි සේවකයින් තිදෙනකු ඊයේ (30) සිවිලිම අලුත් වැඩියා කරමින් සිටියදී එහි තුළ සඟවා තිබූ ඉහත පාර්සලය දැක ඒ සම්බන්ධයෙන් කෝපායි පොලිසිය දැනුවත් කර ඇත. එම දැනුම් දීම අනුව කෝපායි පොලිස් ස්ථානයේ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ඉහත උණ්ඩ සහ වයර් සහිත පාර්සලය පොලිස් භාරයට ගෙන ඇත. මෙම මැග
News Room
Oct 31, 20251 min read


ඉන්දියාව කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට
ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දියාව සමත් විය. තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ලෙසින් මෙම තරගය නවි මුම්බායිහි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ අද (30) පැවැත්විණි. මෙහිදී ඔස්ට්‍රේලියාවෙන් හිමි වූ ලකුණු 339ක දැවැන්ත ඉලක්කය කඩුලු 5ක් දැවී තිබියදී තරගයේ 49(48.3)වන පන්දුවාරයේදී පසුකර යෑමට ඉන්දියාවට හැකිවිය. ඉන්දීය ජයග්‍රහණයේ නියමුවරිය වූ ජෙමිමා රොඩ්රිගස් නොදැවී ලකුණු 127ක් රැස්කළාය. ඊට අමතර
News Room
Oct 31, 20251 min read


මහා බ්‍රිතාන්‍යයේ ඇන්ඩෲ කුමරුගේ 'කුමරු' පදවිය චාල්ස් රජුගේ අණින් අහිමි වෙයි
මහා බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජුගේ බාල සහෝදරයා වන ඇන්ඩෲ කුමරු යෝර්ක් ආදිපාද තනතුර අත්හැරීම හේතුවෙන් ඔහුගේ 'කුමරු' පදවිය අහිමි කිරීමට බකිංහැම් මාලිගය කටයුතු කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් චාල්ස් රජු අණකර ඇත්තේ මින් ඉදිරියට ඇන්ඩෲ කුමරුව ඇන්ඩෲ මවුන්ට්බැටන් වින්ඩ්සර් ලෙසින් හඳුන්වන බවය. ඒ අනුව 'කුමාරයා' පදවිය අහිමි වූ ඇන්ඩෲ කුමරුට ඔහු 2004 වසරේ සිට ජීවත් වූ වින්ඩ්සර් මාලිගය හැර යාමට සිදුවේ. ළමා අපචාර චෝදනා ලැබූවෙකු වන මේ වනවිට ජීවතුන් අතර නොමැති අමෙරිකානු ජාතික ජෙෆ්රි එප්ස්ට
News Room
Oct 31, 20251 min read


විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දීමට 1818 ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වාදෙයි
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ. ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ ඉල්ලීම මත හඳුන්වා දුන් ‘1818’ ක්ෂණික දුරකථන අංකය ඔස්සේ මහජනතාවට, දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම, බෙදා හැරීම හෝ ඒ ආශ්රිත සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දීමේ හැකියාව පවතී. අදාළ නිවේදනය පහතින්.
News Room
Oct 30, 20251 min read


කොළඹ කොටුව රේගු මූලස්ථානයේ තිබී ජීව උණ්ඩ දෙකක් හමුවෙයි
කොළඹ කොටුව රේගු මූලස්ථානයේ තුන්වැනි මහලේ තොරතුරු තාක්ෂණ අංශයේ තිබී ජීව උණ්ඩ දෙකක් හමුවූ බව කොටුව පොලිසිය පවසනවා. ටි 56 ජිව උණ්ඩයක් හා බෝර 12 වර්ගයේ ජීව උණ්ඩයක් එහි තිබී හමුව තිබෙනවා. රේගු මූලස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල්වරයා කොටුව පොලිස් ස්ථානයට ලබාදුන් දුරකථන පණිවුඩයක් අනුව තොරතුරු තාක්ෂණ අංශයේ සහකාර රේගු නිලධාරීන්ගේ විවේක කාමරයේ තිබී එම ජීව උණ්ඩ සොයාගෙන තිබුණා. මෙම ජීව උණ්ඩ කවුරුන් විසින් රැගෙන ආවාද යන්න සොයා අපරාධ පරීක්ෂණ නිලධාරින් සහ ඇඟිලි සටහන් කාර්යාලයේ නිලධාරින්, නිල සුනඛ
News Room
Oct 30, 20251 min read
bottom of page


