top of page


ආපදා තත්ත්වය හමුවේ වැඩි මිලට බඩු විකුණුවොත් වැඩ වරදී
ආපදා තත්ත්වය හමුවේ භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා. ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් දැනුම්දෙන ලෙසයි එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඒ අනුව, දිස්ත්‍රික්ක මට්ටමින් පිහිටුවා ඇති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කාර්යාල වෙත එම පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.
News Room
Dec 2, 20251 min read


ප්‍රවීණ ගායනවේදිනී පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය. මියයන විට 79 වැනි වියේ පසුවූ පුන්‍යා ගායනා කළ ‘දෑස වසාගමි, බකිණි ගඟේ, දෙනුවර මින් පසු’ වැනි ගීත රැසක් ජනප්‍රියත්වයට පත්විය. ගුවන් විදුලියේ වැඩ සටහන් නිෂ්පාදිකාවක ලෙස ද ඇය කටයුතු කළ අතර, එම වැඩසටහන් ශ්‍රාවකයන් අතර ජනප්‍රියත්වයට ද පත්විණි. ගායක ගායිකා සංගමයේ ක්‍රියාකාරි සාමාජිකාවක වූ ඇයගේ දේහය පිළියන්දල පිහිටි බොරලැස්ගමුව මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අ
News Room
Dec 1, 20251 min read


ආපදා කලාපවල ඩ්‍රෝන යානා පියාසර කිරීමෙන් වළකින ලෙස ඉල්ලයි
ආපදා කලාපවල ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය ගුවන් ගමන්වලට අනවසර ඩ්‍රෝන ක්‍රියාකාරකම් බාධා කරන බැවින්, එම ප්‍රදේශවල ඩ්‍රෝන යානා පියාසර කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව (SLAF) මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව දැඩි ලෙස අවධාරණය කරන්නේ අනතුරුදායක ගලවා ගැනීමේ ගුවන් ගමන්වලට බාධා නොකිරීමට, ආපදා කලාපවල ඩ්‍රෝන යානා පියාසර කිරීමෙන් වලකින ලෙසයි. එමෙන්ම, සියලුම ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීම් සහ ගොඩබෑම් කටයුතු 0112343970, 0112343971 සහ 115 ක්ෂණික ඇමතුම් අංක යටත
News Room
Dec 1, 20251 min read


හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. ඒ අනුව, එළඹෙන බදාදා (03) දින කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයට සියලු පක්ෂ නායකයින් රැස්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. දරුණු ස්වභාවික විපතකදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ සාර්ථකව මුහුණදී ලැබූ අත්දැකීම් අනුව, ඉදිරියේදී ගත යුතු පියවර පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සඳහන් කර සිටියා. 2003 සහ 2016 වසරවල ඇති වූ ගංවතුර ව්‍යසනයේදී
News Room
Dec 1, 20251 min read


චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි
මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට 94 වැනි වියේ පසුවූ ඒ මහතා කලක් ගම්පහ චිත්‍රා ෆොටෝ ස්ටුඩියෝ අධිපති ලෙස කටයුතු කළේය. මහගමසේකර අධ්‍යක්ෂණය කළ එකම චිත්‍රපටයක්, ගාමිණි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටයත් නිෂ්පාදනය කළේ චිත්රාය. ඔහු බෙල්ලන්විල රජමහ විහාරස්ථානයේ ක්‍රියාකාරි සාමාජිකවරයකු ද විය. ඔහුගේ දේහය බෙල්ලන්විල කර්නල් මාවතේ ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අ
News Room
Dec 1, 20251 min read


ආපදා තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත් වූ ගණන 355ක් දක්වා ඉහළට
දිවයින පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාව අනුව, ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 355 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම, අතුරුදහන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 366ක් බවයි එම වාර්තාවේ සඳහන්. අවතැන්ව සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින පවුල් සංඛ්‍යාව 59,266 ක් වන බවත්, අවතැන්ව සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින පුද්ගලයින් සංඛ්‍යාව 209,568 ක් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන්.
News Room
Dec 1, 20251 min read


චමල් අල්ලස් කොමිසමට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අද (01) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතා මෙලෙස අල්ලස් කොමිසමට පැමිණ ඇතැයි වාර්තා වේ.
News Room
Dec 1, 20251 min read


පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය දැනුම්දෙන තුරු නවතයි
පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය ඔස්සේ සියලුම රථවාහන සඳහා ගමනාගමනය අද (27) දින සිට නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් නතර කිරීමට කටයුතු කර තිබෙනවා. පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය, ගල්ලෑල්ල ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
News Room
Nov 27, 20251 min read


වාහන මිල පහතට
ආනයනික මෝටර් වාහන සඳහා වූ pent-up demand මේ වන විට ස්ථාවර වී ඇති බවත් වෙළඳපල තත්ත්වයන් වැඩිදියුණු වීමත් සමඟ වාහන මිල තවදුරටත් පහත වැටෙනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචන රැස්වීමේදීයි. ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී විවෘත කරන ලද ණයවර ලිපි (LCs) වැඩිවීම නිසා ඉල්ලුම අපේක්ෂා කළාට වඩා ඉහළ ගිය බව ඔහු පැවසුවා. කෙසේ වෙතත්, පසුගිය මාස දෙක තුළ මෙම ඉල්ලුම අඩු වී ඇති අතර, එය දිගින් දිගටම අඩුවෙමින
News Room
Nov 27, 20251 min read


බෙන්තර පැරණි පාලම කඩා වැටෙයි
වසාදාමා තිබු බෙන්තර පැරණි පාලමේ දකුණු කොටස ඊයේ (26) රාත්‍රියේ කඩා වැටී තිබේ. 1902 දී පමණ ඉදිකර ඇති මෙම පාලම ගාලු පාරේ බස්නාහිර පළාත හා දකුණු පළාත යාකරන ප්‍රධාන ස්ථානයකි. දැනට වසර කිහිපයකට පෙර පාලම අබලන් වී තිබූ බැවින් නව පාලමක් ඉදිකර පැරණි පාලම වසා දැමීමට එවකට සිටි රජය කටයුතු කර තිබුණි. මෙම පැරණි පාලම බොහෝ සංචාරකයන් හා ඡායාරූප ශිල්පින් පසුගිය කාලයේ ඡායාරූපගත කිරීම් සඳහා භාවිත කරන්න වූ ස්ථානයකි.
News Room
Nov 27, 20251 min read


කාලගුණය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි; ආපදා මරණ 31යි
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 210km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.9°N සහ දේශාංශ 82.6°E ආසන්නයේ කේන්ද්‍රගතවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කරනවා. එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් තීව්ර වීමට බොහෝ දුරට ඉඩ ඇති බව සඳහන්. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවිය හැකියි. රට තුළ
News Room
Nov 27, 20251 min read


ජාජබ මන්ත්‍රිනීගේ විදුහල්පති සැමියා යළි රක්ෂිත බන්ධනාගාරගත කරයි
අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළඹෙන දෙසැම්බර් 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, එම විදුහල්පතිවරයා අද (26) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ. ජාතික ජන බලවේගයේ හිටපු නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා වන අදාළ විදුහල්පතිවරයා පසුගියදා හෙරොයින් කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 118 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණු අතර, එම සිද්ධියෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ
News Room
Nov 26, 20251 min read


ඉතියෝපියාවේ Hayli Gubbi ගිනි කන්ද වසර 12,000කට පසු පුපුරා යයි
ඉතියෝපියාවේ ඊසානදිග කලාපයේ පිහිටි හේලි ගුබ්බි (Hayli Gubbi) ගිනි කන්ද වසර 12,000 කට පමණ පසු පළමු වරට පුපුරා ගොස් තිබෙනවා. මෙම පිපිරීම හේතුවෙන් පිට වූ අළු වලාකුළු රතු මුහුද හරහා යේමනය සහ ඕමානය දෙසට ගමන් කරමින් පවතින බවයි විදෙස් වාර්තා පවසන්නේ. තවත් වාර්තාවකට අනුව, ඉන්දියාව සහ උතුරු පකිස්ථානය පුරා ද ව්‍යාප්ත වී තිබෙනවා. මිචිගන් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ගිනිකඳු විද්‍යාඥයෙකු සහ මහාචාර්යවරයෙකු වන සයිමන් කාන් තහවුරු කළේ, අවසාන අයිස් යුගය අවසන් වීමෙන් පසු වසර 12,000 කට පමණ පෙර ආර
News Room
Nov 26, 20251 min read


ඉදිරි පැය 24 පීඩන අවපාතයක් දක්වා වර්ධනයක්
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති අඩු පීඩන කලාපය ඊයේ මධ්‍යම රාත්‍රීය පමණ වන විට ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකියි. මෙම පද්ධතියේ බලපෑමෙන් දිවයිනේ වැසි සුළං තත්වයේ වැඩි වීමකර ඉදිරි දින කීපයේදීත් බලා පොරොත්තු වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත්කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානය යොමුකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. දිවයිනේ බොහෝ ප්‍රද
News Room
Nov 26, 20251 min read


365,951කට රැකියා නෑ
වර්තමානය තුළ මෙරට පුද්ගලයින් තුන්ලක්ෂ හැටපන්දහස් නවසිය පනස් එකක (365,951) පිරිසක් රැකියා විරහිතභාවයෙන් පෙළෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (26) පාර්ලිමේන්තුවේ දී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව සඳහන් කර සිටියාය. 2024 ශ්‍රම බලකා වාර්තාවට අනුව 2024 වසරේ 4.5ක් වූ පළමු කාර්තුවේ විරැකියා අනුපාතය 2025 දී 3.8ක් දක්වා පහළ ගොස් ඇති බවද එහිදී ඇය අවධාරණය කර සිටියාය. එමෙන්ම 2024 වසරේ දෙවන කාර්තුවේ 4.7ක්ව පැවති විරැකියා
News Room
Nov 26, 20251 min read


කෝටි ගණනක දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 3ක් ගුවන්තොටුපලේ දී දැලේ
රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර ඔවුන් අලුත්ගම, යටියන්තොට සහ මාවනැල්ල ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයන් තිදෙනෙක් බව වාර්තා වේ. ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ තිබී " ප්ලැටිනම්'' වර්ගයේ දුම්වැටි 119,000ක් අඩංගු දුම්වැටි කාටූන් 595ක් පොලීසිය විසින් සොයා ගෙන ඇත. අදාළ පුද්ග
News Room
Nov 26, 20251 min read


ප්‍රතිපත්ති ස්ථාවරය වෙනස් නොවේ
ඊයේ (25) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 7.75 මට්ටමේම නොවෙනස්ව පවතිනු ඇත. දේශීය හා ගෝලීය ප්රවණතා ඉතා දැඩිව සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ. වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5%ක ඉලක්කයක් කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මණ්ඩලයේ අදහසයි.
News Room
Nov 26, 20251 min read


පහල කඩුගන්නාවේ සිදු වූ නායයාමෙන් දිවි බේරාගත් නිශාන්තිගේ බිහිසුනු කතාව
පහල කඩුගන්නාවේ සිදු වු අනතුරෙන් වයස අවුරුදු 56 ක් හාලියද්ද, දන්තුරේ පදිංචි චන්දිකා නිශාන්තිගේ ජිවිතය බේරි තිබුණේ පුදුම සහගත ලෙසයි. ඇය සුළු තුවාලයක් පමණක් ලබා මෙලෙස ජිවිතය බේරි තිබු අතර අද 23 මාවනැල්ල රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව යන අවස්ථාවේ ඇයගෙන් මේ බිහිසුළුණු අනතුර සම්බන්ධයෙන් අප විමසා සිටියේය. ඇය මුහුණ දුන් ත්‍රාසජනක සිද්ධිය විස්තර කළේ මේ අයුරිණි. මහත්තයා මිනින්දොරු දෙපාර්තමේන්තුවේ ඉදලා විශ්‍රාමිකව ඉන්නේ මාගේ මහත්තයාගේ පඩිය අඩුයි. දුවට උගන්වන්න විසිදාහක් විතර වියදම යන නි
News Room
Nov 24, 20252 min read


අමෙරිකානු තානාපතිනිය හා අග්‍රාමාත්‍යතුමිය අතර හමුවක්
ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි Julie Chung සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පවත්වා තිබෙනවා. ඒ අනුව, මෙම හමුවේ දී තානාපතිනිය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කරනු ලබන සාම බලකා (Peace Corps) අධ්‍යාපන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන පිළිබඳවත්, අනෙකුත් සහයෝගීතා වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳවත් සඳහන් කර ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ. ජාත්‍යන්තර අධ්‍යාපනික හා සංස්කෘතික හුවමාරුව මුල් කර ගනිමින් එක්සත් ජනපද රජය
News Room
Nov 24, 20251 min read


පකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
පකිස්ථානයේ වයඹදිග පෙෂාවර් නගරයේ පිහිටි පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත. මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු මෙම ස්ථානයට පැමිණ ඇති අතර ඉන් එක් අයෙක් මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අසළ බෝම්බය පුපුරවා හැර තිබේ. අනෙක් පුද්ගලයා හමුදා මූලස්ථාන පරිශ්‍රය තුළ දී බෝම්බය පුපුරවා හැර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
News Room
Nov 24, 20251 min read
bottom of page


